..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, August 11, 2016

නුග රුකට ලියමි

නුග රුකට ලියමි


තරු එක දෙක අහසේ මතු වෙන ලෙස

නුඹ ගැන මතකය බැබලෙනවා

සීතල හිත යට උණුසුම් ගිනි දළු

ලෙස නුඹ ගත සිත පුබුදනවා


ආයෙත් එන්න ද ?



මේ ලෙස ඉන්න ද ?



හිටි පියවර නෑ සෙලවෙන්නේ


මේ ලෙස ඉන්නට බෑ නුඹෙ සෙවනට


අත වනපන් දුවගෙන එන්නේ



නුඹ අත වනනකම් බලා ඉන්න


මම


වත්සලා

6 ප්‍රතිචාර:

ලේ පාට හීන said...

ආයෙත් එන්න... ඒකටනෙ මේ බලන් ඉන්නෙ. ආයෙත් එන්න. තේරුමක් නෑ ඈතින් ඉඳල.

දේශක යා said...

බ්ටිටුපුල්

රසිකොලොජිස්ට් - Rasikologist said...

නූතන ගජමන් නෝනා ගේ නුග රුක වර්ණනා කවිය.

රසිකොලොජිස්ට් - Rasikologist said...

මෙන්න ඔරිජිනල් ගජමන් නෝනා ගේ දෙනිපිටියේ නුග රුක වර්ණනා කවිය.

පිනවන දුටු දන සෑම
ගඟ ලඟ පිහිටි කදීම
තුරුපෙල අවට සැදීම
යුත් සෙවනැල්

ගන මේ කැලෙව් දිලීම
විහඟුන් මත රැව්දීම
සුළඟින් පත් ලෙලදීම
ඇති හැමකල්

යන එන දන සැමගේම
එහි ඉඳ නිවී සැනසීම
දස දිග අතු විහිදීම
තිබෙන විසල්

දෙනිපිටියට ඉතාම
වටිනා මහ නුග දුම
බලයකි එහි සිත් පේම
නිලඹර දුල්

සැමවර දන මන නන්ද
පලබර පුලුපු උයන්ද
තෙක වතු කුඹුරුවලින්ද
සැදි දෙපසේ

පෙම කරවන නිතියෙන්ද
සල්පිල් සහ ගෙවලින්ද
එහි සරණා මැතියෙන්ද
සැණ කෙලි සේ

කවියර බඩු සිතියන්ද
දැනගත් සිපි ඇදුරන්ද
සැදි දෙනිපිටිය නමින්ද
යුත් පියසේ

නුගතුර තුනු රුසිරෙන්ද
පලකර සක් දෙවියන්ද
පරසතු රුක විලසින්ද
නිබඳ දිසේ

.

Rasika Gunawardana said...

අපි සිටිමු
දුරින්
නැවතත් නො එනා ලෙස
අප නොහඳුනනා ලෙස

Duminda Abeysekara said...

මතක හිතින් දුක්වෙලා
ඉන්න එපා තනිවෙලා
සෙවන සොයා පියඹලා
එන්න ළගට වත්සලා.....

ජයවේවා!!!


Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...