..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, August 10, 2016

ඇය , ඔහු , මම සහ විභාගය


ඇය , ඔහු , මම සහ විභාගය

=========================




ඇය :- 


ගෙදර තියන නිල් , කළු පෑන් සියල්ල ද, පැන්සල් , මකන කෑලි අඩි රූල් සියල්ල ද, ඒත් හිතට මදි නම් මදි පාඩුවට කඩයෙන් තවත් පෑන් පැන්සල් මිටියක් ද රැගෙන විභාගයට එන්නීය. 

වතුර පිර වූ ප්ලාස්ටික් බෝතලය පය පාමුලින් තබා , පෑන් පැන්සල් මකන සහ අඩි රූල් මිටිය ද රෝස පැහැති මල්වැටුන සුදු පැහැති පුංචි ලේන්සුව ද පිළිවලට ඩෙස්කය මත තබයි. 

තරමක විශාල අත් ඔරලෝසුවද මුහුණත පෙනෙන පරිදි ඩෙස්කය මත තැබීමට ඇය වෙහෙසෙන අතර කුඩා ඩෙස්කය මත කිහිපවරක් තබන ස්ථාන වෙනස් කරමින් බලමින් අවසානයේ දී පළමුවෙන්ම ඔරලෝසුව තැබූ තැනින්ම එය ස්ථාන ගත කර වතුර බෝතලයෙන් වතුර උගුරක් බී , පෑන් මිටියෙන් තේරු පෑනක් රැගෙන සුබ බොහොතින් ඇය විභාගයට පිළිතුරු ගොතයි.



ඔහු :- 


විභාගය ආරම්භ වීමට නියමිත අවසන් තත්පරයේ දුවගෙන විත් කිසිදු කලබලයකින් තොරව තමාට හිමි ස්ථානයේ අසුන් ගන්නා අතර සාක්කුවෙන් ඉවතට ගන්නා එකමෙක පරණ පෑනකින් විභාගයට පිළිතුරු ලියයි.




මම :- 


මටත් මෙවැනි වයසක් තිබුනා දැයි ඔවුන්ගේ පිළීතුරු පත්‍ර වෙත එඹමෙින් සොයමි'


විභාගය :- කිසිවෙකුටත් යටත් නොවන අතර අවසන් මිනිත්තුව තෙක් ගලා යයි....

8 comments:

  1. ඉස්කෝලේ සුවඳත් දැනුනා මට නම්....!

    ReplyDelete
  2. මමත් එහෙමයි විභාගෙ ලිවුවෙ

    ReplyDelete
  3. මමත් ආවේ අන්තිම මොහොතේ, ඇත්තටම "ඇය" එහෙම කරනවද කියලා මට බලන්න හිතිලම නැනේ, ඔබ කිව්වාම මතක් කරලා බැලුවා.. ම්හූ... මට එහෙම එක්කෙනෙක්වත් දැක්ක කියලා මතක නැනේ...

    ReplyDelete
  4. mamath ohomai . . last moment enne :D

    ReplyDelete
  5. එකෙම්ම ඔය මං වගේම ඩයල් එකක්...අපේ පංතියෙ ඉන්න ටීචලාට හෙන ප්‍රශ්නෙ මම පෑනක් විතරක් ගෙනියන එක...:D

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...