..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, August 6, 2016

නින්ද

නින්ද





නින්ද කියන්නේ සුරංගනා ලෝකෙන් අපට ලැබුනු තෑග්ගක්. එහෙම හිතුවෙ පුංචි කාලේ. ආන්න ඒ තෑග්ගට ස්තූති කරන්න තමා පුංචි කාලේ මල් වගේ පුංචි ළමයි නින්ද ගියාම ලස්සනට සුරංගනාවියෙ එක්ක හිනා වෙන්නේ.

නින්ද සිරාවටම නින්දක් බවට පත්වෙන්නේ අවුරුදු 8-10 විතර කාලයේ. හවස් වරුවම කණ් රත්වෙන්න සෙල්ලම් කරල ඇදට වැටුනු ගමන් නින්ද ලගාවෙන්නේ ආන්නේකයි.

ඒත් ඔය වයස පහු වෙච්චි ගමන් රෑට රෑට නින්ද අහලකටවත් එන්නෙ නැති වෙනවා. රෑට ඇස් නොපියවීම හීන පේන්න ගන්නෝ...ඔන්නොහෙම නැති වෙන නින්ද අන්තිමට සමහරුන්ට නම් සදාකාලික නින්දක් බවටත් පත් වෙනකම්ම දුර දිග යනවා.

ඔය නින්දක් නැති කාලේ කොහොමින් කොහොම හරි පහුකර ගත්තා කියන්නේ ඊළගට එන්නේ නින්ද එනවට පස්ස වතුර බේසමේ ඔබා ගන්න කාලේ.

සමහරුන්ට නින්ද එන්නෙ කකුල දිගේ නිසා එයාල කකුල් වතුර බේසමේ ඔබා ගන්නවා. මට නම් ඒ කාලේ හැම හවස්වරුවම නිදි ලෝකයක්.... මට නින්ද එන්න පටන් ගන්නේ ඇසි පිල්ලමේ අග්ගිස්සමෙ ඉදන්. මුළු ලෝකෙම බර ඇස්පිල්ලම උඩට එද්දි  මොහොතකට විතරක් ඇවිත් යන නින්ද පුදුමාකාර වාසනාවක්....ආන්න ඒ වෙලාවට නිදිනෑ වගේ ඉන්න , නිදිනෑ වගේ පෙන්වන විවිධ ඉරියවු දියුණූ කර ගත යුතු වෙනවා.


බේසම් නින්ද නැති කරන් ගොඩ ගිය අයට ඊලගට එළඹෙන්නේ සුවසේ නිදන්න  පුලුවන් කාලයක්. එහෙම නැතිව නිදාගෙනම හිටි අයට පස්සෙන් පහු කාලේ නින්දක් නැති වෙනවා.

ඊට පස්සෙ එන්නේ “මල් කැඩීම “ කියන අවදිය නිසා මේ සුන්දර නින්ද එන්නෙ නැති කාලයක්. දෙයියනේ කියලා මට නම් මොන මල කැඩුවත් අතේ දුරකතනය තියන් හෑන්ෆ්‍රී කනේ ගහන් හ්ම්...හ්ම්... කිය කිය නිදියල හොදට පුරුදුයි.



ඊළගට එන්නේ මල් කැඩීම සාර්ථක උනාට පස්සෙ තුරුළු වෙලා නිදියන ඒ සුන්දර කාලය.ඒ කාලය කෙලවර වෙන්නේ නින්ද නැති කරන සුරතලෙක් තිලින වෙලා තමා. ආයෙත් නින්ද නැති වෙන්නෙ මහ නරකම විදිහට. බබාට අන්දන නැපි ඔෆිස් අරන් එන ,නින්දෙන් වගේ ඇවිදින ඒ කාලේ කට්ටිය බෙල්ල කඩාන නිදියන්නෙම බස් එකේ........

ඔහොම ගිහින් ඇහැකණ පියන් නිදියන්න බැරි කාලයක් ආපහු එන්නේ කොන්දෙ අමාරු , දණිස් පොල්කට්ටෙ අමාරු , වාත අමාරු අර සුර නින්ද සොරා ගන්න නිසා.....

අන්තිමේදි අපිව සදා නින්දට යනකම්ම හිතේ හැටියට නින්දක් නිදා ගන්න ලැබෙන්නෙ නම් වාසනාවන්තයින්ටම විතරයි.


නිදි විකාරෙන් නින්ද ගැන ලීව
මම
වත්සලා

11 comments:

  1. නින්ද ගැන සුන්දරම සුන්දර විග්‍රහයක්

    ReplyDelete
  2. නින්ද තමයි මගේ ප්‍රියතම විනෝදාංශය

    ReplyDelete
  3. නිදි විකාරෙන් ලිව්වත් අපූරු ලස්සනට නින්ද ගැන ලියල තියනවා...දෙවියනේ කියල මට දෙවියන්ගෙන් ලැබුන තෑගී වලින් එකක් තමයි නින්ද...

    ReplyDelete
  4. මට නම් ඕනි තරම් නිදාගත්තු හැකි.

    ReplyDelete
  5. නින්ද නම් තැග්ගක් තමා , හැමෝටම ඕක ලැබෙන්නෙත් නැනේ.. ලැබුනාම උපරිම ප්‍රයෝජන ගන්න ඕන....:)

    ReplyDelete
  6. නින්ද ගැන සුන්දර විග්‍රහයක්.

    ReplyDelete
  7. නින්ද මතක් කරනකොටත් බය හිතෙන වෙලාවල් තියනවා.අතක් පයක් කැඩුනු කෙනෙක්ට නින්ද ගියාම එව්ව රිදෙන පොසිශන් සෙට් වෙලා චූ යන වෙලාවල් එනවා..
    දුක හිතුනමත් හොඳම බෙහෙත නිදා ගන්න එක.නින්දෙදි දුක දියවෙනවා
    ජයවේවා..!!

    ReplyDelete
  8. ඒකනේ..... පුලු පුලුවන් කාලේ සූ ගාලා නිදාගන්න ඕන.....

    ReplyDelete
  9. නින්ද නේන රාත්තිරියේ මේ පාලු කාන්සියේ..පා යා අරුන්දතී තරුවෙන් එන්න කාං සියේ..

    ReplyDelete
  10. හානේ, වත්සලා ඔයා .... හි හි

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...