..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, July 10, 2016

Shadow Friends - සෙවනැලි මිතුරන්

Shadow Friends
-------------------- 
සෙවනැලි යාළුවා
======================


ෂැඩෝව් ඇමති මණ්ඩලය මේ කාලේ බහුලව කතා බහට ලක් වුවත් ,මීට කලින් මම ඔය ෂැඩෝව් තියරිය ගැන දැනන් හිටියා.

ඒ මෙහෙමයි ,

රජයේ කාර්යාල වලින් වැඩක් කර ගන්න ගිය අය දන්නව ඇති අදාළ විෂයය සම්බන්ධ  රා.කළ.සහකාර , ඉස්සර නම් ලිපිකරු හෝ ලිපිකාරිණිය නැත්තම් ආයතනේ ලොක්කටවත් බෑ ඒ ලිපි ගොනුව සම්බන්ධව මැදිහත් වෙලා අදාළ රාජකාරිය කරල දෙන්න.

කොටින්ම  ඔයා ගේන ලියුමට අදාළ ලිපිගොනුව භාරව ක්‍රියා කරන විෂය ලිපිකරු නැතිනම් වෙන කාටවත්ම ඔයාගේ ලිපිය අදාළ නෑ....

මෙන්න මේ විදිහට රාජකාරි පමා වෙනවට සහ මහජනයා රස්තියාදු වෙනේක නතර කරන්න , කාර්යාල වලට තමා ඔය ෂැඩෝව් එක මම දන්න තරමින් ඉස්සරෝම වැටුනේ.....

එතනදි වෙන්නේ එකම විෂයට එම විෂය භාර ලිපිකරුට අමතරව “ෂැඩෝව් ලිපිකරුවෙක් / සෙවනැලි නිළධාරියෙක් “ පත් කරනවා. එතකොට අදාළ නිළධාරියා නැති වුනත් ෂැඩෝව් ඔෆිසර් ගෙ වගකීම තමා ඒ රාජකාරිය සොයා බලා අදාළ කටයුතු කරනෙක.

දැන් ඔයාල හිතාවි දෙන්නම එක දවසෙ නැති වුනොත් මොකද වෙන්නේ කියලා.

දෙන්නටම එකම දවසක නිවාඩු අනුමත නොකරන්න ආයතන ප්‍රධානියා කටයුතු කරන්න ඕනි. ඔන්න ඒ දෙන්නම නැති නම් ඔයාට පුළුවන් ආයතන ප්‍රධානියාගෙන් ගිහින් කෙළින්ම මේ සම්බන්ධව විමසන්න.

දැන් මම කාර්යාල සේවයෙන් අයින් වෙලා ගුරු වෘත්තියට පිවිසිලා ටිකක් කල් වුනත් මට මගේ සෙවනැලි නිළධාරියා විදිහට හිටපු සහෝදරී මට සලකපු විදිහ මට හොඳට මතකයි.........



මේ සෙවනැලි ගැන ආයෙ මට මතක් වුනේ පාර්ලිමෙන්තු සෙවනැලි ඇමති මණ්ඩලයක් පත් කරන කතාව කණින් කොණින් ඇහෙන්න ගත්තට පස්සේ. ඉතින් මං හිතුවා මගේ පාසලේ මම උගන්වන පන්තියටත් මේ “සෙවනැලි ක්‍රෙම් - සෙවනැල්ල “ අරන් යන්න. 

පන්තියක උනත් පුංචි කල්ලි තියනවා කියලා ඉස්කෝලෙ ගිය කවුරුත් දන්න දෙයක්.මම උගන්වන පන්ති තුනේමත් එ් වගේ පුංචි පුංචි කල්ලි තියනවා.මේ කල්ලි වලදි ගොඩක් වෙලාවට වෙන්නේ වැඩ බැරි ළමයි එක කල්ලයකටත් , වැඩ පුළුවන් දක්ෂ ළමයි වෙනමත් කල්ලි වෙනේක. 

මීට වඩා අපගමනය වෙච්චි කල්ලි නැතිවම නෙමෙයි .හරියට 12 බයෝ ක්ලාස් එකේ හිටි මං වැඩිපුර හිටියේ 12 - කලා පන්තියෙ වගේ වුනාට එවැනි කල්ලි ගැසීම් ඉතාම දුර්ලභයි....


ඉතින් මං කල්පනා කළා මේ කල්ලිවාදය වෙනස් කරන්න...විද්‍යා විෂය ට මම පටන් ගත්තා “ෂැඩෝව් ෆ්‍රෙන්ඩ්ස් “ ක්‍රමය.පාර්ලිමේන්තුවත් ෂැඩෝ වෙච්චි එකේ ඉස්කෝලෙ පන්තියකට ඒක ආහම මක් වෙනවැයි.හැබැයි ක්‍රෙම් ටිකක් වෙනස්..............

ක්‍රෙම් මෙහෙමයි.................

පන්තියෙ විද්‍යා විෂයට වැඩිම ලකුණු තියන ළමයා , පන්තියෙ අඩුම ලකුණු තියන ළමයගේ “සෙවනැගි යාළුවා “ වෙනවා. එතකොට ලකුණු අඩු යාළුවා ගැන වගකීම ගන්න වෙන්නේ අර වැඩි ලකුණු තියන සෙවැනැලි යාළුවට. එයා දැන ගන්න ඕනි තමන්ගේ යාළුවගේ විෂය දැනුමෙ අඩු ලුහුඩුකම් හොයලා බලල එයාට උදව් කරන්න. කොටින්ම තමන්ගේ සෙවනැල්ල වගේ බලාගන්න.

මේකෙ දී මම තමා යාළුවන් දෙන්නව හඳුන්වලා දෙන්නේ. මේ වාරේ දී මේ ක්‍රමයේ සාර්ථකත්වය මනින්න දැන් නම් කල් මදි. හැබැයි තුන්වන වාරයේ දී තමන්ගේ සෙවනැලි මිතුරාගේ දියුණුව අනුව හොඳම සෙවනැලි යාළුවට තෑග්ගක් මයෙ ගානේ..........

අදාළ නැති වුනත් මේ සටහනත් සෙවනැල්ලක් ගැන - ගෙදර ආපු වෙලේ ඉදන් , මගේ හෙවනැල්ල වගේ ඉන්න මගේ සුරතල් බල්ලාගේ නමත් “ෂැඩෝව් “


Show more reactio

10 ප්‍රතිචාර:

kawindu jayasinghe said...

//පන්තියෙ විද්‍යා විෂයට වැඩිම ලකුණු තියන ළමයා , පන්තියෙ අඩුම ලකුණු තියන ළමයගේ “සෙවනැගි යාළුවා “ වෙනවා. එතකොට ලකුණු අඩු යාළුවා ගැන වගකීම ගන්න වෙන්නේ අර වැඩි ලකුණු තියන සෙවැනැලි යාළුවට. එයා දැන ගන්න ඕනි තමන්ගේ යාළුවගේ විෂය දැනුමෙ අඩු ලුහුඩුකම් හොයලා බලල එයාට උදව් කරන්න. කොටින්ම තමන්ගේ සෙවනැල්ල වගේ බලාගන්න.// මේ සෙවනැලි වැඩේ නම් නියමයි.. ඉම්ප්ලිමෙන්ට් කරන්න වටිනවා හැම පාසලකම . මම අහලා තියෙන හැටියට අප ඉන්නා රටේ buddy විදිහට පාසැල් සේවා ආයතන ආදියේ ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රමයයි.. ජයවේවා !!

Cricket Ape Cricket said...

ඔව් ඉතිං බලු තඩියව කොහෙන් හරි ගාවගන්න එපැයි නේ... නැත්තං හිතට මොකද්ද වගේ නේ....

Lalith perera said...

Good job teacher ..

නාඩියා නාඩිරත්න said...

අපේ ඉංග්‍රීසි මිස් ඉස්සර ඔය වැඩේ පාවිච්චි කළා! සාර්ථකයි

පොකුරු වැහි said...

ඒක ඇත්තෙන්ම පාසැලක සාර්ථක ක්‍රමයක්...8,9 වසර වල මමත් ඔය shadow වැඩේ කළා...සමහර වෙලාවට ඒ දේ හරිම අසීරුයි..විශ්ෂයෙන් ගණිතය වගේ විෂයකදී...තමන්ගේ වැඩෙත් කරන ගමන් තමන්ගේ යාළුවට පැහැදිලි කරන එක...සමහර අයට කොයි තරම් පැහැදිලි කලත් නොතේරෙන වෙලාවල් තියනවා...

තිසර said...

මන්ද මට නම් හිතෙන්නේ නෑ ඒක ගොඩක් හොඳ ක්‍රමයක් කියලා. වැඩට දක්ෂ, අදක්ෂ කියන මිනුම් දණ්ඩම තමයි මෙතනදිත් පදනම වෙන්නේ. ඒ වගේ කිසිම මිණුම් දණ්ඩක් නැතුව හැමෝම එකිනෙකා අඳුනගන්න උනන්දු කරවන ක්‍රමයක් හොඳයි කියලා මට නම් හිතෙන්නේ...

Ajith Dharma said...

හොඳ ක්‍රමයක්. මගේ දුවලාගේ විදුහලේ මේ ක්‍රමය තිබෙනවා. බොහෝ විට පොත් කියවන්නේ නැති ළමයි සඳහා හා අලුතෙන් එන ළමයි සඳහා.

Ajith Dharma said...

http://nelumyaya.com/?p=6178

නිම්නයක තනි වී හීන දකින්නී. said...

මට මතකයි අපි 10 වසරේ ඉන්න කොට අපෙත් සිංහල ගුරුතුමිය ( පංතිභාර ගණිත ගුරුතුමියට තමයි එය පැවරිලා තිබ්බේ ) ඔය වගේ shadow ක්‍රමේට වැඩ බැරි අයයි පුලුවන් අයයි බෙදලා පන්තියේ ඉඳගන්න ඕන තැනත් අපිට නියම කලා දවසක්.. එදා අපි හැමෝම ඇඬුවා.. මොන දේ කොහොම උනත් අපේ හොඳම යාලුවන්ගෙන් මිදිලා පන්ති කාමරේ ඇතුලේ ඉන්න අපි කැමති උනේ නැ.. මම හිටියේ 11 දෙනෙක් විතර හැදුනු ලොකු කන්ඩායමක..

අපේ නොසන්සුන් හැඟිම්බර ක්‍රියාවලිය නිසා එදා ඒ වැඩේ සාර්ථක උනෙත් නැ, වෙන වැඩක් කලෙත් නැ..පහුවෙනිදා අපි පුරුදු විදිහටම යාලුවන් එක්කම ඉඳ ගත්තා. අපි ගැන හොඳින් දන්න අපේ මානසික මට්ටම් හොඳින් තේරුන් අරන් හිටිය පංතිභාර ගුරුතුමිය අපිව එහෙම එක පාර කඩල වෙන කලේ නැ.

වැඩ බැරි අයට පුලුවන් අය ඒ ඒ විෂයට අඳාලව උදව් කිරීමේ ක්‍රමයක් ඒ ඒ වෙලාවට හඳුන්වල දුන්නා මිසක් අපිව වෙන් කලේ නැ ඇය..වෙන කලා නම් අපි සෑහෙන්න මානසිකව වැටෙන්න තිබ්බා...

නිම්නයක තනි වී හීන දකින්නී. said...

පිට රටවල දරුවන් බොහෝ දුරට ස්වාධිනයි, මම දකින විදිහට ලංකාවේ අපේ දරුවන් ඒ වගේ ස්වාධීනව හදන්නේ නැහැ.. ඒ නිසා තමන්ගේ වැඩත් අමරුවෙන් කර ගන්න දරුවෙකුට වෙනත් කෙනෙකුගේ වගකීමක් දෙන්න කලින් ඒ ඒ දරුවගේ මානසික පසුබිම, හැදිලා තියන පරිසරය , එවැනි වගකීමක් දරමින් තමන්ගෙ වැඩෙත් සාර්ථකව කරගැනිමේ හැකියාව හොඳින් විමසලා බලලා දෙමාපියන් සමඟ ද කතා කර දැනුවත් කර පටන් ගන්නවා නම් වඩා හොඳයි මම දකින්නේ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...