..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, July 31, 2016

කලාමැදිරි සිහින

කලාමැදිරි 


හැම විදුලි බල්බයක්ම නිවලා නිදියන්න කියල හාන්සි උනත් හදවතේ විදුලි පන්දම බොත්තමක් තද කරල නිවන්න පුළුවන් එකක් නෙමේ.

පියා ගත්ත ඇස් දෙක අරිද්දි , බලාපොරොත්තු උනේ කට්ට කළුවර උනත් , මෙන්න බොලේ ලයිට් පත්තු කරන් රෑ වැඩ මුරේට  සෙට් වෙච්චි කලාමැදිරියෝ සෙට් එකක් පිටින් මගේ කාමරේට ඇවිත් ,

ඉස්සර නම් , වැඩිවිය පැමිණෙන වයසට ළං වුනු ගෑණූ දැරිවියො ඉන්න ගෙදරක කලා මැදිරියො සැරි සැරුවොත් ඒ ගෙදර වැඩිහිටි ගැහැණු අය ඒ ගෑණු දැරිවි ගැණ විමසිලිමත් වෙනවා. ඒ ඇයි ද කියලා මම අන්තිමට කියන්න ඉතිරි කර ගන්නවා.

කලාමැදිරියෝ කියන්නේ සුරංගනා කතා වල ඉදල අපේ ලෝකෙට ආපු , ආවට පස්සෙ ආපහු යන්න බැරි වුනු අපූරු සත්ව කොඨ්ටාශයක් කියලයි මට පුංචි කාලේ ඉදලම හිතුනේ.

එහෙම හිතන්න මට මගේම හේතු තිබ්බා.



කලාමැදිරියෝ කෑවොත් හෙම ඒ තුවාල සනීප කරන්න අහසෙ තරුයි , මුහුදෙ මඩයි ඕනි වෙනවා කියල මම කොහෙදි හරි කියවල් තිබුනා.

ඒ විතරක් නෙමේ , අමුතු හැඩයක් ගන්න ගෙයක් හදන , ඒ ගෙයි කාමර හිටන් වෙන් කරන වඩු කුරුල්ලා , රෑට ඒ ලස්සන කුරුළූ ගෙදරට එළිය ගන්න කලාමැදිරියෝ අල්ලන් ඇවිත් හිර කරල තියා ගන්නව කියලත් මම අහල තිබුනා.

කාටවත් හිංසාවක් නැති ,පස්සෙ පැත්තෙ ලයිට් එකක් හයි කරගෙන රෑට අරහෙ මෙහෙ යන මේ පුංචි කෘමි සතාට බය වෙන අයත් ඉන්නවා කියලා දැන ගත්තේ “ ගිනි පෙලෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයයි “ කියල ඇහුවට පස්සේ.



රෑට ලයිට් දාගෙන යන මේ වගේ අයගේ ලයිට් එළියට විද්‍යාෙවන් කියන්නේ “ජෛව සංදිප්තිය“ කියලා. එහෙම ලයිට් දාන එකම සතා කලාමැදිරියා නොවුනත් ඒ වගේ සතුන් අතරින් අපට ඉතාම හෘදයාංගම සතා “කලාමැදිරියා“ මිසක වෙන කවුද.



ඉස්සර කාලේ නම් ගැහැණු ළමයෙක් වැඩිවිය පැමිණුනාම ඒ ගෙදර “කිලි ගෙදරක් “ . ඒ කියන්නේ අපිරිසිදු ගෙදරක්. එහෙම වෙන්න ළං උනාමලු මේ කලාමැදිරියන් ඒ වගේ තැනකට එන්නේ. ඒ කතාවෙ ඇත්ත නැත්ත මොනා වුනත් ලටේ පුයික්ලා , ලයිට් පත්තු කරන් තැන තැන යන්නේ කලාමැදිරි කෙල්ලන්ව ආකර්ශනය කර ගන්න කියලයි විද්‍යාඥයො නම් හොයන් තියෙන්නේ.

ප/ලි :- ගැහැණු ළමයෙක් වැඩි විය පැමිණෙන්න ආසන්න උනාම ස්‍රාවය කරන යම් දෙයකට (පෙරමෝන) වලට ආකර්ශනය වෙන කලාමැදිරියන් ඉන්නවා කියල තමා උපකල්පනය කරන්න වෙන්නේ.



“A dark night, lightened up by thousands of glowing 

fireflies... It's magical...” 



11 ප්‍රතිචාර:

රසිකොලොජිස්ට් - Rasikologist said...

/* හදවතේ විදුලි පන්දම බොත්තමක් තද කරල නිවන්න පුළුවන් එකක් නෙමේ. */

ඒක තමයි කියන්නේ හද ලෙන් දොර වසනු මැනවි මා එහි හිර කරලා කියලා.

මොකද ස්විච් එක තියෙන්නේ ඇතුලේනේ.

Rasika Gunawardana said...

ටු , ලකේ පුයිට් ලට - ඊය අනේ ඔයාල

ලස්සන්ට බ්ලොග් එක තියාගෙන ඉන්නව..ඔන්න ෆලෝව් පාරකුත් දැම්ම...:

ගිම්මිගේ කොලම said...

මටත් තියනව කළාමැදිරියෝ දිහා බලාගෙන හිතින් කියවන පිස්සු ලෙඩක්...

ගිම්මිගේ කොලම said...

මටත් තියනව කළාමැදිරියෝ දිහා බලාගෙන හිතින් කියවන පිස්සු ලෙඩක්...

සිහින said...

මමනං අදමයි ඇහැවුවෙ එහෙම කනාමැදිරි ගෑල්ලමයි කේස් එකක් :D අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් කියෙවුවෙත්. තාම රහට ලියනව නේහ් :) ජය වේවා සොඳුරු ටීච !!

වැසි දැරිය - The Rain Girl said...

අපූරුයි.. කණාමැදිරි ලිපියක්..!

මේ සිහිනවත් කාලෙකින් දැක්කෙ..

Pra Jay said...

++++++++++++++++++++++

හා පැටික්කි (MS) said...

එතකොට අක්කේ අර කළාමැඳිරි ගස්??? මෙහෙත් එකක් තියනවා. මං නම් හිතන්නෙම ඒ හරියේ පුංචි සුරංගනාවියෝ ඉන්න තැනක් ඇති කියලා......

Mahesh Rathnayake said...

කණාමැදිරියො හරි නරකයි
උං අපේ බුලත් කොටුවෙ බුලත් ඔක්කම හිල් කොරනව
වසවර්තියො රැල

Hishan de Silva said...

තවමත් එ් කාලෙ වගේමයි... එක ලිපියක් කියෙව්වහම. අනිත් ඔක්කොම ලිපි ටික කියවන්න හිතෙනව.

කලාමැදිරියා said...

කලාමැදිරියාගෙන් මල් මිටක්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...