..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, July 4, 2016

නුඹ අතහැර

නුඹ අතහැර

‍ෙ


මගේ හිත , හරියට දළඹුවෙක් වගේ , හිර වෙලා තිබ්බෙ ඔයා මත්තෙමයි. 

කොහෙන් ආවද කියල මතක නැතත්. බිත්තරයක් වෙලා ඉද්දි මාව බලාගෙන තිබ්බෙත් ඔයාම තමයි.

බිත්තරේ කාලෙදි ඔයා දුන්නු උණුසුමට මම දළඹුවෙක් වුනත් , දුන්න උණුසුම අමතක කරල සමණළයෙක් වෙලා යන්න මට හිත දුන්නෙ නැහැ.

පිළා කෝශෙ හදන්න මම කොච්චර උත්සාහ ගත්ත ද ?

ඔයා එක්ක තදින් අමනාප වෙන හැමවෙලේම........... මම පිළා කෝශෙ හදන්න පටන් ගන්නවා. ඔයා මුකුත්ම නොකියා පැත්තකට වෙලා බලා ඉන්නවා.... එහෙම හදපු  පිළා කෝශ නම් කීයක් ඔයා ළඟ ඇද්ද.


ඒත් මට තව දුරටත් මේ දළඹු ජීවිතේ ගත කරන්න බෑ.  දළඹුවෙක් වෙලා ම මැරිල යන්න මට බෑ...... 


පිළාකෝශයක් හදන්න ගත්තොත් ඒක හදල ඉවරෙද්දි මට ආයෙත් ඔයාව දාලා යන්න බැරි වේවි..............

ඒ නිසා , කෝශ ගත නොවීම මේ දළඹු ජීවිතය අද මම අවසන් කරනවා. 

හරියම අද ඔයාට නින්ද ගියාම.... 

මෙච්චර කල් නින්ද ගිහින් තිබිච්චි මගේ හිත මම අවදි කරන් , මේ දළඹු ජීවිතෙන් මිදිලා ඔයාගෙන් 

ඈතට................................


ඈතට................. 

ඈතට...................

ඈතට ...........................

ඈතටම..............................................................



මම පියාඹලා යනවා...............................





තටු ලැබූ 
මම
෴ වත්සලා෴

5 ප්‍රතිචාර:

Lalith perera said...

Hyiyo wathsala yanta epaaaaa...

කල්‍යාණ මිත්‍ර said...

තටු ලැබීම ගැන මාගේ සතුට පිලිගන්න.

Dinesh said...

හිතකට තටු ලැබිය යුතුමය. ඉතින් පියෑඹුවාට කම් නැත.

Bindi said...

ලස්සණයි

Hishan de Silva said...

මේවන් සිතුවිලි නැවතත් අකුරු කරනට ගත් නුඹට තුති.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...