..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, June 3, 2016

කලකින් ලියුවෙමි

කලකින් ලියුවෙමි
----------------------------




ඇසකින් පෙර නිතර හැඩූ

කලකින් නැහැ කඳුළු බිඳූ

තුටින් සිටින අයුරු දැරූ

නුඹ අමතක වී ද සිතූ

ළං වී නෙතු තුළට ඇගේ

හොඳින් බලනු සතුට ඇගේ

සිනා සලන නෙතක අගේ

නොපෙනද තෙත තවම ඇතේ


- සොඳුරු -


ප/ලි - ඉස්සර මං ලීවෙම විරහ කවි වගේ එවුවා. දැන් කලකින් එහෙමෙකක් ලියවුනේ නැහැ............. ඒත් මේකත් නරකම නැහැ නෙහ් ?

9 comments:

  1. ලස්සන තේරුම

    ReplyDelete
  2. අන්තිම පද දෙක මෙහෙම වුනානම් මොකෝ ළමයො...ඈ?

    සිනා සපිරි නෙතක අගක,
    නොපෙනෙද තවමත් ඇති තෙත,

    ReplyDelete
  3. //ඉස්සර මං ලීවෙම විරහ කවි වගේ එවුවා//
    ඒවට විරහ කවි වගේ එවුවා කියලය ඔහෙලගෙ අහ කියන්නෙ ? :)

    ReplyDelete
  4. නෙතු තුළට යන්න ගිහින් ආපහු අඬවයිද මන්දා...

    ReplyDelete
  5. .
    මේ බ්ලොග් එකේ අමතර "ස්ක්‍රිප්ට්" දාලා තියේද? සමහර සර්වර් මේ බ්ලොග බ්ලොක් කරනවා.

    ReplyDelete
  6. .
    මේ බ්ලොග් එකේ අමතර "ස්ක්‍රිප්ට්" දාලා තියේද? සමහර සර්වර් මේ බ්ලොග බ්ලොක් කරනවා.

    ReplyDelete
  7. හැබැයි රිද්මය ගැලපෙන්නෙ විරහවට වඩා ටිකක් තදින් කීමට..
    තේරෙන්නෙ නැති මනුස්සයට අර කේවට්ටයගෙ වගේ කෙස් වැටියෙන් අල්ලලම කියනව
    හැඩූ --> හැඬූ කරමු!

    ReplyDelete
  8. ටීචර් හෙන කවිකරියක්නේ....

    ReplyDelete
  9. //ඇසකින් පෙර නිතර හැඩූ

    කලකින් නැහැ කඳුළු බිඳූ//

    ලස්සනයි...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...