..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, May 10, 2016

හොරු ඇවිත්

හොරු ඇවිත්
==================

ඒ වන විට දහසය වන වියේ පසු වූ පිරිමි 

ළමයෙකු මුහුණ දුන් සැබෑ ත්‍රාසජනක 

සිද්ධියක් මුල් කර ගෙන ලියැවෙන්නකි.





ඔන්න ඉතින් ටික ටික රෑ වුනා. ගෙදර එක එක්කෙනා හිමින් හිමින් තම තමන්ගේ කාමර වලට වුනා. නිවසේ ආලෝක බුබුලු එකින් එක නිවිලා ගිහින් සාලේ ආලෝකයත් නිවිලා ගියාම හිතට දැනුනෙ පුදුම සතුටක්.




එදා දවසේ රෑ මගේ හිත වැඩ කරේ ලෝකේ ඉන්න ලොකුම හොරාගේ හිතයි මොළෙයි වැඩ කරන තරම් ඉස්තරම්ම විදිහට.


මගේ කණ් දෙක තමා ඒ වෙද්දි ලෝකෙ තිබ්බ සුපිරිම කණ් දෙක වෙන්න ඇත්තේ. කණ් ඒ තරම් අවධානයෙන් හැම පුංචි සද්දයක්ම අහන් හිටියා. පුංචිම පුංචි කුරුළූ පිහාටුවක් ඒ වෙලාවේ බිමට වැටුනත් මගේ කණ් වලට ඇහෙන තරමට කණ් දික් වෙලා තියුණූ වෙලයි තිබ්බේ.


කණට ඇහුනු හැම භයානක සද්දයක්ම නතර වෙලා නිවස නිස්කලංක වෙලා රැහැයි සද්දෙ විතරක්ම ඇහෙන කොට විදුලි පන්දමත් අරන් දෙතුන් සැරයක් පන්දම අතට තද කරන් හිතට ධෛර්ය අරන් ඇදෙන් බැස්සා. ඒ කාලේ වෙද්දි ඇදෙන් නිතර නිතර ඇහුන කිරි කිරි සද්දෙට මම ඒ වෙද්දි පිලියම් යොදල තිබ්බ නිසා ඇද නිකමට වත් හ්ම් කීවේ නෑ.





පූසෙක් වගේ හොර අඩි තියලා , මගේම ගෙදර සාලෙ හොරෙක් වෙලා මගේම ගෙදර රූපවාහිනය ඉස්සරහ මම හිටගෙන හිටියා.


ඊළඟ සුනංගුවේ රූපවාහිනියයි. ඩෙක් එකයි මගේ කාමරේ . දැන් සියල්ල හරි. දොර හොදට වහලා මෙච්චර වෙලා පරිස්සම් කරන් හංගන් හිටපු ඩෙක් පීස් එක ඩෙක් එකට දැම්මම හිතට දැනුන සතුට ............... නිම වෙලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.



“ අම්මේ............... අම්මේ............. හොරු පැනලා .............අම්මේ ..................“


නංගිගෙ මර ලතෝනියට මෙච්චර වෙලා නිහඩ අදුරෙ ගිලිලා තිබ්බ ගෙදර ආලෝකමත් වෙලා බියෙන් වෙව්ලන්නට වුනා. මාත් හිතුවෙ ගෙදරට හොරු පැනල තමා කියලා.


කාමරේ දොර ඇරගෙන සාලෙට එද්දි මුළු ගෙදරම අය සාලෙට එකතු වෙලා.



“ මොකද වෙලා තියෙන්නේ ? “



“ අනේ අයියේ.... මේ..........................“ නංගි සාලේ ටිවි එක තිබ්බ තැනට අත දික්කරලා පෙන්නුවා.



ඊට පස්සෙ මෙහෙම කීවා “ මම ටොයිලට් එකට යන්න ආවේ. එතකොට දැනුනා සාලේ මොකක් හරි අඩුවක්. මම කල්පනා කරල බලද්දියි මට තේරුනේ ටිවි එක නෑ නේද කියලා .“



“ අනේ දෙයියනේ ළමයිනේ බලන්න තව මොනාද අඩු කියලා “ අම්ම කීවේ ගෙදර හැමෝගෙම මුණු දිහා බලමින්.



අන්න ඒ වෙලාවෙයි මට වෙලා තියන දේ තේරුනේ....ඊට ටික වෙලාවකට පස්සෙයි මට වෙන්න යන දේ තේරුනේ........


“ හරි හරි..... මට නින්ද යන්නැති නිසා මම ටිවි එක කාමරේට ගත්තා “



යන්තම් වැඩේ ශේප් කරත් වෙනදට මහ රෑ තනියෙන් සාලෙට ඇවිත් බලන ටිවි එක කාමරේට ගත්තෙ ඇයි කියලා ඒ වෙද්දි තේරුම් යන්න ඇත්තේ තාත්තට විතරයි.

15 ප්‍රතිචාර:

Prasad Sanjeewa said...
This comment has been removed by the author.
ඉවාන් පවුලූශා said...

ලාම්පු කතාවේ අනික් එක

උපේක්ෂා said...

මට ලොකු කටක් ඕනේ අප්පා මේකට හිනා වෙන්න.. ඒ උනාට මට මැවිලා පේනවා ඒ අසරණ කොලුගැටයාගේ අහිංසක මුණ!

ලේ පාට හීන said...

හිකිස්.. පව් කොලු පැටිය. නංගි ගම කාල.

කල්‍යාණ මිත්‍ර said...

නංගිත් ආවේ tv එක කාමරේට ගන්නද දන්නේ නෑ.. හික්.. මටමයි වෙන්නේ..

නිර්මාණි said...

මරු වැඩේ අප්පා කොල්ලට උනේ.. නංගි එක්ක පුපුර පුපුර ඉන්න ඇති..

Upul Nishantha said...
This comment has been removed by the author.
Upul Nishantha said...

හයියෝ..... කොල්ලො කියන්නෙ මහ අවාසනාවන්ත ජාතියක්... මොනව හරි වැදගත් වැඩක් කරන්න යද්දි අඩුගානෙ නංගි හරි ඇවිල්ල බාල්දියක් පෙරලනව නේ

හංසි(swan) said...

නංගිලා ඔහොම තමා ;)

තුශානි said...

හි.. හි.. කට්ටියගෙ මුණු මැවිලා පෙනුනා...

දේශක යා said...

රිප්ලයි ඔප්සන් එක දෙනතුරු වර්ජනයේ!!!!!

Dinesh said...

නංගිලා කලොත් ඔහොම මැටි වැඩක්ම තමයි.

Mahesh Rathnayake said...

නංකිල නං කැමතිම ගම කන වැඩ වලටම තමා
ෂැක් ඉතරක්

Pra Jay said...

:-D

සිතූ said...

ඉඳල ඉඳල ඔය වගේ වැඩක් කරන්න ගියාම තමයි ඔහොම දේවල් වෙන්නෙ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...