..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, April 27, 2016

වැස්ස

වැස්ස


වහින්නට හැකි නම් ගිගුම් දී 

වියළි ගම් බිම් වලට ඉහළින් 

කියලා නන්දා මාලනී ගායනා කරාට අපි කාටවත් ම බෑ අපි කැමති ගමක උඩින් වළාකුළක් වෙලා ගිහින් වැස්සක් වෙලා කඩන් වැටෙන්න................

වැස්සක අගය දැනෙන්න තදින් පායන්නම ඕනි. 

අවුවක අගය දැනෙන්න තදින් වහින්නම ඕනි.

කොහොම හරි මේ දවස් වල අපිට “වැස්සක අගය “ දැනිල තියෙද්දි පුංචි පහේ වැස්සක් වහිනවා. හැබැයි ඒක ගෑණු වැස්සක් , 

ගෑණු වැස්ස චුරු ,චුරු, චුරු , චුරු ගාලා වහිනවා. ටික ටික පොළව තෙමෙන්න පටන් අරන් , හොඳ හැටි පොළව තෙමෙන්න වැඩි කාලයක් ගන්නවා......සමහර විට පොළව තෙමෙන්නටත් කලියෙන්ම ගෑණු වැස්ස ඉවරෙනවා.


ඒත් මම කැමති පිරිමි වැස්සට......


පිරිමි වැස්ස ලොකු වැහි බින්දු වලින් දඩ , දඩ , දඩ , දඩ ගාලා වහිනවා. පොළව පට පට පට පට ගාලා තෙමිලා මොහොතින් දෝරෙ ගලනවා.


වෙලාවේ හැටියට ගෑණු වැස්සත් වටිනවා....... 

වැස්ස නිසා පරිසරයම වායු සමීකරණය වෙලා වගේ. ගතට සුවයක් දැනෙනවා. 


හිටපු ගමන් මහ රෑ , මගෙ හිතට වැහපු ආදරණිය පිරිමි වැස්සක් නිසා හිතටත් හරිම සුවයක් දැනෙනවා....


අපි කාටත් දැන් නම් පිරිමි වැස්සක අඩුව තදින්ම දැනෙනවා. අපට විතරක් නෙමේ , 
පොළවට , 
ළිඳට , 
ඇළට , 
දොළට 
ගහ කොළ , සතා සීපාවට පවා පිරිමි වැස්සක් ඕනි වෙලා ...............


වැස්ස වළාහක දෙයියො....

එයාගේ දුවල නැතිව 

එයාගේ රස්තියාදුකාර පුතාල ටික 

ඉක්මනින්ම පොළව බලන්න එවාවි කියලා අපි මඟ බලාන ඉන්නවා.


පිරිමි වැස්සක් වහිනකම් බලා ඉන්න

මම

වත්සලා


19 comments:

  1. පිරිමි වැස්ස අකුණු ගගහා වහින්න පටන් ගත්තුදාට තේරෙයි පිරිමි වැස්සෙ රඟේ

    ReplyDelete
  2. පිරිමි වැස්සක් නැතිව තමා හුඟ පැති වේලෙන්නෙ ඒ ැති වලට ගෑනු වැස්සක් වත් නෑ කියන්නකො

    ReplyDelete
  3. පිරිමි වැස්ස සහ ගැහැණු වැස්ස... Nice categorization. මමත් කැමති ඔබ කැමති වැස්සට තෙමෙන්නමයි.

    ReplyDelete
  4. හත්වලාමයි.... මමත් 'දඩ බඩ' ගගා වහිනකොට කියන්නේ 'පිරිමි වැස්සක්' කියලානේ..... පුදුමයි

    එහෙම වැස්සක් මට නම් මොන කාලෙක කඩන්වැටුනත් ආසයි. වැඩියෙන්ම වීදුරුව ලොකු ජනේලෙන් එලිය බලාගෙන ඉන්න. මෙන්න මේ වගේ ( මම ලියපු කවියක්)

    කොලපාට බිස්ස නමාගෙන
    වහිනවා එක දෝරෙට
    ඇතුලේ හිටියත් නොතෙමි
    තෙමෙනවා මම
    වැස්සේ - හොඳටම !

    ReplyDelete
  5. දඩ, දඩ ගගා වහින පිරිමි වැස්සට වඩා මම නම් කැමති චුරු ,චුරු, ගගා වහින ගෑනු වැස්සට...

    ReplyDelete
  6. සිරාවට ගොඩ කාලෙකින් හොඳ පිරිමි වැස්සක් වැටුනේ නෑ නොවැ!

    ReplyDelete
  7. වැස්ස බලාගෙන ලියපු එකක් නෙමේ වගේ

    ReplyDelete
  8. වත්සලා මේ වස්සලා තියෙන්නේ අමුතු වැස්සක්.

    ReplyDelete
  9. මම නම් හිතන්නේ මේ වහින්නේ පිරිමි වැස්ස... ගෑණු වැස්ස පටන් ගත්තාම තමයි එපා වෙන්නේ... :)

    ReplyDelete
  10. අදත් වැස්ස වහින සඳේ මතක් සුවඳ දැනේ , සීතල වැහි පොදේ , මතකද තෙමුනා දෙන්නා

    ReplyDelete
  11. අය්යෝ ඒ පාර වැස්සත් බෙදන්නද යන්නේ....වලාකුළු වලට එහෙම ඇහුනොත් වෙන් කරගන්න , හොයා ගන්න බැරි වැස්සක් වහිවී, සොදුරු හිත හැමදාම වගේ සොදුරු විදිහට තවත් සොදුරු ඇහැකින් ඒ ගැනත් ලියාවි :)

    ReplyDelete
  12. හ්ම්ම් අකුණු ගහල ගං වතුර ගලන වැස්සට, බැඳපු පිරිමි කට්ටිය 'ගෑනු වැස්ස' කියල කියයිද මන්ද !

    ReplyDelete
  13. ඔය දෙකටම මැද්දේ වැස්සක් නැද්ද...අඩුත් නැති වැඩිත් නැති....

    ReplyDelete
  14. වැස්ස සුන්දරයි කියා හිතුනේ ඉස්සර ! ඒ රෝහල් වල වැඩ කරන්නට කලින් ! සොසි ගේ බ්ලොග් පිටුව ආයෙමත් කියවනවා !

    ReplyDelete
  15. වසින්න වැසි බිම්කඩ මත
    දූවිලි තිර මෑත් කරන්

    වසින්න වැසි තුරු හිස මත
    කුසුම් කිණිති පුබුදු කරන්

    වසින්න වැසි සිත අද්දර
    කිලි කුණු හැම සේදු ලෙසින්

    එපා වසිනු වැසි ගෙපැලට
    ගෙබිම තෙමා සීත අරන්....

    ReplyDelete
  16. සොසි කැමැති වැස්සම ලැබේවා!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...