..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, April 26, 2016

ආදරය ද මේ...................

ආදරය ද මේ . . . . . . 





දීර්ඝ කාලයකින් ඇමතුමක් නොලැබුනු නමුත් අංකය දුටු පමණින් මතකයට නැගෙන කෙනෙකුගෙන් ඇමතුමක් දුරකථනයේ සටහන් වෙයි......


කොතරම් නම් ඇය ඒ අංකය සමඟින් තරහින් සිටියා දැයි ඇයට වැටෙහෙන්නේ අංකය අයත් පුද්ගලයාගේ නම ද ජංගම දුරකථන නාමාවලියෙන් ඉවත් කර තිබු නිසාය.


ඇමතුම කිහිපවාරයක්ම ඇවිත් ගොසින් නැවතත් ඇමතුම ලැබෙන විට එය ලබා ගැනීමට සිත ලෝබ වන්නට වුවත් දරදඩු ඇගේ සිත තරහින්ම ඇමතුම නොගෙන සිටින්නට එඩිතර විය.


ටික වේලාවකින් ටෙස්ට් පණිවුඩයක් ලැබුනු බවට දන්වන හඩ නිකුත් විය.


“ කතා කරන්න අකැමැති නම් කමක් නැහැ. මට ගොඩාක් කරදර වුනා .“


“ මම කතා කරද්දි කතා බෑ. ඔයාට ඕනි වෙලාවට විතරයි නේද කතා “ කෙටි පණිවිඩයට පිළිතුර යැවුණි. නමුත් නැවත පිළිතුරක් ලැබෙන පාටක් නැත. පරාජය බාර ගනිමින් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ඇයට සිතුනේ ඉන් බොහෝ වේලාවකට පසුවය.


“ ඇයි මගේ කෝල්ස් පහු ගිය දවස් වල කට් කරේ. ඇයි මට කතා නොකළේ. ? “ නෝකාකඩු රැසකි.


“මට හරියට වැඩ තිබුනා. මම ඔයා එක්ක කතා කරන්නේ මගේ හිත සැහැල්ලු නිවුනු වෙලාවට “


“ ඒ ඇයි “


“ නැතිනම් මම කියන දේවල් වලට ඔයා රණ්ඩු වෙනවා.ඉතින් ඊට පස්සේ ඔයා කියන දේවල් වලට මගෙ හිත රිදෙනවා . “


“ හිත සැහැල්ලු වෙලාවට මොනා කීවත් හිත රිදෙන්නැද්ද ?“


නෑ...ඒ වෙලාවට මගේ හිත නිදහස්. ඔයා කියන ඕනි දෙයක් මට දරා ගන්න පුළුවන් , මම ඔයා ගැන දන්න නිසා ඔයාව ඉවසන්න ඕනි හිතේ නිදහස ඒ වෙලාවට තියනවා . මම ගොඩක් බිසි වෙලාවට ඔයා කතා කරාම මම කෙටියෙන් කතා කරනවට ඔයා කැමැති නැහැ නේ. ඉතින් ඔයා රණ්ඩු වෙන කොට වැඩත් එක්ක මට පීඩනය වැඩි වෙනවා.“


මම හිතුවේ මේ සැරේ නම් ඔයා මාව මඟාරිනව කියලා . කෝල් කීයක් කට් කරා ද? මැසේජ් වලට උත්තර එවුව ද. අඩු ගානේ බිසි කියල හරි කියන්න තිබ්බ නේද? “

මම කවදාවත් ඔයාව මඟාරිනව ද? මගේ ගෙදර දොර හැමවෙලේම ඔයාට ඇරිලා. ඔයා කැමති උනත් නැතත් , ඔයා ඔයාගේ අම්ම ගැනයි , සමාජය ගැනයි හිත හිත ඉදල ඔයාට පුළුවන් වෙච්චි දවසක ඒ දොරෙන් මා ළඟ ට එයි කියල මම බලාගෙන ඉන්නවා “


“ අෆෝ ........එදාට අපි නාකි වෙලා තියේවි. හැරමිට්ටකින් තමා මට එහාට එන්න වෙන්නේ “


“ ඒකට කමක් නැහැ. එදාට හරි ඔයාට මාව තේරුම් ගන්න පුළුවන් නම් අපි ට සතුටින් ඉන්න පුළුවන් වේවි නේද ? “


“ අනේ මන් දැන්නෑ ඕවා “


ඇමතුමේ ඇගේ පැත්ත නිහඩ බවේ ගිලෙද්දි , ඇමතුමේ ඔහුගේ පැත්තේ කලකින් ඇසෙන සිනාවකින් පිරී යනු ඇසුණි.


ප/ලි - ඇත්තටම ඇයි පිරිමි පිරිමින්ට ඕනි වෙලාවට විතරක්ම කතා කරන්නේ ? 



18 ප්‍රතිචාර:

පූසා said...

Apita wenne oke anith pattha.

jay-c z said...

සියලුම පිරිමින් එසේ නොවේ...ආදරය ජීවිතයේ පසෙකින් තබා ගෙන ඇති පිරිමියෙකු වියයුතුය.

ඉයන් said...
This comment has been removed by the author.
ඉයන් said...

මගේ අත්දැකීම වලින් පිළිතුරක්. සම්බන්ධයක් පටන්ගත්ත කාලේ අනික් කෙනාගෙ කටහඬ අහන්නත් ආසයි. ටික කාලයක් යනකොට කටහඬට වඩා කියන දේටයි හිත යොමු වන්නේ. එවිට යමක් කීම හා පිළිතුරක් දීමට පිරිමින් පාවිච්චි කරන්නේ කාර්යක්ෂමම විදිහ. උදාහරණයකට ගැහැණු කෙනෙක් කෑවද? කියල අහලා පිළිතුරක් ලෙස කාපු දේවල්, අතුරුපසට ගත්ත දේවල්, කීයටදා, කා සමඟද, ගෙදරින් ගෙනාවද, කඩෙන් ගත්තද ආදී දීර්ඝ විස්තරයක් බලාපොරොත්තු වෙනවා. පිරිමි කෙනෙක්කුට කෑවද කියල ඇහුවම ඇත්තටම කෑවත් නැතත් තියෙන්නේ එක කෙටි පිළිතුරක් පමණයි. එය නම් "ඔව්".

මේක වෙන්නේ බොහෝ විට වැඩ බහුල වෙලාවට. එවිට කුඩා දේකට උත්තර හැටහුටාමාරක් දෙන්න වෙනවට ටෙලිෆෝන් කෝල්ස් මඟ හරිනවා. විසිපැනට යන්නෙ නැතුව කාන්තාව අලුතින් දැනගත්තු දෙයක් (ඕපාදූප නොව), අලුතින් කියවපු දෙයක්, දැකපු දෙයක්, හෝ මොළයට උද්දීපනය වෙන ප්‍රශ්ණයක් අහනව වගේ තේරෙනවනම් ඔන්න පිරිමි ඕනම වෙලාවක කෝල් ආන්ස්වර් කරයි.

කෑවද?

නිර්මාණි said...

Mahesh Rathnayake said...

බ්ලාහ්... ඕකෙ අනික් පැත්තත් ඕකම තමා. එයැයිලට ඕන වෙලාවට තමා එයැයි කතා කොරන්නෙ
ඔව් ඉඳගෙන

Upul Nishantha said...

ආ............ මේ ඊයෙ වැටුණු වැස්ස වෙන්ටැ........

Kaushi Ariyabandu said...

ඉයන්... අපෙ මහත්තය ඕකට කියන්නෙ .... “ කෙටියෙන් ... කෙටියෙන්... කෙටියෙන් කියන්න....” කියල.... හි හි...

ම‌ට යකා වැහිල මං කියන්න යන එකත් නවත්තල නිකා ඉන්නව ... ඊට ටික වෙලාවකට පස්සෙ මං ඒ ටික ඒ විදියටම කියනකොට කිසි සද්දයක් නැතුව අහගෙන ඉන්නව... හි හි...

( මටත් ඔය ඕපදූප එහෙම කෙටියෙන් කියන්න තේරෙන්නෙම නෑ... අහගෙන ඉන්න එකාට එපා වෙනව තමා ඉතිං... හැබැයි ෆොන් එකෙන් නං ඔය විසිපැන මගෙ නෑ.. කොහෙද ඉන්නෙ.. කෑවද.. හරි හරි ... මාත් වැඩ.. මං තිබ්බ.. බාාාාාාායි..... අයි ලවු යූ.... ඔච්චරයි... හි හි)

ඩබ්.කේ said...

ඔවු ඔවු බඳින්න ඉස්සර නං රෑ එලිවෙන කං කතා කරපු දවස් තියනව..උපහාරෙට පිං සිද්ද වෙන්ඩ...බත් එකේ තිබ්බ කරබිංචා කොල ගානත් ඇහුව..දැන් නං ඉතින් කෑවද ..මං කන්ඩ යනව..අද එන්ඩ පරක්කු වෙයි..මී ටූ...-බුදු සරණයි ...ඔං ඔච්චරයි

පත්තර මල්ලි said...

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ

හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක් …

ලේ පාට හීන said...

අපෙත් ඔච්චර තමා.. හැම එකට කෙටියෙන් දැනගන්න තමා ඕනෙ. උඩ කියල තියෙන්නෙ... පිරිමින්ගෙ හැටිද මන්ද.

ඉයන් said...

තව එකක් පිරිමි කථා කරන කොට 'ඔව්' කිව්වොත් ඒකෙ තේරුම 'ඔව්'. 'නෑ' කිව්වොත් ඇත්තටම 'නෑ'. ගොඩක් ගැහැණු අයට නම් ඔය වචන දෙකේම තේරුම එකයි.

පිරිමින්ට මේ තියරිය පොඩ්ඩක් විතර වෙනස් වෙන්නෙ මේවගේ ප්‍රශ්ණයක් ඇහුවම. "මේ තමුසෙ අර අල්ලපු ගෙදර අම්මන්ඩිත් එක්ක නිදාගත්තද?" වගේ එකක්. මෙතෙන්දි පිරිමින්ට එක පිළිතුරයි තියෙන්නෙ. ඒ මේකයි "තමුසෙට පිස්සුද ඕයි මම මොකටද ඒ අම්මන්ඩිත් එක්ක නිදාගන්නෙ? "මෙතෙන්දි තේරුම මේක වෙන්නත් පුලුවන් , 'අපෝ ඒ ලස්සන කෙල්ල එක්ක ඉද්දි නිදාගන්න මට පිස්සුද? මුළු වෙලාවෙම ඇහැරල හිටියෙ' කියන එක වෙන්නත් පුළුවන්.

Kasun C Jayanath said...

එකම දෙබස්
නාට්‍යය වෙනස්
මතු සම්බන්ධත් නෑ
සමාප්තියකුත් නෑ

Dayal Bathee said...

සැහැ ල්ලු
වවු ල්ලූ
ලූල්ලු
අවු ල්ලූ

ඉවාන් පවුලූශා said...

කොහොම හරි කතා කරන එකත් මදැයි

ගස් ලබ්බ said...

එක්ම කරණේ ආයෙ ආයේ කියන්න දිගින් දිගට කෝල් ගැනිල්ල මහ වදයක්.යාළුවෙන මුල් කාලෙ දිග කෝල්ස් අන්නෙ ඒ අඳුන ගන්න කාලෙ නිසා.දැනගන්න දේවල් ගොඩයි.නැවුම් තොරතුරු.හැබැයි ඊට පස්සෙ ටිකක් වෙනස් වෙනවා.ඕක දෙගොල්ලොම තේරුම් ගන්න ඕනෙ.
හොඳ ඉවසීමක් තියෙන වෙලාවට කියවන ඕන මඟුලක් අහගෙන ඉන්න හිත හදාගන්නවා තමා.හැබැයි ඒ කලාතුරකින්.හෙහ්හ්හ්
ජයවේවා..!!

සු දී ක said...

ගෑණු නිරන්තර බයකින් ඉන්නේ තමන්ගේ එකා වෙන එකෙක් එක්ක යයි කියලා. ඒ නිසා නිතරම මුට්ටිය දාලා බලනවා. කලාතුරකින් මෙහෙම පිරිමිත් ඉන්නවා. ඇත්තටම විශ්වාස නම් හොයා බලන්න යන්නේ නෑ ඕනෙවට වඩා. තමන් ආදරය කරන කෙනාගෙන අඩුවෙන්ම කරදර බලාපරොත්තු වෙන්නේ පිරිමි. කේන්තියෙන් කෑ ගහන්නෙත් ආදරය කරන අයට විතරයි.

Anith kona said...

ඕකට හොඳ උත්තරයක් තියෙනවා... men are from mars.. women are from venus කියන පොතේ. මේක සිංහලට හරවලත් තිබුනා. පිරිමි අයගේ පද්ධති වැඩ කරන ආකාරය එහෙමලු සකස් වෙලා තියෙන්නේ... කෙටියෙන්... සරලව.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...