..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, April 24, 2016

පත්තරේ

පත්තරේ



පත්තරය පුංචි කාලේ ඉදන්ම අපේ ගෙදරට ආගන්තුක දෙයක් නොවුනේ දන්න කියන කාලේ ඉදන්ම දිනපතා පත්තරය අපේ ගෙදර අනිවාර්ය අංගයක් වුන නිසා. පත්තරය කියෙව්වා හෝ නොකියෙව්වා පත්තරය  බැරි වෙලාවත් ගන්න බැරි දවසක් උනොත් එදාට නිකම් කෑවේ නැති ගාණ තමා.

දිනපතා ගන්න පත්තරයට අමතරව ගෙදර ළමයි වෙච්චි අපිටත් වෙන්වුනු සතියේ පත්තරයක් බැගින් තිබ්බා. මුලදිම සුරතලා පත්තරයෙන් පටන් ගත්ත මට මගේ බාල සාහෝදරියට සුරතලා පත්තරය බාර දෙන්න වුනේ මම තුනේ පන්තියෙන් හතරට මාරු වෙද්දි. මොකද කියනව නම් සුරතලා පත්තරයෙන් මාව මිහිර පත්තරය දක්වා අම්මා මාව උසස් කරා. ඉන් පස්සෙ පිළිවලින් විදුසර පත්තරයට මාරු වුනු මම අදටත් විදුසර පාඨකයෙක්. අම්මා පත්තර මාමාට මා වෙනුවෙන් ගෙවුවේ විදුසර පත්තරයට විතරක් වුනාට මගේ අතේ සල්ලි ඉතිරි වුනු වෙලාවට මම සමුදුර පත්තර ය ගන්න අමතක කළේ නැහැ.

විජය පත්තරය නම් අපේ ගෙදරට ගත්තෙ නැතත් මායි මගේ තවත් පත්තර යෙහෙළියකුයි පත්තර මාරුව දාන නිසා විජය පත්තරයත් මල් මාමගේ කතාවත් මට අතෑරුනේ නැහැ.

පත්තර ටික ටික මිලෙන් වැඩි වෙද්දි අපේ ගෙදරට ගන්න දිනපතා පත්තරයට තිත තියන්න ගෙදර දෙමාල්ලෝ තීරණයක් අරන් තිබ්බා.ඒත් ඉරිදා පත්තරය තාමත් අපේ ගෙදර සෙනසුරාදා වෙද්දිම ගෙදර සාලේ බිම පුරා පෙරලන් බලනවා දකින්න පුළුවන් .

මේ හදිසියේ මට පත්තරය මතක් වුනේ පත්තරයට අපමණ අගයක් අරන් දීපු අපේ රටේ ඉහළම පුරවරසියෙක් නිසා.... ඔයාල දන්නවනේ ඉතින් ඒ ගැන.


පත්තර කියනෙව්වා ගත්තොත් විවිධාකාරයි.....
දිනපතා පත්තර
සති අන්ත පත්තරසති මැද පත්තර

ළමා පත්තර
කාන්තා පත්තර
තරුණ පත්තර
මල් පත්තර
ක්‍රීඩා පත්තර
සිනමා පත්තර 

මෙකී නොකී පත්තර අතර “කැළෑ පත්තර“ත් ඒ කාලේ නම් පුදුම උපදවන කුතුහලය නම්මන තොරතුරු රැගත් දේවල් උනා. අද කැළෑ පත්තර දකින්න නැති උනත් සමහර සති අන්ත පත්තර එක්ක හම්බෙන අර පුංචි ආකර්ශණිය කොටස කැලෑ පත්තරයක් හා සමයි.



මම කාලයක් මල් පත්තරය බලන්නත් ඇබ්බැහි වෙලා හිටියා...... ඒ උසස් පෙළ කාලේදී. “සුවඳ“ තමා පත්තරේ නම. සුවඳ පත්තරේ අපේ ගෙදරට ගන්න හැකියාවක් මට තිබ්බෙ නැති වුනත් උසස් පෙළ කරන්න නේවාසිකව නැවතිලා ඉස්කෝලෙ ආපු යාළුවෝ සුවඳ පත්තරේ සුවඳ පතුරන්න සමත් වුනා.

මට මතකයි තව පත්තරයක් තිබ්බා මම හොරෙන් බලපු... අම්මා ට ඒ පත්තරේ ලැබෙන්නේ එහා ගෙදර නැන්දගෙන්. අම්ම කියවල ඉවර වුන ගමන් ආපහු නැන්දට දුන්නත් මට පේන්න නම් කොහෙවත් ඒපත්තරය තියන්නැති නිසාම මම ඒ පත්තරය කියවන්න පුදුම උනන්දුවකින් හිටියේ.

දවසක් මගේ අවස්ථාව උදා වුනා............ ඒ තමයි “බිරිඳ“ පත්තරේ. ඒ පත්තරේ ඒ කාලේ තිබ්බ දේවල් ඒ කාලේ මට හරියට තේරුන්නැති උනාට අද නම් තේරෙනවා ඇයි අම්මා මට නොපෙනෙන් ඒ පත්තරය හැංගුවේ කියලා.

ඒ වගේ තව පත්තර ජාතියක් ගැන මම දැන ගත්තේ මගේ හොඳම පිරිමි යාළුවා ගෙන්. අද වෙනකම් මම ඒ පත්තරයක් දැකල නැති නිසා යාළුවට එකක් සොයා දෙන්න කීවත් එයා නම් කීවේ දැන් ඒ පත්තර නැතිව ඇති කියලයි.

ඒ තමයි වැල පත්තර. 

මම ජාල ගත වෙන්න ගත්ත දවස් වල ඉදල ඔන් ලයින් පත්තර කියවන්න කොච්චර උත්සාහ කරත් මට ඒක කරන්නම බැරි වැඩක්.

හැම සෙනසුරාදම කඩේ යනේක මගේ පුරුද්දක්. ඒ ඉරිදා පත්තර ගේන්න. ඊට පස්සෙ ඇති වෙන්නේ සාලෙ පුරා දිගෑරගෙන පත්තර කියවන එක................

දැන් දැන් පත්තර කියවීම හරිම නීරස දෙයක් වුනත් උඩින් පල්ලෙන් හරි පත්තරය බැලුවෙ නැත්තම් නිකම් හිතට මහ මොකක් ද වගේ.

හැබැයි මම තාමත් ඉස්කෝලෙ පුස්තකාලයෙන් විජය පත්තරේ මල්මාමවත් මිහිර පත්තරෙත් කියවන්නේ ඉස්සර කියවපු තරම්ම උනන්දුවෙන් වගේම හරිම සතුටකින්


අද කාලේ පත්තරය කියන්නේ ජීවිතයෙන් අතෑරිල යන දෙයක් වුනත් පත්තරයට අපමණ අගයක් දීලා අපෙන් ගිලිහී යන පත්තරය රැක ගන්න දෙන දායකත්වයත් අමතක කරන්න බෑ......................





දියුණු ලෝකේ වගේම එකට ඉදන් තීන්දු තීරණ ගන්න දේවලුත් හරියම සමහරු දැන ගන්නේ “ පත්තරෙන් තමා “



ඉරිද පත්තරේ සෙනසුරාදට කියවන
මම
වත්සලා

21 comments:

  1. වැඩක් නෑ ඉතිං වැල පත්තර ගැන මොකොවත් කියල නෑ නේ

    ReplyDelete
  2. විජය පත්තරේ මතකම සීරීස් එක තමා මල් මාමා පෙනීසිටින ටකටකස් කාටුන් එක

    ReplyDelete
  3. පත්තරේ කියෙව්වේ නැත්නම් කාවේ නෑ වගේ තමයි! මටත් පත්තර ඇබ්බැහිය තදටම තියනවා.

    ReplyDelete
  4. සුන්දර අතීතයක් මතකයට ගෙනාපු ලිපියක්. මගෙ හිතත් පත්තරය එනකල් බලාගෙන හිටපු අතීතයට ගියා. ඒකාලේ සඳුදාට මිහිර පත්තරෙත් බදාදාට විජය පත්තරෙත් සිකුරාදාට සුරතලා පත්තරෙත් ගත්තා. ටිකක් ලොකු වෙනක‍ොට විදුසර පත්තරේට මාරු උනා.ඉරිදාට මුල් කාලයේ රිවිරැස පත්තරෙත් පසුව පිළිවෙලින් දිවයින, ලක්බිම, රිවිර හා ලංකාදීප පත්තර වලට මාරු උනා . අදටත් ගෙදරට ලංකාදීපය ගන්නවා.

    ReplyDelete
  5. Den paththara kiyawannema netha. Eth paththara mathaka nam bohoya. :) enisa paththara gena asawen kiyewwemiya.

    ReplyDelete
  6. මල් මාමා ගැන මතක් කලාට ස්තුතියි ! ඇත්තටම පත්තර තමයි තාම හිත ඇතුළෙ පත්තුවෙලා තියෙන්න

    ReplyDelete
  7. මමත් අය්යත් ඉස්සර පත්තර සීරිස් එකක් ගන්නවා .. අය්යා "මිහිර , විජය, නවයුගය" මම රන්කැටි, මි පැණි , සුකිරි..කියන තුන එතකොට මම හතරේ පන්තියේ .... අපේ මුත්තා ඒ දවස් වල අපි දෙන්නට කෑ ගහනවා "තොපිට ඉතින් පත්තරේ .. බිත්තරේ කොච්චර අමාරු වුණත් අර මිනිහට කියලා " මම මේ ගැන බ්ලොග් පොස්ට් එකක් ලිව්වා අපේ මුත්තලා දෙන්නා ගැන කියද්දී...

    ReplyDelete
  8. දිනපතා නම් අපි පත්තර අරගත්තේ නෑ. ඒත් සතිපතා නම් මට පත්තර දුසිමක් විතර අම්ම අරං දෙනවා කරපිය කියල වැඩ. මට නම් ඒවායින් අල්ලලා ගියේ විජය පත්තරෙයි විදුසර පත්තරෙයි තමා.

    ReplyDelete
  9. අපි නම් ඉරිදා පත්තරේ සිකුරාදම කියවනවා...

    පත්තර නැහ්නන් හැමිනිලා තියෙයි හිටං

    ReplyDelete
  10. මල් මාමා පෙනී සිටින මකාගෙ යලක්..!!!

    ReplyDelete
  11. ඉරිදා පත්තර නම් ඉඳල හිටල තමයි ගන්නෙ අපි. හැබැයි විජය පත්තරේ නම් දිගටම ගන්නවා තාමත්.. :)

    ReplyDelete
  12. ඉස්සර නම් පත්තරේ නොවැරදීම සෙනසුරාදට කියෙව්වා.. එත් දැන් නම් ඔන් ලයින් පත්තර තමයි ගොඩක් වෙලාවට කියවන්නේ..

    ReplyDelete
  13. හැමෝටම වගේ මටත් මතක් කරන්න තියෙන්නෙ මල් මාමා තමයි. පුංචි කාලෙ පුදුම කුතුහලයක් තිබුණෙ ඊළඟ සතියෙ වෙන දේ දැනගන්න..

    ReplyDelete
  14. මගේ ජීවිතේත් එක එක නම් වලින් ආ වැල පත්තර කියවූ කාලයක් තිබුණා තමයි

    ReplyDelete
  15. සොඳුරු මතකයන්!!!!! බයිසිකල් එකෙන් ගෙවල්වලට එන ඔය හැම 'කාරයෙකුටම' වඩා මග බලා හිටියේ 'පත්තර කාරයා' එනකම්. පත්තර බිම එලාගෙන බලන එකත් මතක් කරලා තියෙනවා දැක්කාම චිත්‍රයක් වගේ මැවිලා පෙනුනා. කවුරු මොනවා කීවත් තව චිරාත් කාලයක් යනකම් මුද්‍රිත මාධ්‍ය තමයි ලෝකයේ ප්‍රබලම මාධ්‍යය කියලා මට හිතෙනවා. පිටපත් ගාන අඩුවුවත් ප්‍රබලතවය එසේම තියේවි. ඒකනේ ලෝකයේ බොහෝ රටවල රූපවාහිනියෙත් උදේ පාන්දරම දිනපතා පත්තර ටික කියවන්නේ.

    ReplyDelete
    Replies
    1. පත්තර කාරයා වෙනුවෙන් පත්තර මල්ලිගේ රෙෂ්පට් එක පිලිගන්න ලොක්කා … !!! :D

      Delete
  16. ම‘ං හිතෙුවේ අර ගොතයා ගැන ලියපු එකක් කියලා...
    වැල පත්තර ගන්න අකුරැස්සේ එකම එක පොට් එකයි තිබ්බේ..

    ReplyDelete
  17. මෙතන ඇඩ් එකක් දාන්නද?
    අරගන්න කියවන්න රාවය පත්තරේ
    පිටු විසිහතරේ සරසවිය
    බ්ලොග් රජා මාතලන්ගේ ප්‍රියතම පුවත්පත ( ඔන්න දැං මාත මට ගහයි)
    මාත සිකුරාදම කියවන්නෙ රාවය පත්තරේ
    කෙළවෙන්න කෙළවන්න කියවන්න
    රාවය

    ReplyDelete
  18. මට මතක විදියට මේ වත්සලාගේ කාලේ වෙනකොට ලිට්ල් ස්ටාර් පත්තරෙත් බහුතරයක් ගෙවල් වලට සතියකට පාරක් ආවා. අපේ ගෙදර නම් මිහිර,little star, විජය, තරුණයා,සිරිකත දවස හෝ ලංකාදීප අනිවාර්‍ය වුනා. එක් එක් වයසට ගැලපෙන ළමයි හිටපු නිසා. ඒත් අන්තිමට එක පිටුවක් නෑර අපි හැමෝම හැම පත්තරේම කියෙව්වා.

    ReplyDelete
  19. මිහිරයි සතුටයි වින්දා
    නුවනයි නවයුගයයි දැනුම පෙව්වා

    ReplyDelete
  20. මං හිතයි හිටියෙ ඉරිද පත්තර සෙනසුරාද කියවන්නෙ අපේ ගෙදර උදවිය විතරයි කියල නොවැ..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...