..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, April 12, 2016

බලු කතා

වයස මාස පහක් වූවත් දැන් එයා හරිම හැඩය. 

ඇබින්දන් ව තිබු වලිගය දැන් බිම ගෑවෙන තරමට දිගුය. 

ලොම් පිරිලාය. 

පිටස්තරයෙකු අභිමුවේ දී වුවත් ලෝබ නැතිව “මේකා අපේ “ යැයි කටක් ඇර ආඩම්බරයෙන් කීමට දැන් මට හැකිය.




නමුත් අද දින සවස් යාමයේ සිදු වූ දෙයක් නිසා ඉමහත් කම්පනයටත් පසුතැවීමටත් පත් වී සිටිමි. 

සුපුරුදු පරිදි ඒකාව දන් වැලෙන් ලිහා නිදහසේ දුව පැන ඇවිදීමට ඉඩ සලසා ගතවුයේ ටික වේලාවකි. එහා ගෙදර ( එකම වත්තේ වූ නිවෙස් දෙකක් වන අතර තාප්ප වලින් වෙන්වී නොමැත ) කුඩු කර සිට ඉන් මුදා හැර තිබූ කෙසඟ සිරුරැති වල් නකුටු බල්ලා බුරාගෙන අපේ එකා පස්සේ පන්නයි. 

අපේ ඒකා ගේ වටේ දුවයි. මම උන් දෙන්නා පස්සෙන් දුවයි.ගෙතුල සිටි අය එළියට බැස මේ මැරතන් තරගය නරඹන්නේ බල්ලන් දෙදෙනාට සහ මටද උස් හඩින් උපදෙස් ලබා දෙමිනි... කොටින්ම එතන එකම කාලගෝට්ටියකි.. 

ගේ වටේ දුව ගිය තිදෙනා ගෙන් ඉදිරියෙන්ම දිව යමින් සිටි අපේ එකා උන් හිටි ගමන්   ආපසු හැරී මා වෙත දිව එන්නට වූයේ අපේ එකා පසු පස්සේ පැන්නූ හින්නික් විතර බලු නකුට්ටාව ද පසු කරමිනි. ලොක්කා මෙන් මා ලඟට පැමිණ මා පසු පස්සේ සැගවුනු අපේ පෘෂ්ඨිමත් බල්ලා මා පසු පස්සේ සිට කෙසඟ බල්ලා දෙස එඹී බලන්නට වූයේත් මා ඒකාව වදෙන් පොරෙන් එළවා දමා අපේ එකාව නිරුපද්‍රිතව රැගෙන ආවෙත් දඩිබිඩියේය. 

අපේ ඒකාට ඉන් පසු ලැබුනේ බර සාර දේශණයකි. ඒකාගේ භාරකාරයා ලෙස මා අද දින පත් වූ බලවත් අපහසුතාවයත් , වල් නකුට්ටෙකුට සෙකන්ඩ් වී මාගේ නම්බුවට කරන ලද අතිමහත් කැළලත් ගැන පවසා දැඩි දේ අවවාද කරන ලද අතර ඉන් පසු ,කෙතරම් නකුට වනමින් කණ් පාත් කර ගනිමින් මූණ හදමින් මා පසු පස්සේ ආවද ඒ බැලුම් බලු ලෝමෙකටවත් මායිම් නොකර දැඩි දඩුවම් ලබා දුන්නෙමි. 

තමා තව දුරටත් පපියෙකු නොවන බවත් නකුට දිගු වී කණ් කෙලින් වී සිංහයෙකු මෙන් ලෝම ගැවසී ගත් දඩාර සතෙකු බවත් ඔහුට එත්තු ගැන්වීමට මා ගත් සියලු වෑයම් අසාර්ථක වුයේ ඒ සෑම පැහැදිලි කිරීමකටම අපේ එකා දැක්වූ සුරතල් ඉදිරි ගාත් පෑම නිසාය.

 අවසානයේ දී තව දුරටත් මාගේ ගෞරවය රැක ගනු වස්අපේ එකා මුදා හැරීමට ප්‍රථම එහා ගෙදර කුඩු කර සිටින බලු නකුට්ටා කුඩුවේ සිටි දැයි සැක හැර දැන ගැනීමට මම අදිටන් කර ගත්තෙමි.

එසේම එහා ගෙදර නකුට්ටාට ආහාර පිණිස ලබා දෙන්නේ මොනවාද යන්න සොයා බැලීමට රහස් පරීක්ෂක වැඩ පිළිවලක් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කළ අතර , එදින හවස් යාමයද පසු වී ගියත් බලු නකුට්ටා කූඩුවට නොපැමිණි අතර අතපසු වීමකින් කූඩුවෙන් පැන ගොස් ඇති බවත් යළිදු නකුට්ටා ගෙන්වා ගැනීම ඉතාම අපහසු බවත් පසුව දැන ගැනීමට හැකි විය.



23 comments:

  1. සෙකන්ඩ් වුනාටනම් කමක් නෑ.
    ටික් ෆීවර් හදා ගත්තොත් තමයි මල කරදරයක් වෙන්නෙ.

    ReplyDelete
  2. මං හිතන්න්නේ අදයි මේ පැත්තේ මං ආවේ....

    සකන්ඩ් වෙන්න උන එකද අවුල?? ඒකා බේරුණ එකට සතුටු වෙන්න.... කාගෙන තුවාල කරගත්තනම්?

    අවුරුද්දට සුභපැතුම්....

    ReplyDelete
  3. අල්ලපු ගෙදර බලු නකුට්ටා අතුරුදහන් වීම පිලිබඳව පරීක්ශණ පවත්වන කොටකදෙනියාව පොලිසිය ඒ ගැන සොසි ගෙන් කට උත්තරයක් ගැණීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

    ReplyDelete
  4. ඒ වගේ වෙලාවට කලබල වෙලා කෑගහ ගහ පස්සෙන් දුවන්න එපා...කමාන්ඩ්ස් දෙක තුනක් වත් පුරුදු කරන්න...අවුරුද්දක් විතර වෙනකොට නැත්නං මෙයාව පාලනය කරගන්න බැරුව මහා කරදරයකට පත්වේවි...එහෙම උනාම මේ අපේ එකාය කියන්න වෙන්නේ පොලීසියෙන් ආවාම....!

    ReplyDelete
  5. ඒක ඇත්ත, එයාට ඔයාගේ අණට කීකරු වෙන්න පුරුදු කරන්න. ඒක අමාරු නැහැ :) :) ඔයාව ගොඩක් කල් ඉදන් මම කියවන ලස්සනම අදහස් තියන තැනක් :)

    ReplyDelete
  6. මේ අපේ අල්ලපු ගෙදර බලු නට්ටෙක් ඉන්නව බටු අැටයක් තරංවත් නෑ. මූ මගෙං ගේම ඉල්ලනඑකමනෙ කරන්නෙ

    ReplyDelete
  7. ඔයාගේ බල්ලාට නිදියන්න වෙනම පොඩි බුරු ඇඳක් හදලා දෙන්න

    ReplyDelete
  8. හම්මෝ..........අපේ බලු සුරතලී නම් දැන් ලොකුයි. නමුත් ශරීර ප්‍රමාණයෙන් පොඩියි. හුරතලේ බොහොම ලොකුයි.

    ඔබේ සුරතලා තවම හොද වැඩ පෙන්නන්න පටන් අරන් නැහැ. මෙයා ලොකුවුනාම පාලනය කරන්න බැරිතරම් විශාල වෙන වර්ගයකට නේද අයිති?

    පොඩි පොඩි වැරදි ටිකක් තියනවා හදමුද?

    දන් වැල කියන වචනයට තේරුමක් නැහැ. දම්වැල තමයි හරි.

    //මම උන් දෙන්නා පස්සෙන් දුවයි//

    පෘෂ්ඨිමත් නෙවෙයි පුෂ්ටිමත්

    එඹී බලන්නට නෙවෙයි එබී බලන්නට

    ReplyDelete
  9. බොහොම ඉස්තුතී කමෙන්ට් කරපු කාටත්. කාලෙකින් තමා කමෙන්ට් කරපු අයට රිප්ලයි ලියන්නේ.
    Pra Jay
    මැක්කන් කිනිතුල්ලන් නම් නැහැ. හැමවෙලේම අතපන ගාන නිසා අපටත් බෝවෙන්න පුලුවන් නිසාත් නාවල පවුඩර් දාලා පීරනවා...

    නිර්මාණි
    සුභ පැතුමට ඉස්සරෝම ඉස්තුති.මේ පැත්තෙ ආවට දෙවෙනියට ඉස්තුති.පුලුවන් වෙලාවක ඇවිත් යන්න කෝ.

    ඉයන්
    හෙහේ......වෙලාවට මම කොටදෙණියා පොලිස් බල ප්‍රෙද්ශයේ නෙමේ.....



    ReplyDelete
  10. chef-architect
    ඔහොම දෙයක් උනාමයි. වාඩිවෙන්න , එන්න යන්න , අත දෙන්න , බඩ පෙන්වන්න වගේ ඒවා නම් එයාට කියා දුන්නා. මේ වගේ වෙලාවට නම් මුකුත්ම කියා දිලා නැහැ. ඔබටත් ඉස්තුති....

    ReplyDelete
  11. චතු
    ඒක තමා ඒ ගැන හිතල බලන්න ඕනි. ඉස්තුති මේ අහා ආවාට

    ReplyDelete
  12. තනි අලියා
    අලියෙක් ගෙන් ගේම ඉල්ලන බල්ලෙක් ගැන ඇහැව්වමයි ඕං....හෙහේ

    ReplyDelete
  13. Anonymous
    අර මොකෝ බූරු ඇදක්. ?

    ReplyDelete
  14. විචාරක Wicharaka
    වැරදි පෙන්වා දුන්නට ඉස්තුති....
    තරමක් ලොකු වෙන බල්ලෙක් තමා.එයා තමා ඔය පින්තුරෙ ඉන්නෙත්.

    ReplyDelete
  15. මහ බලුම බලු කතාවක්

    ReplyDelete
  16. මහ බලුම බලු කතාවක්

    ReplyDelete
  17. //වාඩිවෙන්න , එන්න යන්න , අත දෙන්න , බඩ පෙන්වන්න වගේ ඒවා නම් එයාට කියා දුන්නා//

    හහ්, දැන් එතකොට කාගෙද වැ‍රැද්ද? මේ වගේ වෙලාවකට කරන්න ඕනෙ දේ මට කියල දීලා තියනවද? නකුටා උනත් ඌ මාරයා වගේ දත් විලිස්සන් ආවම මට කැත හිතුනා. ඒ කයි දිව්වෙ, නැතුව බයකට එහෙම නෙමෙයි, " හරිය?"

    අනික අර ප්‍රාජේත් කියල තියෙන්නෙ, නකුටට ගෙම්බර් දාන්න ගිහින් ටික් ෆීවර් හැදුනා, මොන දෙයියන්න කියන්නද? අනේ, මේ ඊට මීට හොදා, කකුල් හතරට වැඳ , වැඳ හුරේ රන් එකක් දෙන එක.

    මීට,
    සොසීගේ බලු තඩියා ( ඉස්සර නං පැටියා)

    ReplyDelete
  18. ඉස්සර අපේ එකා කකුල් දෙකෙන් හිට ගත්තම අඩි පහමාරක් දිගයි. මිනිස්සුන්ව හපන්න පනිනවා මාරයා වගේ..
    හැබැයි පුසෙක් දැක්කොතින් පණ එපා කියල දුවනවා කූඩුවට..

    ReplyDelete
  19. ඔහොම ඉන්නකෝ දැන් බුර බුරා රිවර්ස් ගැහුවට මාස 9 පනින කොට නෝ කොන්ට්‍රෝල්, බලල ෆොර්වර්ඩ්. :D

    ReplyDelete
  20. බලු පැටිය ගැන ආදරේ වැඩි වෙනවා මේක කියවන කොට. සුවච කීකරු බලු සුරතලෙක් කියල හිතෙන්නේ.

    ReplyDelete
  21. තාම පරක්කු නැ ඌට කියලදෙන්ඩ ඌ බල්ලෙක් කියලා

    ReplyDelete
  22. එයාගෙ හැඩ! හරිම හැඩයි ඈ...

    අපේ එක්කෙනා පොඩි කාලෙදි දවසක් වහිනකොට එළියෙ ඉඳන් හොඳටම කෙඳිරි ගානවා.. එයාගෙ කූඩුවේ ඉන්නෙ. ඒත් ගොරවද්දි බය වෙලා. අන්තිමට මං ගේ ඇතුළට අරන් තියාගත්තා. වැඩේ කියන්නෙ මාත් තනියම හිටපු දවසක්. අම්මලා ඇවිත් කියනවා හොඳයිලු ගේ පරිස්සම් කරන්න ගෙනාපු එක්කෙනා...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...