..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, March 27, 2016

බලාපොරොත්තුව ----------------------


බලාපොරොත්තුව

----------------------




තණ කොළ බිස්ස වේලීලා බලන්නට දුකය. තණ කොළ ගොඩේ දගලන බල්ලාට ද තණ කොළ අග්ගිසි නැති පාළුව දැනී ඇත. ගහ කොළ මැල වී නොසෙල්වී සිටින්නේ සෙළවීමකටවත් ඇවැසි ශක්තිය නොමැති ලෙසිනි. 



කහ පාට ලීටරේ ,හිස් අයිස් ක්‍රීම් පෙට්ටිය පුරවා ඇති වතුරේ, ගිලෙමින් ,පියාපත් තෙමමින් සිටි කොණ්ඩ කුරුල්ලාව ගේ කුරුළු දෙමාල්ලන් විසින් පලවා හැරියේ මේ දැන්ය. වෙනදාට නම් ලීටරයේ ප්ලාස්ටික් වතුර පෙට්ටිය ගැන කිසිම කුරුල්ලෙකුට වගේ වගක් නොතිබුනි. හදිසියේ හෝ එයින් නෑවේ කම්මැලි දෙමලිච්චකු පමණි.

දවසේ මා වඩාත්ම කැමැති වේලාව මේ සැන්දෑවයි. සැන්දෑව වන විට මාගේ දෛනික චර්යාවේ වැඩ බොහෝමයක් අවසන් වූවත් බොහෝ දෙනෙකුගේ කාර්ය බහුලම වේලාවයි. දිනයේ වැඩ අවසන් කර නා , වැඩි කහට තේ කෝප්පයක් තොල ගාමින් පාර දෙස බලා සිටිනා මට හැන්දෑවේ කලබලය දෘශ්‍ය චරිත එහා මෙහා යන කතාන්දර පොතක් මෙනි.


පාසල් නිල ඇදුමෙන්ම දැඩි තෙහෙට්ටුවෙන් නිවස වෙත ගාටන දරුවන් ද , 
නිල ඇදුමින්ම වුවත් තවත් දැගලිය හැකි ශක්තිය සහිත ක්‍රියාශීලී දරුවන් ද , 
දවස පුරා ආදර සක්මන් කර වෙන්වීම දරා ගත නොහැකි පෙම්වතුන් ද , 
පුද්ගලික පන්තිය ඇරෙන තෙක් බලා සිටිනා නොයිවසිලි දෙමාපියන් ද,
 බෑග් මළු පුරවා ගෙන ගෙවුනු සපත්තු අතුල්ලමින් නිවස කරා යන වැඩිහිටියන් ද දකිමින් මම නිදහසේ ගත කරමි.


නමුත් අද සැන්දෑව වෙනස් වී ඇත. ලහි ලහියේ ගමන් කරන වුන්ගේ සිත පිරී ඇත. අහස දෙස බලන මා සිත ද උද්දාමයෙන් පිරේ. කට වරද්දා ගන්නට හොද නැතැයි සිතුනත් මේ උද්දාමය නොකියාම බැරි තැන කලකට පසුව වුවත් මෙසේ ලියන්නට සිතුනි. මහාකළු වැහි වලාවක් ප්‍රදේශයම වසා ගනිමින් අහසේ නැවතී ඇත. නාස් කුහරයෙන් පිටවන වියළි හුස්මටත් වළාකුළ පාවී යතැයි බිය සිතේ. මහා වරපටක් ගෙන වැහි වලාවට පලා යා නොහැකි ලෙස බැඳ දැමීමට සිතෙයි.


මින් පෙර දින වල දී ද අහසේ පෙනි පෙනී නොපෙනී ගිය බලාපොරොත්තුවේ කළු වැහි වලා මතකයට එයි..... තණ කොළ ගොල්ල ද සිනා සෙමින් උඩම බලා සිටියි.... ගහ කොළ නොසෙල්වී වැහි බිඳු පිළිගැනීමට හිස් නවා ගත් ගමන්ය.





මේ ආරාධනා ඉතින් 


ඉවතා නොම ලන්නේ 


පොළවටම විත් අයෙත් 


හැරී නොම යන්නේ 


නොරවටා මා වියළි සිත මිතුරේ 


වැස්ස වී දොඹ ගෙඩි තරම් 


වහිනු මැන සිතු සේ

9 ප්‍රතිචාර:

Ravi said...

මගේ ආහාරය පිළියෙළ කර ඇත.
දෙනුන්ගෙන් කිරි දොවා අවසානය.
නිවස වැස්සෙන් නොතෙමෙන සේ සෙවෙලි කර ගිනි දල්වා එළිය කර උණුසුම් කර ඇත.
එහෙනම් වැස්ස, ඔබට ඕනෑනම් වහින්න "

- ධනිය ගෝපාල  කථා වස්තුව

දවසේ වැඩ අවසන්ව සීතල වතුර ට හිස අල්ලා නා ගත්තෙමි.
මගේ සුපුරුදු වේවැල් පුටුවෙහි වික්ටෝරියා මහේසිකාව මෙන් අසුන්ගෙන ඉන්නෙමි.
වැඩි කහට තේ කෝප්පයක්ද අත පොවන මානයේ කොට බිත මත ඇත.
ඉදින් මා දයාබර වැස්ස වහ වහා වසිනු මැන

.- ධනිය ගෝපාලගේ දියණිය

උපේක්ෂා said...

ඒ කිව්වට අපිට වැස්සේ නැහැනේ අප්පා. අකුණු විතරමයි. මගේ හිතත් තැලුනා අප්පා..

Mahesh Rathnayaka said...

යෙ පැත්තට වැස්සය.
සැක් මෙහෙ නං දෙයියො පොටෝ ගැහුව විතරයි.
වැඩක් නෑ

වැසි දැරිය - The Rain Girl said...

වැසි දැරියට සතුටක්.. වැස්ස ගැන වැඩි වැඩියෙන් ලියැවෙන තරමට..

ගල්මල්-Coral said...

සොඳුරු බලාපොරොත්තුව ඉටු වුනා ද මන්දා
යාය පහුකර ඈතින් අවුදින්
ගිං තොටින් පිටව යන්න දෝ
සිසිල අබින්දක් බෙදල දුන්න
මිනි කැට වැටෙන සද්දෙට
ගැස්සුන කරණවෑමි අත
නිකට පහලින් මගේ
රතු ඉරක් ඇන්ඳා...

Lalith perera said...

ළගදීම බලාපොරොත්තු ඉටුවේවි..

අටම්පහුර said...

අද නං යාන්තං පොදයක් ගියා

Dayal Bathee said...

වැස්සෙන් තෙමුණු තණපත්
ඊයේ තිබුනු නියඟය ගැන සහමුලින්ම
අමතකවූ මෙන්
දලුලා නිල්ලට හැදෙනව
ඊයේ සිදු වූ සියලුම දේ
අමතක කොට
නැවතත් දලුලා වැඩෙන
තෘණ පතක් මං අද

Gossip Lanka said...

ආසාවට වැස්සක් දැකපු කාලයක් මතක නැහැ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...