..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, March 18, 2016

චිප් බල්ලා

බල්ලා ලෙඩ වෙලාය...........



අද උදෑසන මොකක් දෝ අඩුවකින් පිරී තිබුණි. උදෑසන අවදි වී කබ කඩ කඩා ඇඟමැලි හරිමින් යද්දී මුළු තැන් ගෙට පිවිසෙන ස්ථානයේ දී ලැබෙන උණුසුම් පිළිගැනීම අද නැත.

 උදෑසන තේ කෝප්පය සාදා ගැනීමට කේතලය ලිපෙන් බානතෙක් බලා සිට ආරම්භ වී , සුදු කිරි පිඟාන ළඟට ලැබෙන තෙක් නොනවතින ආයාචනාත්මක හුරතලය ද අද නැත.

 ඒ මතු නොව කරකවා පොල් ගාන්න පටන් ගන්නා හඩ ඇසෙන තැන සිට පොල් කට්ටේ දාරය දිගේ පොල් තීරුව සමඟින් කට්ට කැමට ඉල්ලා කෙරෙන තර්ජනාත්මක කෑගැසිල්ල ද අද නැත. 

මේ සියල්ල සිදු කරනා උදෑසන නිවසේ ප්‍රාණය වන් ඔහු ලැග ගත් තැන ඔත්පලව මෙන් ඔහේ වැතිරී සිටී. යාන්තමින් ඔළුව නොසෙල්වා ඇස් ඔසවා බලයි. අදහාගත නොහැකි වේගයෙන් දික්වී තිබූ වලිගය සොලවා ගැනීමට නොහැකිව මෙන් සෙමින් ගැස්සේ. මගේ හිත ඊට වඩා වේගයෙන් සැලේ. 

පෙරදා අපෙන් අඩුපාඩුවක් වූවාදැයි මම ස්මරණය කළෙමි. 

බඩ පිපිරෙන්නට කන්නට දුන්නෙමි. 
සෙල්ලම් කළෙමි. 
නින්දට පෙර රැහැන් පටින් මුදා හලෙමි..... 

අඩුවක් වුවත් බල්ලන් මිනිසුන් මෙන් ඒවා සිහි තබා නොගන්නා නමුත් අපෙන් වරදක් වුවාදැයි යලි යලිත් සිහිපත් කළෙමි.

වසක් විසක් කැවිලා වන්නට බැරිද? එහෙත් කන්නට හැකි වසක් විසක් ගන්නට හැකි තැනක ද නැත..... 

" ළමයෝ බල්ලට මොනා වෙලා ද? " අම්මා අසන්නේ ද සංතාපයෙනි.............................


මා ළගටත් ආවෙ වත් නැහැ "

 " දෙන දෙයක් කන්නෙත් නැහැ " 

"අනේ මන්දා " 

අම්මා දිගින් දිගටම පවසන්නීය. 

" පණු බේත් දුන්නෑ නේද කාලෙකින්.ගිහින් එන කොට පණු පෙත්තක් ගේන්න" අම්මා හිත හදා ගත්තේ එසේය....

මම තව ටික වේලාවක් ලෙඩා අසල ගත කළෙමි. ඔහු සිටි හාත්පස සිසාරා බැලුවෙමි. 

කන්නට දුන් පිගාන සුපුරුදු පරිදි මුනින් අතට නවා අැත්තේ ඔහු විසිනි. අවසාන බත් ඇටය තෙක්ම කෑම ගෙන තිබුණි. 

පිගාන සමඟ සෙල්ලම් කල බව ට ආයේ කතා දෙකක් නැත්තේ එය මුනින් අතට නවා තිබුු නිසාය. 

අපේ බල්ලාගේ හැටි එහෙමය. කා බී පිගන් නවා තබයි.වේලාව ගත වෙයි. රැකියාවට යාමට ප්‍රමාද වේ... 

වරද පනුවන්ට පවරා පනු බේත් රැගෙන ඒමට සිහි තබා ගෙන පාසල් ඒමට පිටත් වූයෙමි. 

පාසල් ගිය පසු මට නම් සියල්ල අමතකව ගොසිනි. බලු පැටවුන්ට වඩා දඟ පැටව් සමගින් සිටිනා විට එසේ වීමේ පුදුමයක් නැත...නැවතත් එය මතකයට ආවේ පාසල් ඇරී ගෙදර එද්දීය. 

පනු පෙත්ත අත් බෑගයේ සුරුකිව ඇත. 

නිවසේ ගේට්ටුව පැන්නුවා පමණි..... 

උදේ අතුරුදන්ව තිබූ පිලිගැනීම දෙගුණ තෙගුණ වී ඇසෙන්නට විය. හිත සතුටින් පිරුණි..... 

බල්ලාට උදෑසන වූයේ කුමක් ද?................................ 

මා හිස ගල්වන්නට රැගෙන ආ තරමක විශාල ප්‍රමාණයේ ෂැම්පු බෝතලය භාවියට ගෙන දින දෙකක් නොයික්මවූ තරම්ය. 

අද උදෑසන එය අම්මාට හමුවී ඇත්තේ තැනින් තැන වූ සිදුරු සහිතව බල්ලා සෙල්ලම් කරන මේසයක් යට තිබිය දීය. 

ෂැම්පු දියරය ඉසිරී තිබී ඇති අතර ප්ලාස්ටික් බෝතලය පුරාම කවුදෝ සිදුරු විදලාය........... 

බල්ලා ලෙඩ වෙලාය...........



ප/ලි - සමහර මිනිස්සු බල්ලාට "ගුඩ් බෝයි " කියති. තවත් සමහරු " පුතා " කියාද අමතති. හැබැයි මේ සියල්ල , ගෙදර බල්ලාටය .තමන්ගේ එකාටය. අනිත් සියළුම බල්ලන්"චිප් බල්ලාය"

11 comments:

  1. බල්ලෙක් හදාවඩා ගන්නවා කියන්නේ ලොකු වගකීමක් අතට ගැනීමක්....වෙට් කෙනෙකුට පෙන්නන්න..ශැම්පූ විසයි..

    ReplyDelete
  2. මොන බැල්ලිගෙ පුතාද ඔය වගේ නොසැලකිල්ලෙන් බල්ලෝ හදන්නේ.

    ReplyDelete
  3. බල්ලා හිතවත් කමට
    උන් හිටි තැන් අතැර
    මිනිසා සමග එදා
    ශීලාචාර වෙන්න
    ඇවිදින්
    අනිච්ච්ං දුක්ඛේ
    අහගන්න කතා
    ( ලස්සනයි ලියන රටාව . බල්ලා ගැන තව ලියනවද? )

    ReplyDelete
  4. ඌ තාම හිච්ච එකා වයසෙ නේ ඉන්නෙ උට අහුවෙන අහලකිං පහලකිං ඕ වගේ ඒව තියන්ට එපා..
    අර ෂෙෆ් කීව වගේ වෙට් කෙනෙක්ට කතා කරල හරි බැලුවොත් හොදයි කියල හිතනවා

    ReplyDelete
  5. බලු වියදන් වයස් අවුරුදු 11යි ඇස් 2කම සුද අන්ද වුනේ දියවැඩියාව නිසා මේ ඊය ගෙවපු බිල

    1 Path-in house [veterinary clinic]bloodg glucose curve $110.00
    2 Path in-housr Urinalysis[Dipstick and USG only $ 25.00
    3. Vacc K9 annual check up & C3 $ 112.00
    4. Caninsulin 40iu 10.ml[vial ] $ 68.86

    total $ 333.86

    ඊයේ ගෙව්වේ අනිච්ච්ං දුක්ඛේ සංසාරේ

    ReplyDelete
  6. කටින් සබන් බෝල පුම්බා පුම්බා ඉන්න ඇති.. කෝකටත් බඩ කපලා බලමු

    ReplyDelete
  7. සත්තු හදනව නං උංට බඩ පිරෙන්ට කන්ට දීපං..පව්නෙ අහිංසකයො.. උංට හරියකට කන්ට නැතිඋනාම බඩගින්න ඉවසගන්ට බැරුව උං රටේ නැති එව්ව කනව බොනව. ඒ සතාගෙ නෙවෙයි ඉත්තේරුවෙම්ම උඹෙයි වැරැද්ද..

    ReplyDelete
  8. අයියෝ...ඉක්මනට බලු දොස්තරෙකුට පෙන්නන්න. දැන් කාලේ ෂැම්පු මිනිස්සුන්ටත් විසයි.

    ReplyDelete
  9. සත්තු හදනවනම් ලමයි බලාගන්නවා වගේම තමයි. ඔය ඇගට විස දේවල් ඈතින් තියන්න ඕන.

    ReplyDelete
  10. බව්වා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බැලුවනං හොදයි ඉක්මනටම...

    ReplyDelete
  11. හරිම ලස්සන බ්ලොග් සටහනක්...
    මේවායින් ජීවිතයට ගන්නත් දෙයක් තියෙනවා...
    මටනම් බල්ලෝ එපා වෙනවා උන් අසනීප වුණාම මොනා කරන්නද ඉතින් අපි උන්ව හොඳට බලාගන්නවනම් අවුලක් වෙන්නේ නෑ.
    කොයිකටත් බල්ලාව දොස්තර කෙනෙක් වෙතට අරගෙන ගිහින් පෙන්නනන්න.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...