..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, February 9, 2016

ඉස්කෝලෙ දවසක්

ඉස්කෝලෙ දවසක්


උදේ පළවෙනි කාලච්ඡේදයේ සහ දවසේ අවසන් කාලච්චේදයේ දී අත් දෙකත් පස්සට කරන් බොරුවට අඩිය බර කරන් , පාසලේ පන්ති කාමර  තියන ශාලා අතර එහේ මෙහේ යනේක අපේ ආයතන ප්‍රධානියාවෙච්චි විදුහල්පතිතුමාගේ පුරුද්දක් . 

එහෙම යද්දි අනිවාර්යෙන්ම පන්ති කාමරය ඇතුලට එඹිලා බලනවා.  ඒ විතරක් නෙමේ එඹිලා බලන වෙලාවේ පන්තියෙ කවුරුවත් නැත්තම් පන්තියට ගොඩ වෙනේකත් එයාගේ පුරුද්දක්.... 

ඉතින් අද ඒ කාලච්ඡේද දෙකේදිම මම හිටියේ මම බාර පන්තියේ. උදේ පළවෙනි කාලච්ඡේදය පන්තිය බාර පන්තියට යනව කියන්නේ ඒ කාලච්ඡේදය පුරාම කෙරෙන්නේ කතා බහ තමයි. පන්ති අතුගාල ද බලල , පහන තියල ද , හඳුන්කුරු පත්තු කරල ද,  අඩු පාඩු මොනාද හොයල බලල , ඒවා හරියට කරල නැත්තම් මූණ ට තරහක් අරන් පොඩ්ඩක් බැනලා නම් ටික ලකුණු කරල , ආවේ නැති අය ගැන තොරතුරු අහලා , පන්තියේ පුංචි පුංචි ආරවුල් සමථයකට පත් කරලා උගන්වන්න පටන් ගද්දිම කාලච්ඡේදය ඉවරෙන සීනුව නාද වෙනවා....

අද සුපුරුදු වැඩ ටිකට අමතරව තීන්ත ගාපු නිසා බිත්තියේ අලවන්න පරක්කු වෙච්චි කාල සටහන් , පිරිසිදු කිරීම් , දින දසුන සහ මගේ ගානේ පන්තියට දෙන ආවර්තිතා වගුව වගේ දේවල් බිත්තියේ හයි කරා. 

ඒ වෙලාවේදි මං හිටියා කියල නැහැ කොල්ලොන්ගෙ කටවල් වට්ටි තාත්තල පරාදයි. ඒ මදිවට කෙල්ලො , කොල්ලො කරන වැඩ වල වැරදි හොයනවා. පන්තියම ඝෝෂාකාරී.හැබැයි ජීවයෙන් පිරිලා. 

සපුරුදු පරිදි විදුහල්පතිගෙ සක්මන සිද්ධ වුනේ ඔන්න ඔය වෙලාවෙදි. පන්තියේ ඉස්සරහ බිත්තියෙ අලවන දේවල් වල ඇද කුද හොයන්න පන්තියේ පිටිපස්සටම ගිහිල්ලයි මම ඒ වෙලාවේ හිටියේ. 

ළමයි දන්නෑ ප්‍රින්සිපල් ඇවිත් කියලා. යක්කු ටික වගේ කෑගගහ එයාල බිත්තියේ අලවනවා. පි්‍රින්සිපල් එඹුනා. ම්හ්....ගුරු මේසය ගාව කවරුවත් නැහැ. මාව එයාට පෙන්නෙත් නැහැ. කොල්ලන්ගෙ සද්දෙ අඩු වෙන්නෙත් නැහැ. 

මම ඇස් ලොකු කරල ළමයි දිහා බැලුවා. ඇස් ලොක කරාම සද්දෙ තව වැඩි වුනේ සද්දෙ වැඩි කරන බොත්තම වැඩිම අංකෙට කැරකුවා වගේ.. බැරිම තැන මම ගුරු මේසෙ ලගට යද්දි ම පන්තියට ගොඩ වෙන්න තියපු අඩිය ආපස්සට ගත්ත විදුහල්පතිතුමා සද්ද නොකරම යන්න ගියා...

ඒ උනාට අද හවස වෙද්දි කවුදෝ කේලමක් කියලා.පන්තියේ ළමයිගේ හැසිරීම අන්තිමයිලු . ගිය අවුරුද්දෙ පන්තිභාරත් මම නෙමෙයි ලු.


ප/ලි- ගිය අවුරුද්දෙ පාසලේ හොඳම පන්තියට තේරුනේ ඒක.

7 ප්‍රතිචාර:

කල්‍යාණ මිත්‍ර said...

//අත් දෙකත් පස්සට කරන් බොරුවට අඩිය බර කරන් , පාසලේ පන්ති කාමර තියන ශාලා අතර එහේ මෙහේ යනේක// ප්‍රින්සිපල් මේ පොස්ට් එක කියෙව්වනම් තවත් ඔරොප්පු වෙනවා..

හෑ! වට්ටි තාත්තලා.. ඒ මොක්කුද?

Ajith Dharma said...

හරිම අසාධාරණයි කේලම . නමුත් ඉතින් විදුහල්පතිම හිතල කියන්න ඇති. අර පහන් පත්තු කරන හඳුන්කුරු ගහන සීන් එක මොකද ? දෙවියොත් ඉන්නවද?

තුශානි said...

හපොයි.. අපේ ඉස්කෝලේ වගේ නම් ප්‍රින්සිපල් පන්තියට ගොඩ වෙන්න තියපු අඩිය ආපස්සට ගන්නෙ නෑ ඔය වගේ වෙලාවක කීයටවත්. ටීචටයි ළමයින්ටයි දෙගොල්ලන්ටම දේශනාවක් දීලම තමයි යන්නේ.

Kukulage Kotuva said...

ගුඩ් මෝනින් ටීචර්, මම අළුත් ළමයෙක්, ඇවිත් යන්න එන්න.
kukulagekotuva.blogspot.com

උපේක්ෂා said...

මට මතක් උනේ 'තාරේ සමීර් පර්' කියන හින්දි සිනමා පටය.

පල ඇති රුකටලු පොලු ගහන්නේ.

සිංහ මචන් said...

ඔන්න මාත් පන්තියට ආවා..

Dinesh said...

අපේ වගේ උනානම් ළමයින්ටත් බැනලා ටීචර්ටත් බැනලම තමයි යන්නේ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...