..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, February 29, 2016

හිතවත් ලියෝ,

හිතවත් ලියෝ, 


හිතවත් කියල ලියන්න හිතුනෙ ඔයා රඟපාන චිත්‍රපටිත් එක්ක බැදුනු හිතවත්කම නිසාමයි.ඔයා කොච්චර දුර හිටියත්, ඔයා මාව දැකල නැතත් , අපි එක රටක නොවුනත් ඒ හිතවත්කම ඔයාට නැති කරන්න බෑ...... 

ඉතින් ලියෝ ඔයාව මම ඉස්සරෝම දැක්කේ ලස්සන රොමැන්ටික් චිත්‍රපටියකින්...ඒ තමා "ටයිටැනික්".අපි ඒ කාලේ ඒ චිත්‍රපිටියට පිස්සු වැටිලා හිටියේ.මම ඇතුළු අපේ පන්තියේ කෙල්ලො ‍ඔයාගේ පෙම්වතිය වුනු රෝස් වගේ ඉන උඩට දාපු ගවුම් මහල ඇන්දා මට තාම මතකයි..... ලියෝ...

එදා ඉදලා අද වෙනකම් මම ඔයා රගපාපු ෆිල්ම් බැලුවෙ හරිම ආසාවෙන්.එයිනුත් Inception කියන්නේ ඒකෙ තියෙන අර බඹරේ වගේ මාව කරකවල අතෑරපු චිත්‍රපටියක්.ඒක තේරුම් ගන්න මම ෆිල්ම් එක කීසැරයක් නම් බැලුව ද ... 

ඇයි අර මහ අමුතු කතාවක් තිබ්බ ශටර් අයිලන්ඩ්... ඒක බලල මට පිස්සු නොහැදුනා විතරයි.ඒ ඔයාව දැකල නෙමේ. ඒකේ ඔයා රගපාපු චරිතය දැකලා...

හැබැයි මම කැමතිම චරිතය තමා " කැච් මී ඉෆ් යූ කැන් " ඒකේ ඔයා හරිම අපූරුවට රගපෑවා..අදටත් මම ඉස්කෝලෙ උගන්වද්දි සමහර ළමයිගේ වැරදි වැඩ දැක්කම "කැච් මී ඊෆ් යූ කැන් " වල ෆ්‍රෑන්ක් මතක් වෙනවා.......

ඉතින් ලියෝ....අද මම ඉන්න පුංචි රටේත් සිංහල නිව්ස් වලට ඔයා ගැන කියද්දි අපි හරි ආසාවෙන් අහන් හිටියා. ඔයා වෙනුවෙන් හදවතින්ම සතුටු වුනා. ... ෆේස් බුකියේ අපේ සිංහල පිටුත් ඔයාගේ පින්තූර වලින් , ඔයාට පතපු සුබ පැතුම් වලින් පිරිලා ගියා...

ඉතින් ලියෝ ඔයා අන්තිමට අර ඉංග්‍රීසියෙන් කියපු කතාව නම් මට හරියටම තේරුන්නෑ. (Let us not take this planet for granted. I do not take this night for granted") මොකද හැමදාමත් ඔයාගේ චිත්‍රපටි බැලුවේ සිංහල උපසිරැසි දාගෙන. හැබැයි ඒ කියපු කතාව හැගීම්බර අර්ථවත් දෙයක් කියල නම් හිතුනා.

ඔස්කාර් සම්මාන වල ලගටම නම ඇවිත් නම කැපිල යද්දි ඔයාට දැනුන දේ මොනා වුනත් දිත්‍රපටි බලන රසික රසිකාවියන් විදිහට අපේ රටේත් ගොඩාක් දෙනාගේ හිත් වල "ඔස්තාර්" කෙනෙක් වෙලා ඔයා හිටියා...........

එහෙනම් ලියෝ ඔබේ ගමන කොහොමත් සුභයි.... 

ලැබුන සම්මානෙට මගෙනුත් හෘදයාංගම උණුසුම් සුභ පැතුමක්.පිළිගන්න ඔයාගේ ඔය හදවතේ ඉඩ නැති වෙන එකක් නැහැ.......................

11 ප්‍රතිචාර:

කුරුටු ගෑ ගී පවුර said...

පස්පාරක් නිර්දේශ වෙලා හයවෙනි පාර හරි සම්මානයක් ලැබුණා නේද????????

Kaushi Ariyabandu said...

මම ටයිටැනික් වලට එච්චර ආසාවක් තිබ්බෙ නෑ.. ඒත් ඒ දවස් වල කොල්ලො කෙල්ලො හැම එකාම ටයිටැනික් පෝස්ටර් හොය හොය යනව දැකලද කොහෙද අපෙ තාත්ත මං ඉල්ලන්නෙ නැතුවම මට ටයිටැනික් පෝස්ටරයක් ගෙනත් දුන්න.. මාත් ඒක බිත්තියෙ ගැහුව... මම ලියෝගෙ ආසම රඟපෑම මුලින්ම දැක්කෙ කැච් මී ඉෆ් යූ කැන් එ‌ෙක්... ඊට පස්සෙ හැම එකම වගේ හොඳයි....

ඊළඟට Tom Hiddleston තමයි මගේ ලිස්ට් එකේ ඉන්නෙ....

Sindu Seneviratne said...

ඇත්තම කියනව නම්, ලියෝ ට මේ සම්මානය හම්බුනා කියල දැනගත්ත වෙලාවෙ මගෙ ඇස් වලින් කඳුලු කඩා වැ‍ටුණ. ඒ තරම්ම මම මේ සම්මානය බලාපොරොත්තු වුණා. ආයෙමත් කඳුලු ආව ඔහුගෙ කතාව අහල...

ඉස්සර අපේ ඉස්කොලෙ ගෑණු ළමයි වගේ ඉන්න කැමති අය අර වගේ ගවුම් අඳිද්දි, අපි වගේ කොල්ලො වගේ ඉන්න කැමති වුණ කෙල්ලො, ජැක් වගේ කොණ්ඩෙ කැපුවා.

සුපිරි දක්ෂයෙක් ! සුපිරි නලුවෙක්. තමන්ගෙ හැම චරිතයකටම සර්ව සාධාරණත්වයක් ඉ‍ටු කරපු මනුස්සයෙක්.

අම්බලන්ගොඩ කථා said...

ලියෝගේ මම ආස කරපු චිත්‍රපටි තුනයි තියෙන්නේ.. ටයිටැනික්, කැච් මී ඉෆ් යූ කැන් , බ්ලඩ් ඩයමන්ඩ්.. තුනම නියමයි.. ඉන්සේප්ෂන්, ශටර් අයිලන්ඩ් නම් රඟපෑම හොඳ වුනත් බලන් ඉන්න අමාරු වුනා.. ලියෝට සුභපැතුම්..

Trans Sylvania said...

මමත් කැමතිම චරිතය තමා " කැච් මී ඉෆ් යූ කැන් Frank Abagnale

Dinesh said...

ටයිටැනික් වලින් පස්සේ ලියෝගේ ෆිල්ම් එකක් නෑර බලලා ඇති. ඔස්කාර් සම්මාන ලැබුනා නැතා ඒ රගපෑම හැමදාම විශේෂයි. ඉන්ස්පෙක්ශන් විතරක් නෙමෙයි ශටර් අයිලන්ඩ් ෆිල්ම් එකත් ඒ වගේම මාව අන්තිමේ රවුම් දෙක තුනක් කරකවලා අත ඇරිය ෆිල්ම් එකක්.

Podi Kumarihami said...

අපිටත් හරිම සතුටුයි ලු...:)

There is so much that people take for granted.

Udaya Dissanayake said...

ලියෝ කියන්නේ අසහාය නළුවෙක්. මම කැමතිම කැච් මී ඉෆ් යූ කැන් චරිතයට. ශටර් අයිලන්ඩ් මතක් වෙද්දීනම් තාමත් කරකැවිල්ල වගේ. Django Unchained බලල නැත්නම් එකත් බලන්න.

Hasitha Prasad said...

ඇත්තටම ලියෝ කියන්නේ නියම නළුවෙක්, ඔහුට මේ සම්මානය ලැබෙන්න තිබුනෙ මීට ගොඩක් කලින්. බ්ලඩ් ඩයමන්ඩ්,ෂටර් අයිලන්ඩ්,බොඩි ඔෆ් ලයිස්,මෑන් ඉන් දි අයන් මාස්ක්, ලැබුනු හැම චරිතයකටම ඔහු උපරිම සාධාරණයක් කරල තියනවා.
ඒ වගේම ඔස්කා සම්මාන උළෙලේ'දි පරිසර විනාශය ගැන කරපු කතාව විශිෂ්ඨයි.මම-
නම් දැකපු විදියට ලියෝ'ට සම්මානය ලැබීම ගැන වැඩියෙන් සතුටු වෙන්නේ කේට් වින්ස්ලට්
දැක්කද ඇය සංවේදි වුනු විදිය.

KAS said...

ලියෝගේ රඟපෑම හොඳම මොන ෆිල්ම් එකේද කියල දන්නේ නැහැ. ඒත් හොඳම ෆිල්ම් දෙකක් තමයි ඩිපාර්ටඩ් සහ Django Unchained.

Hasitha Prasad said...

මම ඒ දෙක නම් බලලා නෑ. හොයාගෙන බලන්න ඕන. ස්තූතියි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...