..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, February 26, 2016

පීසා පුටු


පීසා පුටු 

-----------------








එච්චර ලොකු පීසා එකක් මම දැක්කෙ පලවෙනි වතාවට.


" ඉතින්... මෙන්න ඔයාට ‍මගේ ගානේ......" 


එයා පීසා එක මගේ දිහාට තල්ලු කරමින් කීවා.


මම කවදාවත් පීසා කාලා නැති විත්තිය එයාට මතක තිබ්බ එක ගැන මගෙ හිත සතුටින් පිරිලා තිබ්බේ. ඒ සතුට සමරමින් තිබ්බ මගේ හිතේනිහඩතාවයේ සද්දෙ ටික ටික වැඩි වෙද්දි වාඩි වෙලා හිටිපු මගේ ලගට

 ආපු එයා මගේ ලගින් හිට ගත්තා. මගේ හිස අතගෑවා.ඔළුව පහත් කර ගත්ත ගමන්ම මම ඔහේ හිටියා.......... 


" අද ඔයා මගේ විශේෂ අමුත්තා " 

රවුමට තිබ්බ ලොකු පීසා කෑල්ලක් කේන්ද්‍රයෙන් වෙන් කරන්නඋත්සාහ කරමින් එයා කීවා.

" මෙන්න . . ." 

පරිස්සමින් වෙන් කරපු ලොකුම පීසා කෑල්ල එයා මට දික්කරා......අපි පීසා කෑලි දෙක දෙක කෑවා. පුංචි යෝගට් කොප්පයක වගේ තිබ්බ නම මතක නැති කෑමෙක බාගෙට කද්දි මට කැරකිල්ල වගේ දැනුනා.ඒක ඒ තරමට පැණි රසින් වැඩියි.ඊට පස්සේ එයා පැතලි පෙට්ටියක දාලා තිබ්බ ලස්සන පැතලි වීදුරුබෝතලය අරන් මේස උඩින් තිබ්බේ හරි සතුටින්.

ඒක ගොඩක් පරණ පාටට තිබ්බට සීල් එකවත් කඩල නැහැ. පුංචි වීදුරු

 දෙකට එයින් ටික ටික වක් කරපු එයා ස්ප්‍රයිට් බෝතලෙන් වැඩි කොටසක් දැම්ම වීදුරුව මට දික්කරා.......... 

" මම මේක අරන් තිබ්බේ විශේෂ කෙනෙක් ආවොත් දෙන්න. "

ඒ කියන්නේ ගොඩාක් කාලෙකින් එයාට විශේෂ අමුත්තෙක් ඇවිත්නැහැ කියනෙක ද?

"ගන්න............." 

දෙවරක් හිතනෙක නතර කරලා එයාගේ අතින් වීදුරුව අරන් කටට ලංකරද්දි නහයට දැනුන ස්ප්‍රයිට් සැරත් බොන කොට උගුරට දැනුන අමුතු තිත්ත මිශ්‍ර වුනු උගුර පිච්චෙන ගතියත් මට මේ දැනුත් දැනෙනවා වගේ........ 


එදා පීසා එකේ තිබ්බ කපපු පීසා කෑලි එකිනෙක සවි කරල තිබ්බ පුංචි
පුටු වගේ සුදු පාට ප්ලාස්ටික් කෑලි ටිකත් , හිස් වෙච්චි පැතලි වීදුරුබෝතලයත් තාම මා ළඟ පරිස්සමට තියනවා..................

10 comments:

  1. අනේ පීසා................ අයියෝ පීසා................

    ReplyDelete
  2. ලග තියන පුංචි දේවල් වල ලොකු මතකයන් ඉතුරු වෙලා තියනවා

    ReplyDelete
  3. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. රස අතීතෙක දුක මතකයක්..??

    ReplyDelete
  6. හැබෑට. මං ගාවත් පීසා බංකු දෙකක් තියෙනවා පරිස්සමට අරන් තියපු. හැක්. ඒ නං ළමයින්ට ඉස්කොලේට ඕන උනොත් කියලයි..

    වෙලාවක සෙට් වෙමුකෝ ටීචර්.. මං එන්නං අර දහංගැට කුසුමත් එක්ක ගල් බෝතලයක් අරන්

    ReplyDelete
  7. පරිස්සමට අරන්තියාගෙන ඉන්න දේවල් වල හැංගුන කතාවක් ඇතුලෙ තියෙනවා..
    මතකයන් ගොඩක් එක්ක අතීතෙට ගියා..

    ReplyDelete
  8. ආයෙ එහෙම දවසක් ඒවි!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...