..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, February 24, 2016

ආදරය


ආදරය

--------




සාමාන්‍යයෙන් අපි ආදරය කරන්නේ පුද්ගලයෙකුගේ මෙන්න මේදේට කියල හරියටම කියන්න පුළුවන් ද? 

මන් දන්නෑ ඒක හරියටම.............

ඒත් මං හිතනවා , මට කවුරු හරි ආදරේ නම් එයා මට ආදරය වෙන්න ඕනි මගේ විදිහට කියලා. 

මෙතනදි මගේ "විදිහ "කීවම රූපය විතරක් නෙමේ. කතා කරන විදිහ, ඇවිදින විදිහ, අදින පලදින විදිහ, මම යාළුවො ආස්රය කරන විදිහ, මගේ රස්සාව, මගේ ආකල්ප කියන හැමදේටම හරි මෙයින් කීපයක්ට හරි වෙන්න පුලුවන්.

ඒත් අපි ආදරය කරන පුද්ගලයා එන්නේ අපි කැමති හැමදේම සහිත පැකේජ් එකක් විදිහට නෙමේ. අපි චුට්ටක් හරි අකැමැති දේවලුත් අර අපි කැමැති විදිහ ඇතුලෙ තියෙන්න පුලුවන්. 

ආදරය කරද්දි ඒ අකැමැති දේවල් සැගවිලා යනවා. ඒත් කවදහරි විරසක වුනාම අපි කැමැති කෙනා ඇතුලෙ තිබිච්චි අකැමැති දේවල් අපිට පේන්න ගන්නෙ අන්න ඒකයි.ඒ කියන්නේ අපි ඇත්තටම ආදරය කරල නැහැ කියනෙක. 

අපි කෙනෙක්ට ආදරෙයි නම් අපි ඒ කෙනාගේ සම්පූර්ණ පැකේජ් එකටම ආදරය වෙන්න ඕනි.අන්න ඒකයි ඇත්ත ආදරේ.

උදාහරණයක් කියනව නම්. මම පිරිමියෙක්ට කවදාවත් එක සැරේ ආදරය වෙලා නැහැ.පෙුනමට කවදාවත් මම බැදිලා නැහැ. පෙනුමට බැදෙන්නේ අන්තිමට .. ඒ පුද්ගලයාගේ පිරිමි ගතියට , කරන වැඩ වලට , වැඩ කරන විදිහට , කරුණාවන්තකමට , වෙනස් විදිහට තමා ආදරය වෙන්නේ..

ඒත් එහෙම ආදරය වෙද්දි මම අකැමැතිම දෙයක් එයා හරි කැමැත්තෙන්ම කරනව මම දකිනවා. උදාහරණයකට මම අකැමැතිම දෙයක් තමා දුම් පානය.ඒත් එයා දුම් බොනවා.

ඒක වැරදි වැඩක් කියලා මමම වගේම එයත් දන්නවා.මොකද එයා වැඩිහිටියෙක්. 

මම එයාට ආදරය නිසා එයාගේ දුම් බීම නතර කරවනව ද? 

මං දන්නැ ඔබ මොනව කරයි ද කියලා.

ඒත් මං එයාගේ දුම් බිමට විතරක් නෙමේ, එයාගෙ දුම් සුවඳ පිරිණු හාදු ගන්නත් කැමැති වුනා.........

මම ආදරය දකින්නේ "සම්පූර්ණ පුද්ගල පැකේජ් එකටම" කරන ආදරයක් විදිහට මිසක් "පස්සෙ හදාගන්නම් " පදනම යටතේ "කොටස් වශයෙන් කරන ඔප්ශනල් " ආදරයක් විදිහට නෙමේ............... 

ඉතින් ආදරණිය දුම් බොන්නා...මට අයිතිකර ගන්න බැරි උනත් මමඔයාට හැමදාමත් ආදරෙයි..............ඒ ඔයාගේ "සම්පූර්ණ පැකේජ් එකටමයි"

මේ මගේ අදහස විතරයි. ඔබේ අදහස මීට බොහොම වෙනස් ඇති. මම ඒකෙ වරදක් දකින්නෑ.....


9 ප්‍රතිචාර:

ඉවාන් පවුලූශා said...

"සම්පූර්ණ පුද්ගල පැකේජ් එකටම" සහතික ඇත්ත . එහෙම නැත්තං ආදරයක් නෑ වගේම කරන්නෙත් බොරුවක්. හැබැයි බොරුව ඈතුලේ දිගට ජීවත් වෙනවට වඩා බොරුව කොහෙන හරි නවතින එක හොන්දයි

Podi Kumarihami said...

//ඒත් එහෙම ආදරය වෙද්දි මම අකැමැතිම දෙයක් එයා හරි කැමැත්තෙන්ම කරනව මම දකිනවා. උදාහරණයකට මම අකැමැතිම දෙයක් තමා දුම් පානය.ඒත් එයා දුම් බොනවා.//

දුම් බොනවා නම්, මම නම් ඒ වගේ කෙනෙකුට ආදරේ වෙන්නේ නෑ.

//ඒත් මං එයාගේ දුම් බිමට විතරක් නෙමේ, එයාගෙ දුම් සුවඳ පිරිණු හාදු ගන්නත් කැමැති වුනා.........//

දුම් හාදු රහ නැහැ.:P

//මට අයිතිකර ගන්න බැරි උනත් මමඔයාට හැමදාමත් ආදරෙයි//

අයිති කරගන්ට බැරි නම් ආදරේ කරලා වැඩකුත් නෑ වගේ.:D

//අපි කෙනෙක්ට ආදරෙයි නම් අපි ඒ කෙනාගේ සම්පූර්ණ පැකේජ් එකටම ආදරය වෙන්න ඕනි.අන්න ඒකයි ඇත්ත ආදරේ.//

ඒක ඇත්ත. ඒත් හදාගන්ට පුලුවන් දෙයක් තියෙනවා නම් කියලා හදාගත්තත් කමක් නෑ. මට හිතෙන්නේ එහෙම.

දේශක යා said...

ඔයාට ඕන දරදඩු, දගකාර, සංවේදි පිස්සු යාලුවෙක්.. හැක්

නාඩියා නාඩිරත්න said...

//මට අයිතිකර ගන්න බැරි උනත් මමඔයාට හැමදාමත් ආදරෙයි//
මේකනම් හරිම මාන්දමික හැඟීමක්!

කුරුටු ගෑ ගී පවුර said...

ගෙඩිය පිටින් ආදරය කිරීම..........

Jamis Banda said...

සම්පූර්ණ පැකේජ් එකටම ආදරය කිරීම කියලා එකක් නම් මේ මහ පොළවේ තියෙනවද දන්නෑ. ඒවගේ බැඳීමක් තිබුනත් කාලයත් එක්ක ඒ ස්වභාවය (උමතු ගතිය) අඩු වෙලා යනවා.

මම හිතන්නේ මෙහෙම දෙයක්.

දෙන්නෙක් ආදර සබඳතාවයක් පටන් ගත්තාම ඒ දෙදෙනාගේ සමානකම් සහ වෙනස්කම් හඳුනගන්නවා (ඔය වර්ග දෙකම අනිවාර්‍යෙන් තියෙනවානෙ). ඉන් පස්සේ ඔය සබඳතාවයේ සාර්ථකත්වය (සාර්ථකත්වය කියන්නේ හැමදාම එකට ඉන්න එක නෙමේ) රඳා පවතින්නේ ඔය සමානකම් සහ වෙනස් කම් එක්ක එකිනෙකා ගනුදෙනු කරන විදිය අනුව. එකිනෙකාගේ ආශා, අදහස්, උවමනා එපාකම් සහ වැදගත්කම් වැඩියෙන් සමාන නම් ඒවගේ සම්බන්ධතාවයක් ගෙන යන්න පහසුයි. ඔතනදි අනෙකා තුල තමා දකින අකමැති දේ සහ නොගැලපීම් ඉවසීම දෙපාර්ශවයෙන්ම සිද්ධ වෙනවා, මොකද ඔවුන් තුළ තියෙන තමා කැමති, තමාට ගැලපෙන දේවල් වෙනුවන්.

වෙනස්ම පුද්ගලයන් දෙදෙනෙක් ආදර සබඳතාවයක් පටන් ගත්තම ජීවිතය ගැන ඔවුන් සිතන විදිහ, ඔවුන්ගේ වැදගත්කම් ගැලපෙනවා නම් ඊට වඩා වාසනාවක් තවත් නැහැ.

තව දෙයක්, සාර්ථක සබ්ඳතාවයකට අවශ්‍ය මූලිකම දෙයක් තමා, එකිනෙකාගේ පුද්ගල නිදහස සහ කැමති අකමැතිකම් වලට ගරුකරන එක.

තමාගේ සහකරුවාත් තමාට වඩා වෙනස් "පුද්ගලයෙක්ය" කියන එක පිළිඅරගෙන ඔහුගේ/ඇයගේ අනන්‍යතාවයට ගරුකරන එක.

ඔබේ ලිපියේ ඇතුළේම දැක්කා ඔබ ඔහුට කොච්චර ආදරේද කියලා.

මෙන්න මේනිසා,

// එයාගෙ දුම් සුවඳ පිරිණු හාදු ගන්නත් කැමැති වුනා.........//

සිගරට් දුම සුවඳ නැහැ. ගඳයි. ඔබ මෙතන 'සුවඳ' කියල කිව්ව එකෙන්ම ඔබ තුළ ඔහුගැන තියෙන ආදරයි පිළිබිඹු වුනේ.

ජය වේවා !

උපේක්ෂා said...

සිගරට් 'සුවඳ' හාදු? ඕවැක් !!

Lalith perera said...

අනිවා හොද පැකේජ් එකක් හොයා ගන්ඩ, බැන්දම හරියයි කියල රිස්ක් ගන්ඩ යන්ඩ එපා, අත් දැකීමෙන් කියන්නේ, ඕ යා

ගස් ලබ්බ said...

ලිවිං ටුගෙදර් මඟින් සාර්ථක විවාහ දිවියකට මඟ සැලසේ..
ජයවේවා..!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...