..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, February 14, 2016

෴ ගමන ෴


- ගමන -



ඒ කතාව වැඩිය දිග කතාවක් නෙමේ හැබැයි හිතේ දිග කාලයක් ..ඒ කියන්නේ අදටත් හෙටත් මිහිරියාවකින් රැදිල තියෙන කතාවක්. එයා දිගටම කතාව කියන්න ගත්තා. මං කරේ අහන් ඉන්නෙක විතරයි. මෙතන ඉදන් දිගටම කතාව කියන්නේ එයා .

------------------------------------------------------------------

නොයෙකුත් ගැටළු නිසා මට ඒ ඉස්කෝලෙන් යන්න වැඩකටයුතු සිද්ධ වෙලා තිබ්බේ. එයා ඒ ගැන හරියට කණගාටු වුනා. එයා මගෙ හිත හදන්න නොයෙකුත් විට දි උත්සාහ කරා.

"කවුද එයා ?" ඒ බාධා කිරීම මගෙන් 

එයා . . . . .  තළෙළු , උස , වයස 24ක විතර ගැහැණු ළමයෙක්. එයාගේ මූණ ගොඩාක් ලස්සන නැහැ. හැබැයි කැතත් නැහැ. එයාට ලස්සන හැඩ ඇඟක් තිබ්බා. එයාව අපේ ඉස්කෝලෙ වැඩට ගත්තෙ මම. ඒ කීවේ එයාව ඉන්ටවීව් කරේ මම. ඒ විතරක් නෙමේ ඔන් ජොබ් ට්‍රේන් කරෙත් මම.

"හරි ඉතින් "


මම එහෙන් යනවට එයා හරියට දුක් වෙලා මගේ හිත හදන්න උත්සාහ ගත්තා කියල මං ඔයාට කීවනේ. එයා මට දිගටම ටෙස්ට් කරන්න ගත්තා. මගේ හිත හදන්න.


අන්තිමට රාජාකාරි බාර දීලා මම ආපහු කොළඹ එන දවස ළං වුනා. ඇත්තටම ඒ දවස වුනේ ඉස්කෝලේ වාර අවසාන නිවාඩු දවස.එයත් මාත් එක්ක කොළඹ යන්න එනවා කියලා එයා මට මැසේජ් කලේ අන්න ඒ අතරේ. මොකද කියනව නම් එයා එක දිගටම  මට මැසේජ් කරපු නිසා එදිනෙදා වෙන හැමදෙයක්ම , මම කරන්න යන හැම දෙයක්ම එයා දැන ගෙනයි හිටියේ.





-----------------------------------------------------------------------------


අපි නැවතුන නවාතැන තිබ්බේ ලස්සන නිහඩ පලාතක. එයා තීරණය කළා දවල් කෑම සූදානම් වෙනකම් සහ හවස් වෙනකම් ඒ පලාතේ ඇවිදින්න .


එයා පුංචි ළමයෙක් වගේ වෙලාවකට මට ඉස්සර වෙලා මහ පාර මැදින් නට නටාත් ,තවත් වෙලාවකට පාර අයිනෙන් ගාට ගාටත් , සමහර වෙලාවකට හිතලම මට පහු වෙලත් ඒ පාළු කාපට් පාර දිගේ යන්න ගත්තා...... මාත් මේ වෙන්නේ මොනාද කියල තේරුම් ගන්න බැරිව , ඒත් වෙන දේට බොහොම සතුටින් මුහුණ දෙමින් කිසිම අරමුණකින් තොරව ඒ පිරිසිදු පාළු කාපට් පාර වැටිල තිබ්බේ රක්ෂිතයකට. 


පාර දිගේම ඔහේ ඇවිදන් ගිහින් කාපට් පාරෙන් කැලේ ඇතුලට වැටිල තිබ්බ පුංචි අතුරු පාරකත් එයා ඇවිදින්න පටන් ගත්තා.......ඒ පාරේ ඇවිදින්න විතරක් නෙමේ , අපි ආපහු එන්න ඕනි කියලා තීරණය කළෙත් එයා.


------------------------------------------------------------


අපි දෙන්නා ඒ රේල්  පාර දිගේ ඇවිදන් යන්න ගත්තා. ටික වෙලාවකින් එයා රේල් පීලක් උඩට ගොඩ වෙලා අත් දෙක දෙපැත්තට කරල ඇඟ බැලන්ස් කරමින් යන්න පටන් ගත්තා.මාත් එයාට සමාන්තරව නමුත් රේල් පාරේ මැදින් ඇවිද්දා. එයා කොයිම වෙලාවකවත් රේල් පීල්ලෙන් බිමට වැටුනෙ නැහැ.මොකද එයා බැලන්ස් නැතිව වැටෙන්න ගියපු හැම වෙලාවකම මගේ උරහිසට අත තිවුවා.....


එතකොට ඔයාල කොළඹ ගියේ නැද්ද ?


ගියා.හැබැයි අපි දෙන්නා තීරණය කරා කෙළින්ම කොළඹ නොගිහින් කොළඹට විරුද්ධ දිශාවට කෝච්චියේ ගිහින් කොහේ හරි නැවතිලා , පහු වෙනිදා රෑ කෝච්චියෙන් කොළඹ යන්න.ඇත්තටම කියනව නම් හැමදේම තීරණය කළේ එයා.මට තිබ්බේ එයා කියන විදිහකට වැඩ කරන්න විතරයි.



--------------------------------------------------------



ඒ කෝච්චියේ මම අපි දෙන්නට වෙන් කරල තිබ්බේ නිදන මැදිරියක්. ඒක මගේ තීරණයකට වඩා ඇගේ තීරණයක්.දෙන්නෙකුට හරියට හුස්ම ගන්නවත් බැරි ඒ පුංචි මැදිරියේ එක්කෙනෙකුටවත් හරියට හාන්සි වෙන්න බැරි ඇන්දන් දෙකක් තිබ්බා.හැබැයි ඒවා තට්ටු ඇන්දන්. කාමරය දිහා ටික වෙලාවක් බලා හිටපු ඇය අගේ ලට්ට ලොට්ට පිරි බෑගය උඩ ඇදට දැම්මා. මගේ අතේ තිබ්බ බෑග් එකත් අරන් උඩ ඇඳට දාන ගමන් එයා කීවේ " අපිට ඇන්ඳන් දෙකක් ඕනි නැහැ" කියලා.................


එතකොට ඔයාල කලින් දවසෙ කොහෙද නැවතුනේ.?


සති අන්ත නිවාඩු දවස් නිසා හැම නවාතැනක්ම පිරිලයි තිබ්බේ. අපි නතර වුනේ පහසුකම් අඩු පුංචි නවාතැනක.


" එකම කාමරේ ? "


ඔවු . . එකම කාමරේ. අපි දෙන්නට කාමර දෙකක් වැඩක් නැහැ කියලා.


" තීරණය කලේ එයා ?"


ඔවු. . . .


" ඉතින් . . .  එදා හරි ලස්සන රාත්‍රියක් වුනා ද? "



ඔවු. . . . .  එයා එයාගේ ඇදේ දිගා වුනා. දිගටම කතා කරන්න ගත්තා. ටිකකින් අතින් එයාගෙ ලග ඇදට තට්ටු කරලා එයාගේ හිසින් මට  කතා කළා. . . . 

.

මොකක් දෝ නාදුනන බලවේගයක් විසින් මාව මෙහෙයවනව වගේ දැනුනත් මම ඒ වෙනදේට අවනත වෙලා හිටියේ කැමැත්තෙන්මයි. මාත් එයාගේ ලගට ගිහින් එයා හිටපු විදිහටම හාන්සි වුනා..... 


මම හරි බරි ගැහිලා මම හිටපු තැන ඇද මෙට්ටය උණුසුම් වෙනකම් විතරක් එයා නිහඩව හිටියා. ආයෙත් එයාගේ කතාව පටන් ගත්තා. එයාගේ ආදර කතාව.එයා දිගටම කියන්න ගත්තා.සමහර තැන් වලදි නිහඩ වුන එයාගේ නිහඩ බව බිදින්න මට ඕනි වුනේ නැහැ.


"හරියට මම දැන් ඔයාගේ කතාව අහනව වගේ "


ඔවු. . . . හැබැයි වෙනසක් තියනවා.ඔයාට මගේ කතාව මතක හිටියට.මට එයාගේ කතාවේ එක පේළියක්වත් මතක නැහැ.



" හරි හරි ඉතින් මොකද එදා වුනේ . . . .  ?"

ඔයා හිතන කිසිම දෙයක් එදා වුනේ නැහැ. එයා දිගටම කතාව කීවා.කතාව ඉවර වෙද්දි එයාගේ වම් අතේ ඇගිලි මගේ දකුණු අතේ ඇගිලි එක්ක පැටලිලා තිබිලා කියල මං දැන ගත්තේ කෝච්චියට යන්න තියපු එලාම් එක වදිද්දි.


--------------------------------------------------------------------------------

ඉතින් ඔන්න කෝච්චියේ එක්කෙනෙකුට වත් ඉඩ නැති ඒ පුංචි ඇ‍ද‍ේ අපි දෙන්නම හාන්සි වෙලා උන්නා. අපි මූණු ළං කරන් හිටියේ හිතලම නෙමේ. ඇදේ ඉඩ මදිකම නිසා අපිට එහෙම ඉන්න සිද්ධ වුනා. එයා මගේ ඇස් වලත් මම එයාගේ ඇස් වලත් ගිලිලා හිටියේ.මට මතක් වුනේ ප්‍රෙමකීර්ති ගේ 


නුඹේ ඇසට ඇස තියලා බැලූයෙමී

කිසියම් රුවක් ඇස් අතරේ මුවා වුණී


නුඹේ කණට කණ තියලා ඇසූයෙමී


කිසියම් හඬක් පිළිරැව් දී තුනී වුණී




ඒ කවුරුන්ද මා විපරම් කෙරූයෙමී

ඒ හැම වරෙක නුඹ නොදොඩා සිනාසුණී


කෝච්චිය දිගටම ගියේ එකම වේගෙකින් , පොඩ්ඩක් වත් ගැස්සෙන්නෙ නැතිව දිගටම කොළඹ දිහාවට ගමන් කරමින් තිබ්බා..... හැබැයි එයා දිගටම මගේ ඇස් දිහා බලා හිටියෙ නැහැ.


" ඉතින් . . . . . . . .දිගටම කියන්න ...........ඇයි දිගටම ඇස් දිහා බලා හිටියේ නැත්තේ ?" නිහඩ බව බිදින්නටත් වඩා එයා එතනින් කතාව නවත්තයි කියල හිතුන නිසා මම එහෙම කීවා.


දිගටම ඇස් දිහා බලා ඉන්න ඇති.ඒත් මං දන්නෑ ඒක හරියටම. මොකද මං නින්ද ිහින් තිබ්බා. මං අැහැරුනේ මගේ තොල් වලට සීතලක් දැනුන නිසා.


එයා මාව ඉඹිනවා කියල ඇස් පියාන උන්නත් මට දැනුනා.... මම ඒක එහෙමම වෙන්න දුන්නා.ඒකට අනුගත වුනා.


"ඊට පස්සේ ?"


ඊට පස්සෙ නෙමේ ඊට කලින් වගේම ඉදිරියටත් වුනේ එයාට ඕනි දේ. එයා මාව එයාගේ පිරුණු පපුවට පහත් කරන් තුරුළු කර ගත්තා. එයාගේ ඇග කොටස් වශයෙන් මට බලන්න ඉඩ දුන්නා.මාත් ඒ හැමදේටම අනුගත වුනා.


මගේ පහස එයා එයාගේ සිරුරින් වින්දා. හැබැයි . . .  ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න දේ  අපි අතර වුනේ නැහැ.


-----------------------------------------------------------


එකම තාලේට , එක දිගට ආපු කෝච්චිය එක සැරේටම ගැස්සිලා නතර

වුනා. අපි කොළඹට ඇවිත්. මම එයාව එයාගේ බස් එකට ඇරලුවා.   මගේ


හිතට දුකක් දැනෙමින් තිබ්බත් , එයා සුපුරුදු සිනාවෙන් අත වනමින් මට

සමුදුන්නා.


මම ගෙදරට යන්න ත්‍රී වීල් එකකට ගොඩ වෙන කොටම එයාගෙන් එස්එම්එස් එකක් ආවා. 



" Maava amthaka karanna. Heta indan aluth jivithayak patan ganna.

 Oyata varadin na - oya godak honda kenek"



-----------------------------------------------


ඉන් පස්සෙ කිසිම දවසක එයා මට මුණගැහුනෙ වත් , කතා කරේවත් 

එස්එම්එස් කරේ වත් නැහැ. නමුත් මම ජිවිතයේ ගිය ලස්සනම ගමන 

තමා ඒක. ඒකට ගහන්න ගමනක් තව අද වෙන තුරු  මම ගිහින් නැහැ.


" එයාට ඕන වෙන්න ඇත්තේ එයාගේ හිත සුවපත් කර ගන්න.ඒකට එයා ඔයාව පාවිච්චි කළා " 

වෙන්නැති.නොවෙන්නත් ඇති.ඒත් එයා කරපු දේ විශ්ලේෂණය කරන්න මට ඕනි නැහැ. අදටත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් දවසක් එයා මට දීලා ගියා. 

------------------------------------------



ප/ලි - 

මෙය සැබෑ කතාන්දරයක් වන අතර මා වෙත පැවසූ කරුණු වලින්

බිදක් පමණක් ගෙන මෙය ලියා ඇත. සැබැවින්ම ඔහුගේ කතාව ඇසූ

මාද ඔවුන් දෙදෙනා සමඟින් එම මාවත් දිගේ ඇවිද්දෙමි. ගල් තලා මත

වැතිරී ඔවුන් සමඟින් අහස බැලූවෙමි. විශාල පිරිසිදු පාළු කාපට් පාරේ

මැද වැතිරී සිටියෙමි. මහ රෑ සීතලේ දුම්රිය නැවතුමේ ඔවුන් දෙදෙනා ගුලි

වී තුරුළු වී වාඩි වී සිටි අසුනේ කොණක සිටිමින් ඔවුන් දෙදෙනා දෙස

බලා සිටියෙමි. මේ ආදරය දැයි මම නොදන්නා අතර සිදු වූ දෙය අර්ථ

දැක්වීමෙන් වැළකී සිටින්නෙමි. මක් නිසාද යත් සමහර දේ සිදු වන්නේ

පසු විපරම් කර විසදීමට නොවන බැවිනි

11 ප්‍රතිචාර:

කල්‍යාණ මිත්‍ර said...

//සැබැවින්ම ඔහුගේ කතාව ඇසූ මාද ඔවුන් දෙදෙනා සමඟින්..............//+++

සුපිරි වැලන්ටයින් පෝස්ට් එක.. සොසි මේ සිංදුව අහලා තියෙනවද? අහලා තියෙන්න විදියක් නෑ මන් හිතන්නේ..

නාඳුනන්නී... හෙමිහිට ඉකිබිඳින්නී..
දෝතම ගෙන කඳුළු බිංදු එකතු කරන්නී ....
නාඳුනන්නී...
සුසුමින් ළය පුරන්නී
නුවරට කෝච්චියේ මා ලඟින්ම හිඳින්නී ....
නාඳුනන්නී... (http://viramaya.blogspot.com/2011/04/blog-post_227.html)

මට ඒ සිංදුව මතක් උනා.. :)

Kasun C Jayanath said...

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිට මොහොතක් නතර වුනේ..

මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතය සුව අපමන වේ ..//
දොලක් වගේ දිය දොක වගේ
ජිවතයේ අම සිසල දැනේ..

පෙරුම් පුරාගෙන ආ සංසාරේ..

වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ..//
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ..

පෙරුම් පුරාගෙන ආ සංසාරේ........

C.J. Vidanapathirana said...

ජ ය වේව ා !!!

ශානු said...

ඒ කතාවට පුළුවන් උනා හදවතේ රිද්මය වෙනස් කරන්න......
පරණ මතක පෙලින් පෙලට
අමුණන්න.....

"එයාට ඕන වෙන්න ඇත්තේ එයාගේ හිත සුවපත් කර ගන්න.ඒකට එයා ඔයාව පාවිච්චි කළා " 

ඔව් එහෙම උනා....

අපුරැයි අක්කේ

අඟහරුවා. said...

නියම කතාවක්. දුම්රිය හැම ආදර කතාවකම කොහේ හරි තියනවා වගේ..

හංසි(swan) said...

හරිම ලස්සන කතාවක් :)

Dinesh said...

// එයාට ඕන වෙන්න ඇත්තේ එයාගේ හිත සුවපත් කර ගන්න.ඒකට එයා ඔයාව පාවිච්චි කළා //

අනිවාර්යෙන්ම. අඩුගානේ ඒකෙන් ඒ හිත සුවපත් උනානේ කියලා හිතලා වත් සතුටු වෙමු.

ගිම්මිගේ කොලම said...

//සැබැවින්ම ඔහුගේ කතාව ඇසූ මාද ඔවුන් දෙදෙනා සමඟින් එම මාවත් දිගේ ඇවිද්දෙමි. ගල් තලා මත වැතිරී ඔවුන් සමඟින් අහස බැලූවෙමි. විශාල පිරිසිදු පාළු කාපට් පාරේ මැද වැතිරී සිටියෙමි. මහ රෑ සීතලේ දුම්රිය නැවතුමේ ඔවුන් දෙදෙනා ගුලි වී තුරුළු වී වාඩි වී සිටි අසුනේ කොණක සිටිමින් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියෙමි.//

හිතට දැනෙන ලියවිල්ලක්...ජයවේව!!!

අම්බලන්ගොඩ කථා said...

අනේ මන්ද..

Ravi said...

" එයාට ඕන වෙන්න ඇත්තේ එයාගේ හිත සුවපත් කර ගන්න.ඒකට එයා ඔයාව පාවිච්චි කළා " 

මේ ටික රතු පාටින් වෙන්න ඕන නේද?

Don't try to analyze everything that happens in life. You would definitely go insane and more important it would take all the mystery and wonder out of your life

kamal nilantha said...

Godak sanwedi, Hari apuuru kathawak.. Godak thanks..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...