..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, January 24, 2016

එදා සහ අද

එදා සහ අද




හෝ ගාන පොකුණ බලන්න මාතර එස්කේ එකට ගිය දවසක මම දැක්කා එයා පොළට ඇවිත් බඩු මල්ලක් අරන් පාර එහා පැත්තෙන් යනවා... 

ෆිල්ම් එක පටන්න ගන්න අන්තිම බෙල් එකේ සද්දෙත් ඇහුනා. ටෝච් අල්ලන මිනිහා අමනාපයෙන් වගේ මගෙ මූණ බැලුවා. 

එයාව දැක්කේ අවුරදු ගාණකින්. එයා තාමත් ඉස්සර වගේමයි. අතේ බර මල්ල අතින් අතට මාරු වුනත් එයාගෙ ගමන බාල වුනේ නැහැ.

එයා දිගටම ඉස්සරහට යනවා. මම මෙතන ළමා චිත්‍තරපටියක් බලන්න ඇවිත් . 

දුරකතනය අතට ගත්ත ට මට නිච්චියක් තිබුන්නෑ හරියටම එයාගේ නම්බරේ ඇති කියලා මා ලග. අවුරුදු ගාණකින් ඩයල් නොවුනු නම්බරයක්. 

අන්තිමේදී මම එයාට කෝල් කරා. එයා අද්දන බස් එකටත් නැගලා.වාඩි වෙන්න සීට් එකක් හොයන ගමන් කීවා. 

දෙන්නටම හදිසි නිසා මූණ බලාන කතා කරන්න වෙලාවක් නැති වුනා.

" මම ඔයාව දැක්කා " 

" අද පොළ නේ මම බඩු ගන්න ආවා "

" මම හෝ ගාණ පොකුණ බලන්න ආවා " 

" තනියෙන් ... ? " 

" ඔව් තාමත් " 

නිහඩ බව පැතිරුනා......... 

"පස්සෙ කතා කරන්නම් ෂෝ එක පටන් අරන් " 

ටෝච් ගහන මනුස්ස ය පන්දම් එළිය අහකට අල්ලද්දි ඇසේ මායිමට මම ආසනයකට බර වුනා.


13 ප්‍රතිචාර:

Peter Jerome Thisarana Perera said...

අහිමි පෙම .........

අඟහරුවා. said...

තනියෙන් තමා ෆිල්ම් බලන්න යන්න ඕනේ. පාඩුවේ ෆිල්ම් එක බලන්න පුළුවන්.

ඉයන් said...

තාම හිතේ නොම්මරේ මාරුවෙලා නෑ?

Dinesh said...

පරණ මතකයන් සුළි සුළගක් වගේ ඇවිත් රිද්දලා යනවා.

Maathalan - Priyantha Hewage said...

ආදරේ අමතක උනත් නම්බරේ නම් අමතක වෙන්නේ නෑ..

උපේක්ෂා said...

නොම්මර මකා නොදැමිමේ වරද..

කුරුටු ගෑ ගී පවුර said...

දැක්කා නේද නොම්බරේ මාරු නොකිරීමේ වැදගත්කම................ හැක්

බස්සි (Yash) said...

නොම්මරේ මාරු නොකර තිබුනෙ හොඳ වෙලාවට!

සු දී ක said...

අම්මපා මේවා මනෝමයෙන් ලියනවද ? නැත්නම් ඇත්තම කතාද කියලයි මට තියෙන ප්‍රශ්නේ.

Mahesh Rathnayaka said...

අර මොකද්ද නිමල් රංජිත් ගෙ සිංදුව

කුරුටු ගාල මකා දමල ඔබේ ලිපිනය
දුරකතනෙන් අයින් කලත් ඔබේ අංකය

මට මතක නෑනෙ සැක්

Ajith Dharma said...

මේවා හිතලා ලිඅන්නේ සුදීක. ඇත්තට ඔහොම ඒවා වෙනවද ?

Anonymous said...

Mage number ekata Wada mathaki..., Reload dalama

මතක සිහින said...

Sodhuru mathakayan kese amathaka karannadoo

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...