..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, October 29, 2015

මා නුදු ටු ඔහු

මා නුදු ටු ඔහු




අධ්‍යන නිවාඩු අනුමුත කර ගන්නෙක පාඩම් කරනවටත් වඩා අමාරුයි. ලිය කියවිලි වැඩ රාශියයි. කාල සටහන්, තෝරා ගැනීමේ ලිපි, වැඩ පැවරීමේ ලිපි , පැවරුම් , නිවාඩු චිට්..මෙකී නොකී ලියකිවිලි එකක් නෙමේ පිටපත් තුන බැගින් ඕනි වෙනවා. 

ඒ මදිවට මේ හැමේකම විදුහල්පති අත්සන සහ නිල මුද්‍රාව ඕනි වෙනවා.කොහෙම හරි අද දවස ඇතුලත සූදානම් කර ගත්ත ලිය කියවිලි ටික අත්සන් කර ගන්න කියලා විදුහල්පති කාමරය ලග සෑහෙන වෙලාවක් බලා හිටියා. විදුහල්පති කොයි වෙලේකවත් පාසලේ ඔහුට හිමි අසුනේ රැදන්නෑ.පාසල පුරාම ඇවිදිමින් ,ගුරුවරු නැතිනම් ඒ පන්තියට ගොඩ වෙමින් පාසල පුරා සරන එක තමයි ඔහුගෙ දෛනික ක්‍රියාවලිය වුනේ. ඒත් මේ වැඩේට බොහොමයක් ගුරුවරු කැමති නැහැ. මොකද ගුරුවරු පන්තියට යන්න පමා වෙන විනාඩි දෙකටත් විදුහල්පති ඇවිත් ඒ පන්තියේ උගන්වන නිසා. 

විදුහල්පති ඉන්න ඕනි කාර්යාලයේ. කාර්යාල රාජකාරි කරන එකයි පරිපාලනය බලා ගන්නෙකයි එයැයි කරාම ඇති. අපි උගන්වන්නම්. සමහර ගුරුවරු තැන තැන කතා වුනේ එහෙම. 

බොහොම මහන්සි වෙලා සුදානම් කරාන ආපු ලියුම් ටික අත්සන් කර ගන්න විදුහල්පති ඉන්න වෙලාවක් බලල ‍‍ඇවිත් ලියුම් ටික අතට දෙන්න හදන කොටම විදුහල්පති ආසනයෙන් නැගිට්ටා.ලියුම් ටික අතට අරන් මගෙන් මෙහෙම ඇහුවා 

" ටීචර්ට පුලුවන් ද තව පීරියඩ් දෙකක් ඉවසල ඉන්න, මම ටක් ගාලා පන්ති දෙකකට ගිහින් එන්නම් " 

මගේ ලොකු මූන තව ලොකු වෙන්න ඇති ,මම ලියුම් ටික ආපහු ඔහුගේ අතින් ගන්න හැදුවා. 

" නෑ නෑ ලියුම් ටික මේස උඩින් තියල යන්න " 

ලියුම් ටික මගෙන් ගත්ත ඔහු , ලියුම් ටික ඔහුගේ මේසය මත තියල ඒ උඩින් බරකුත් තිබ්බා.ආපහු මා දිහා වත් නොබලා පන්ති පැත්තට යන්න ගියා. 

පීරියඩ් එක දෙක ගෙවිලා යද්දි මගේ හිත මහා කණගාටුවකින් සහ තරහකින් පිරෙන්න ගත්තා. 

"මේ වැඩේ අදත් කර ගන්න බැරි වෙනවා . කලාපෙට යන්නත් ඕනි.මේ මනුස්සයට සීට් එකට වෙලා ඉන්න බැරි හැටියක් " 

මගේ හිත මුණු මුණු ගගා තරහින් සැලෙන්න ගත්තා..............

ඒත්......................


තරහ ඉවසන්න බැරිම තැන කාර්යාල කාමරයෙන් එළියට ආපු මම පාසලේ කන්ද මුදුනටම දිවෙන පාර පාමුල නතර වුනා. 

සුදුම සුදු ඇදුම ඇදන් සුදු බද පටියත් බැදන් අත් දෙක පිටිපස්සට කරන් කන්ද මුදුනෙ හරියෙ ඉදන් විදුහල්පති හිමින් හිමින් කන්ද බහිනවා. මැදිවියේ අන්තිම අග්ගිසෙ යන්තම් එල්ලිලා ඉන්න ඔහුගේ අහඹු බැල්මකට කන්ද පාමුල ඉදන් ඔහු දිහා තරහින් බලා හිටපු මාව අහුවුනා. 

හෙමින් හෙමින් ආපු ගමන් කඩිසර වුනා...... අඩියට දෙකට කන්ද පල්ලම බැස්ස ඔහු මාවත් පහු කරන් කාර්යාල කාමරයට ගියා. තරහින් නමුත් මාත් ඔහුගේ පස්සෙන්ම කාර්යාලයට රිංගුවා..... 

තම අසුනේ වාඩි වෙච්චි විදුහල්පතිතුමා මගේ ලියුම් එකින් එක අතස්න් කරන්න ගත්තා. හිටපු ගමන් අතසන් කිරීම නතර කරපු ඔහු ඔහේගේ මේස ලාච්චුව ඇරලා නිල මුද්‍රාව අරන් මගෙ අතට දුන්නා. 

අන්න ඒ වෙලාවෙද් තමා ඔහු මගෙ ලොකු නපුරු මූණ දැක්කේ. ඔහු ආයෙත් අත්සන් කරන්න පටන් ගත්තා. එකින් එක , හෙමින් හෙමින් , සමහර තැන් වල නතර වෙමින් ඔහු අතසන් කරල දෙන ලියුම් වල ඔහුගේ අතස්න යටින් නිල මුද්‍රාව තියන්නයි මට තිබ්බේ..... 

අප අතර තිබ්බ බිහිසුනු ‍නිහඩතාවය බිදිමින් හිටි ගමන් ඔහු කතාව පටන් ගත්තා. 

" ළමයි එක්ක ඉන්න කොට අනිත් ඔක්කම වැඩ අමතක වෙනවා ටීචර් "

"අනේ මෙයාගේ සෝබන කතා " මගේ හිත මිමිණුවා.

" අනුන්ගේ ළමයි අතර හරි ඉන්නෙක හිතට සැනසීමක් ගේනවා ටීචර් "

ඔහු අතසන් කරනෙක නතර කරා.මගෙ මූණ දිහා කෙළින්ම බලන්න ගත්තා. ඊළග ලියුමේ අතස්න යටින් නිල මුද්‍රාව ගහන්න බලා හිටපු මාත් නිල මුද්‍රාව ඔසවපු ගමන්ම ඔහුගේ මූණ දිහා බලන් නතර වුනා.

" ටීචර් දන්නව ද ටීචර් මට ළමයි නැහැ කියලා "

මගෙ දෑස් දිහා බලාන ඔහු නොසැලී නොසෙල්වී කියපු වදන් වලට මගේ ආත්මයම සෙලවිලා ගියා............ මෙච්චර වෙලා තරහෙන් පුපුරමින් තිබ්බ මගේ මූණ බිමට නැමුනේ මගෙ ඇස් වල තෙත ගතිය මටම කරදරයක් වෙච්චි නිසා.........

"මං දන්නවා සර්" 

මගේ හදවත ගැලවිලා එළියට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔහු ආයෙත් ඔහුගේ සුපුරුදු අත්සන මම ලියපු ලියුමේ ඔහුට හිමි තැන සටහන් කරන්න පටන් ගත්තා..............

 

Friday, October 23, 2015

- අමතන්න -

අමතන්න





අමතන්න
කට හඩ ඇසීමේ ආසාවෙන් පෙළෙන්නෙමි..............

අමතන්න
සියලු දේ අමතක කර සැනසීමෙන් රැදෙන්නෙමී

අමතන්න
රුව සිතට නඟා ගැනීමේ වෑයමින් මිදෙන්නෙමි

අමතන්න
හුස්ම ගැනීමේ හඬ හදවතින් දරාගනිමින් සිටින්නෙමී


අමතන්න
පාළුවෙන් සිටීමේ වේදනාවෙන් මිදෙන්නෙමි............




එකමෙක කෝල් එකක් එනකම් 
බලන් සිටින
මම
-සොඳුරු සිත - (වත්සලා)

Tuesday, October 20, 2015

෴ ඇය ෴

෴ඇය෴



ඇය අනෙකකු හා ඉතාම පහසුවෙන් මිත්‍ර වන බවත් , මිත්‍රකමට ඇය මුල පිරීමට දෙවරක් සිතා නොලබන බවත් කිහිප විටක් කිහිප දෙනෙක්ම ඇය හා පවසා ඇත්තේ ඉස්තුති පූර්වක හැඟීමෙනි.

 කතා බහ තරමක අඩු බවක් පෙනුනත් ඇය හඳුනන්නන් බහුල වේ. මේ බොහෝ දෙනා ඇයට අමතකව යන බව ඇතැම් විටක ඔවුන් නොදන්නවා විය හැකිය. බොහෝ දෙනෙකුට ඇය මිතුරියක වූවද ඒ බොහෝ දෙනා අතර ඇය ට මිතුරු මිතුරියන් ඇත්තේ ඉතාම කුඩා සංඛ්‍යාවකි. සැබැවින්ම ඒ හිතවතුන් හිතවතියන් මිසක මිතුරු මිතුරියන් නොවන බව ඇගේ හැඟීමයි.  

ඉන් ද බොහෝමයක් දෙනා පිරිමි යහළුවන් වන අතර , ඒ අතරද සම වයස් සහ බාල වයස් මිතුරන් බහුල වේ. 

සම වයස් සහ බාල වයස් මිතුරන් ඇසුරු කිරීම සරල හා පහසු වන අතර වැඩිමහලු මිතුරන් සහ මිතුරියන් ඇසුර ඉතාම සංකීර්ණ අවස්ථා උදා කරන බැවින් ඇය එයින් ගැලවී සිටිමට යත්න දරනවා විය හැකි වේ. පාසලේ දී ඇය හා වඩාත් දොඩමලු වන්නේ ද කුඩා පිරිමි දරුවන්ය. 

ඇය ට අහම්ඹයකින් හමු වූ එක්තරා පුද්ගලයෙකු හා පළමුව හිතවත්කමකින් ද, දෙවනුව දැඩි මිත්‍ර කමකින් ද තෙවනුව ඉතා මෘදු වූ ලෙංගතුකමකින් ද ඇරඹි ආශ්‍රය අවසානයේ ඉතා සරල හා ගැඹුරු වූ ආදරයක් දක්වා වර්ධනය වන්නට විය.සැබැවින්ම ඒ සඳහා ඉතා දීර්ඝ කාලයක් ගත වූ බව ඇගේ හැඟීමයි........ 

ආදරයේ ගැඹුර හා සරල බව හමුවු විට එය තේරුම් ගැනීමට ඉතාම පහසු වූව ද ක්‍රියාත්මක කිරීමට ඉතාම අපහසු වේ. ආදරය කිරිමට පොළඹවන සුළු තරමේ සරල බවින් ද , යථාර්ථයේ ක්‍රියාත්මක කිරීමට ‍නොහැකි තරමේ ගැඹුරු බවක් ද ඒ තුළ වන්නට ඇත. ඒ ආදරය බිදී ගියේ හෝ බැඳී ගියේ නැතත් තවමත් දැඩි මිතුරු දමකින් අතහැරියක හැකි දුරකින් ඔවුන් ජීවත් වේ..............  

ජීවීතය බැඳ තබා නතර නොකළ යුතු නමුත් ජීවිතය පැවත්මට නම් බැද දැමීමක් සිදු කළ යුතුම වනවා නොවෙ ද?


ඇය හා සමපාත වන
මම
වත්සලා

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...