..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, September 19, 2015

හැමදා නියං - එකදා වැහි වළාවේ

හැමදා නියං - එකදා වැහි වළාවේ



ඉර මාමා වැහි නැන්දිට බය වෙලා කොහේ දෝ හැංගිලා.

ඉර මාමා විටින් විට එඹිලා බැලුවත් ටික වෙලාවකට විතරයි. ඉර මාමා ටිකක් හරි එඹෙනවා දැක්ක ගමන් වැහි නැන්ද පරල වෙනවා. ඔන්න ආයෙත් රට පුවක් ගෙඩි තරම් ලොකු වැහි බින්දු හල හල වැහි නැන්දා අඬනවා.... ඇඩිල්ල ඉවර වෙන්නේ ...චුරු චුරු ගාන වැහි නැන්දගෙ කියවිල්ලෙන්.... 

චුරු චුුරුව ඉවර වෙලා ටිහකින් ආයේ ඉර මාමා හොරෙන් එඹිලා බලනවා වැහි නැන්දා ගිහින් ද කියලා........ වැහි නැන්දගෙ චුරු චුරුව නතර කරාට ඉන්නේ ඉර මාමට ඇහැ ගැහැන්. 

ඉර මාම එඹෙනව දකින කොටම ඔන්න ආයෙත් වැහි නැන්දගෙ අදෝනාව පටන් ගන්නවා.... මේ දවස් වල අකුරැස්සට එහෙමයි.... ඔහෙලට කොහෙ‍ොමෙයි..............



අද දින කාලගුණ වාර්තාව ගෙන ආ
මම
වත්

Wednesday, September 16, 2015

පූසා බැඳිල්ල

පූසා බැඳිල්ල
===============



මහා අනුහස් දෙන , සිතූ පැතූ දේ ඉටු වෙන ප්‍රසිද්ධ කෝවිලක්. ඒ කෝවිලේ පූජාවට ඕනි වෙන්නේ පළතුරු සහ කැවිලි වට්ටියක් සහ කළුම කළු පූසෙක්. 

පූජාව හරිම අනුහස්...... ඒක එහෙම වෙන්න නම් පූජාව කරන්න ඕනි මෙන්න මෙහෙමයි.

පලතුරු සහ රසම රස රසකැවිලිත් එක්ක පූජා වට්ටිය පූජා කරලා , 
පූජා වට්ටියට ගෑවෙන නොගෑවෙන දුරින් පූසාව බඳිනවා. 
දුන් අල්ලල , 
කපුරු පත්තු කරලා 
ශ්ලෝක කියනවා. 

දුන් කබල පූසා වටේටත් අල්ලන්න මතක තියා ගන්න.


පූජාව ඉවරුනාම පූසව ලෙහන්න........... අනිවාර්යෙන්ම මතක තියා ගන්න.එහෙම නොකළොත් කරපු පූජාවෙන් පලක් නැති වෙනවා.

මෙච්චර අනුහස් දෙන කෝවිලේ අතීත කතාව බැලුවොත් විස්තරේ මෙහෙමයි.

කෝවිලේ දැන් ඉන්න පූසාරිගේ සීයාගේ සීයාගේ සීයා ගේ සීයා ඒ කාලේ ප්‍රසිද්ධ ස්වාමි කෙනෙක්. ඇදහිල් අකුරටම ඉටු කරන ඔහු හැමදාමත් උදේම පූජාව තියනවා......

නා කියලා පිරිසිදු වෙලා , පූජාව තියන්න එන ස්වාමිට එක දවසක් මුහුණ දෙන්න වෙන්නේ බරපතල ගැටළුවකට. ඒ මොකද කියනව නම් පූජාවට වග කියන්න කෙනෙකුත් ඒ කෝවිලට කොහේ දෝ ඉදල ඇවිත් තිබුනා......

පූජා වට්ටියේ රස කැවිලි වලට වහ වැටුනු මේ ‍කට්ට කළු පූසා ව ස්වාමිට හරිම කරදරයක් වුනා......කෝවිලට ආපු පූසා එලවන්නත් බෑ. දේව කැමැත්තට කෝවිලට ආපු පූසා කොහොමද එලවන්නේ.

 ස්විමිට ඝන දෙවි නුවණ පහල වෙනවා. හැමදාම පූජාව තියන්න කලින් පූසාව ලණ්ණකින් බදින ස්වාමි. ඊට පස්සේ සුපුරුදු පරිදි පූජාව තියනවා. ඔක්කම ශ්ලෝක ගාථා කියල පූජාව පිදුවට පස්සේ අර බැදපු පූසව ලෙහනවා........ 

 
මේ දේ ස්වාමි දිගටම සිද්ද කරේ පූසා ගැන හිතලා. හදිසියේ ස්වාමි දෙවියො ලඟට ගියාට පස්සේ ස්වාමිගේ පුතා තමා කෝවිලේ පූසාරි වුනේ.තමන්ගේ තාත්තා කරපු විදිහට පුතාත් පූසව බැදල දැම්මා....
 ඒත්................උන් හිටි ගමන් ඒ කට්ට කළු පුසාත් දෙවියන් ලගට යන්න ගියා. 

දෙයියනේ දැන් කොයින්ද පූජාවට පූසෙක්......... හැමතැනම හොයල හොයල කළු පූසෙක් කොහොම හරි හොයල පූසව බැදල පූජාව තියන්න ඒ කෝවිලට ඊලගට ආපු ස්වාමිත් පුරුදු වුනා.......

අන්තිමේ දී සිද්ධි වුනේ පූසන්ව හොයන එක අමාරු නිසා පූජා වට්ටිය ගේන සැදැහවතුන්ටම පූජාවට අරන් එන දේවල් අතරට කළු පූසෙකුත් එකතු වුනු එක............... 

එදා ඉදල හැමදාමත් කෝවිලට පූජාව තියන්න එන සැදැහවතුන් පූජා වට්ටියටත් වඩා ශ්‍රද්ධාවෙන් කළු පූසව අරන් එනවා.

 
ඔන්න ඔහොමයි අපි තාමත් කළු පූසව බැදගෙන ඉන්නේ.................

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...