..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, August 31, 2015

- බැල්ලි පැටව් -

බැල්ලි පැටව්



වල් බැල්ලියෙක් දාපු වල් බලු පැටව් පහක් වත්ත පහල දර ගෙදර ඉදන් ඉදුල් සුවඳට කුස්සියට ඇදෙනවා. පරට්ට වල් බැල්ලි කපටි එකී. බඩලොකු වෙලා ඉද්දි කණ් දෙක පාත් කරන් ඉතිරි ඉදුල් කන්න කුස්සිය පැත්තට එද්දිම " ඕකි ලගදිම පැටවු දානවා එලෝපල්ලා " කිය කිය අම්මත් පිගානේ ඉතිරි වෙන බත් ටික දෙන්න හෙවුවේ ම බඩෙන් හිටපු කික්කි...... 


වෙන සංහිදිය දැන ගෙන වාගේ බඩ පිපිරෙන්න එද්දි ඌ පේන්න හිටියේ නැතත්.දවස් දෙක තුනකින් කීං කීං සද්දෙට බලද්දි වත්ත පහල තේ ගාලේ පැටවු පහක්ම දාලා හිටියා.පැටවු ගාන හරියට දැන ගන්න දවස් ගාණක්ම ගියේ කොච්චර කන්නදුන්නත් අණක් ගුණක් නැති බැල්ලි අපි කිට්ටු වෙද්දිම පැටවු ටික බඩට යට කරන් නියවන්න ගන්න නිසා.

 පහුගිය දවස් වල හොදටම වහිද්දි අම්ම කීවේ "අරකිගෙ ආඩම්බරේට තේ ගාලේ පැටව් දැම්මට උන් දැන් තෙමිලා කබරයෝ අරන් යාවි " කියලා. කීවත් වගේ ලේ කිරි සුවඳට හැළයා ඇවිත් තිබ්බත් බැල්ලිගේ සැරට කබරයා පසුබැහැලා තිබ්බා. ඇත්තම කියනවා නම් බැල්ලිගේ සද්දෙට අපි එකතු වෙලා කබරයා එලවලා දැම්මා. ඒ අවසරෙන් ප්‍රයෝජන ගත්ත බැල්ලි ඔන්න දැන් පැටවු ටික පහළ දර ගෙදරට අරන් ඇවිත්.... 

ආරංචියට බලු පැටියෙක් අරන් යන්න ආපු කෙනෙක් , දගලන පැටවු උඩුකුරුඤ්ඤං කරලා බඩ පැත්තා හරවලා "යකඩෝ බැල්ලි පැටව්ම පහක්." කියලා යන්න ගියා......... බැල්ලි පැටව් හදා ගන්න අපිටත් ඕනි නැහැ. අනික පාරේ යන බැල්ලියෙක් දාපු පැටව්. අපි උන්ව එලවනවා.හැබැයි බත් කන වෙලාවට බතුත් දෙනවා. වස කරදරේ ඉවරයක් කරන්න ඕනි.වෙලාවකට එහෙමත් හිතෙනවා. 

මට නම් එකෙක් ගෙදරට ගෙනත් නාවලා කවලා මට ඕනි විදිහට හැමදේටම ඔළුව හරෝ හර‍ෝ ඉන්න හදා ගන්නමයි හිත. ඒත් ඒකට ගෙදර අයිතිකාරි ගෝරි දානවා. අනේ මන්දා " ගොඩ සුනිල්ට හෙට එන්න කියලා කීයක් හරි දීලා මොනා හරි කරන්න වෙනවා , ඔන්න ඔය පොහොර බෑග් එකක් හොයල තියපල්ලා " ................



Blogroll

Related Posts Plugin for WordPress, Blogger...