..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, May 25, 2015

පොසොන් සඳ එළිය යට සිට ලියමි........

අනේ බුදු හාමුදුරුවනේ,




ප්‍රධාන පෝයක් කියන්නේ , තනිකරම ෆන් දවසක්.....දන්සල් දීලා , දන්සල් කාලා හවසට තමා උණුසුම් අවස්ථාව.

දන්සලේ ඉතිරි සල්ලි වලින් (මේ ටික කලින්ම වෙන් කරලයි වැඩේ පටන් ගන්නේ ) කලින් දවසෙ ගෙනාපු බෝතල් ටික එළියට අරන් වැඩේ පටන් ගන්නවා.

 සින්දු කියලා කොඩි වනලා කෑගහා ඉවර වෙද්දි මහ රෑත් පහු වෙනවා.

අපේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පන්සලක් අසළ.ඒ වගේම පොසොන් එකට වදින්න යන ප්‍රධාන සිද්ධාස්ථානයක ප්‍රධාන මාර්ග අසල. ඉතින් රෑට නින්දක් නෑ වාහන සද්දේ.කොල්ලො කෑගහන , හූ කියන සද්දේ.

ඒ විතරක් ද පාර දෙපැත්තේ කඩවල් වලින් ගතපු මහ සද්දයක් එන නලා වල සද්දේ...... 

තව පොසොන් කලාපයේ ඉන්නවා දියවෙන රූමතිය. ඇතුලු විමට ටිකටුත් ගන්නවා.හැබැයි කීය ගත්තත් මාත් යනවා එයාව බලන්න. 

මේ හැමදේටම වඩා හිතට දුක අපේ අම්මට සිල් සමාදන් වෙන්න බැරි වෙනවා.මොකද එයාගේ පොඩි දූ පොසොන් පෝයටත් වැඩ.දූගේ පොඩි එකා බලාගන්න අම්මට නවතින්න වෙනවා.......... 

ඔබ වහන්සේ වගේ මේ සසරේ නිවන් දකින්න අපිට තව කාලයක් මේ විදිහට දුක් විද විද බලා ඉන්නම වෙනවා........






ප/ලි- පොසොන් දවසට මාත් බුදු පිළිමයක පින්තූරයක් ෆේස් බුකි කවරෙට දාලා බෞද්ධ කොඩිය ෆ්‍රොපයිල් පික්චරේට දාලා අප්ඩේට් වෙන්න හිතාන ඉන්නවා....

Saturday, May 23, 2015

රිදුම


ස්ක්‍රීන්නෙක 
 
බොඳවෙලා 
බොඳවෙලා ගිහින් 
 
අන්තිමේ දී 
 
කම්මුල දිගේ 
 
රස්නෙට
 පහළට 
පහළටම ඇවිත් 
 
වැටුණා 
 
කීබෝඩ් එකට 





Blogroll

Related Posts Plugin for WordPress, Blogger...