..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, February 4, 2015

දොරට වැඩුම

෴ දොරට වැඩුම ෴

අද ශ්‍රී ලංකාවට විතරක් නෙමේ මම මේ කියන්න යන අයටත් හොඳ දවසක්. හේතුව තමයි , මෙච්චර කල් කූඩුවට වෙලා හිටි දෙන්නෙක් අද තමා ඉස් ඉස්‍සෙල්ලම ලෝකය දකින්න යන්නේ. තමන්ට තටු දෙකක් තියෙන බවත් , ඒවා පාවිච්චි කරලා පියාඹන්න පුළුවන් බවත් එයාල දැන ගන්නේ අද. ඒත් ....අවාසනාවක මහත, මේ දෙන්නගෙන් එක්කෙනෙක් වස කම්මැලියෙක්. කට ඇර ඇර කන්න ඉල්ලනව මිසක පියාඹන්න කිසිම ආසාවක් නැහැ.

අන්තිමේ දී මහවුන් දෙන්නා කතා වෙලා මේකාට කන්න නොදී හිටියා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මං ඒකා ලගට කිට්ටු වෙලා ඇති තරම් ඒකාව අතගෑවා. එයා හිටි තැනින් උස්සල අරන් බත් ගුලියක් ලගට කරා.

ඒත් හොට ඇරලා බත් කන්න එයා දන්නෙ නැහැ. කලබල වුනු මහ ජෝඩුව පැටිය ලගට කිට්ටු වෙලා , මම දීපු බත් ගුලිය ඇටෙන් ඇටෙන් ඒකාට කැවුවා.

බත් ගාලා ඉවර වුනු පැටියා මෙන්න මෙහෙම"මට ‍මක්කටෙයි තටු , මම යනව පයින් " කියලා , මහවුන්ගේ පස්සෙන්ම පැන පැන ගියා.

එයාගේ අයියද අක්ක ද මන්දා ටික ටික උඩටම පියාඹලා ගියා.









ප/ලි - 75-300 ලෙන්ස් එක කැමරාවට හයි කරලා පින්තුර ගන්න බැහැ. දඹානේ ගිය වෙලාවක බිම වැටුන වෙලාවේ ඉදල ඒක එහෙමයි. ඒ නිසා ලෙන්ස් එක කැමරාවට තියලා අතින් අල්ලන්, අමාරුවෙන් හරි ෆෝකස් කරල පින්තුර ගත්තේ ආසාවට...

Monday, February 2, 2015

රන් මාරි රන්.........

රන් මාරි රන්.........





වතු ආශ්‍රිත දෙමළ ජනතාවගේ දරුවන් කිහිප දෙනෙක් අපේ පාසලට පැමි‍ණෙනවා. එයාල ඉගෙන ගන්නෙ "සිංහල" මාධ්‍යයෙන්. බොහෝ දුරට අඛණ්ඩ පැමිණිමක් නොදක්වන , ඉගෙනීමට එතරම් හපන්කමක් නොදක්වන ඒ ළමයි "පාසල් ක්‍රීඩා උත්සව " කාලෙට නම් දිනපතා පාසල් පැමිණෙනවා.ඒ වගේම තමා මේ කාලෙට ඔවුන් ගැන ගුරුවරුන් දක්වන උනන්දුවත් වැඩි වෙනවා. 


එහෙම එක් චරිතයක් තමා "මාරිඅම්මා ". මම ලියන දේ කියවපු අයට ඇයව අමතක වෙන්න බෑ.මට මතක හැටියට මම වරක් ඇය ගැන සටහන් කරා.මෙවරත් ඇය මැරතන් බාලිකා තරගයෙන් පළවෙනියා. 


"සුන්දරරාජා " කියන්නෙත් දුවන්න හපන් , තද කළු හමක් තියෙන , ලස්සනට හිනා වෙන හයේ පන්තියේ කොල්ලෙක්. 


අද සුන්දරරාජාට වුනේ මාර වැඩක්. එයා ඉස්කෝලෙට එද්දි මැරතන් දුවන ධාවකයෝ ටික ඔක්කමලා දළු ෆැක්ටරියේ ලොරි බාගේ නැගල තර‍ෙඟෙ පටන් ගන්න තැනට ගිහින්. ඒ වෙන කොටත් හොඳටම පරක්කු වෙලා. තර‍ෙඟෙ පටන් ගන්න තැනට ඉස්කෝලෙ ඉදල කිලෝමීටර් දහයක් විතර දුරයි. 

සුන්දරරාජා ගේ නිවාසේ (House) භාර ගුරුතුමී ට ආරංචිය ආවා " ටීචර් සුන්දර රාජා තාම ඉස්කෝලේ ?" වහාම ක්‍රියාත්මක වුනු ගුරුතුමී , පරණ වුනත් සුදු ජපන් කාර් එකක් තියෙන සර්ට කතා කරා. " සර් .. . සුන්දර රාජා ව මැරතන් පටන් ගන්න තැනට ගෙනත් දාන්න " ටික වෙලාවකින් සුන්දර රාජා ,සුදු ජපන් වාහනේ පිටිපස්සේ සීට් එකේ වාඩි වෙලා කළුම කළු මූණේ සුදුම සුදු හිනාව දාගෙන මැරතන් එක පටන් ගන්න තැනට පිටත් වෙලා ගියා........ 

කොහොම හරි මැරතන් බාලිකා තරගයේ පළවෙනි ස්ථානය "මාරිඅම්මාටත් ", මැරතන් බාලක තරගයේ තෙවන ස්ථානය "සුන්දර රාජා" ටත් හිමි වුනා . මාරි අම්මා ඉන්න නිවාසය පළවෙනි ස්ථානය ගන්නා බව බොහෝ දෙනා කියන අනාවැකි හරියයි ද කියල කියන්න නම් 13 වෙනිදා වෙනකම් බලා ඉන්න වෙනවා. හැබැයි ධාවන තරඟ බොහෝමයකින් "මාරිඅම්මා" , ,සුන්දරරාජා" යන දෙන්නම කප්එක ගන්නවා ෂුවර්.......

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...