..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, December 13, 2015

- ඉබ්බා යි කොල්ලොයි -

ඉබ්බා යි කොල්ලොයි 

කොක්කුම දෙන්නයි 





" මේ..න්න ඉබ්බෙක් අහසින් යනවෝ..."
කොල්ලෙක් කෑගැහුවා
එය ඇසු අනිකුත් කොල්ලන් සේරම
අහස දිහා බැලුවා
බැලුවා
අහස දිහා බැලුවා


කොක්කුම දෙන්නෙක්
හරහට ලීයක් , අල්ලාගෙන හිටියා
ඉබ්බෙක් ඒ මැද කට බලියාගෙන
නොසැලීලා සිටියා
සිටියා
නොසැලීලා සිටියා


ඉබ්බෝ කවදද අහසින් යන්නේ
කොල්ලන් කෑසුවා
ඉබ්බව බිම දා ගන්නට සිතු උන්
ලී පොලු උඩ ඇරියා
ඇරියා
ලී පොලු උඩ ඇරියා


ඉබ්බාට කොල්ලන් කරනා පරිභව
කොක්කුන් නෑ තැකුවේ
එනමුදු ඉබ්බට එය උහුලාගෙන
ඉන්නට බැරි වූයේ
බැරි වූයේ
ඉන්නට බැරි වූයේ


හොරිකඩ තක්කඩි චූ කොල්ලනි ඇයි
මට ගල් පොලු ගැසුවේ
උඹලට බැරි වැඩ ඉබ්බෙක් කෙරුවට
ලැජ්ජා විය යුතු වේ
හූ .. හූ ... ලැජ්ජා විය යුතු වේ


ආඩම්බරයෙන් මෙය කීමට සිතු
ඉබ්බා කට ඇරියා
රැදවූ පොල්ලෙන් ගිලිහුනු ඉබ්බා
අහසින් බිම වැටුනා 
වැටුනා
අහසින් බිම වැටුනා


 කොල්ලන් මැද්දට වැටුණම ඉබ්බට
මොකදෑ සිද්ධ වුනේ
හිතා ගන්න බෑ කොක්කුට ඒගැන
හරියට  දුක සිතුනේ
සිතුනේ
හරියට දුක් සිතුනේ

ඉබ්බන් අහසින් ගිය හැටි කියැවෙන
මූලික කතාව මේකයි
වර්ශන් තුන හතරක්  තව තියෙනවා
අහගෙන ඉන්නට ආසයි
ආසයි
අහගෙන ඉන්නට ආසයි



කට නිසා බිම වැටුනු
ඉබ්බි  නෙමේ 



මම


-වත්සලා -






6 comments:

  1. එක වර්ශන් එකක තියනවා ඉබ්බා කට පියාගෙන සිටීම ගැන කොකෙක් ඉබ්බට ඉහල අහසේදී ඉස්තූති කරනවා කොල්ලන් ගේ කෑගැසීම ගනන් නොගෙන ඉන්නව​ට

    ReplyDelete
  2. / කොක්කුම දෙන්නෙක්
    හරහට ලීයක් , අල්ලාගෙන හිටියා
    ඉබ්බෙක් ඒ මැද කට බලියාගෙන
    නොසැලීලා සිටියා
    සිටියා
    නොසැලීලා සිටියා /

    ඔන්න ඉතිං කිව්ව එකක්.. කට බලියාගෙන කියන්නෙ බං කට ඇරගෙන කියන එක. ඉබ්බ කට බලියාගෙන කොහොමෙයි අහසින් යන්නෙ? ඈ???

    කොක්කුම දෙන්නෙක්
    හරහට ලීයක් , අල්ලාගෙන හිටියා
    ඉබ්බෙක් ඒ මැද ලීය හපාගෙන
    නොසැලීලා සිටියා
    සිටියා
    නොසැලීලා සිටියා

    ReplyDelete
  3. බිම වැටුණු ඉබ්බ මලාද?
    ඊළඟට මක්කෙයි වුණේ

    ReplyDelete
  4. මේ කතාවේ නව නිර්මාණ කීපයක් තියනවා. මම කාලෙකට උඩදී එයින් කීපයක් ලිව්වා.

    මෙන්න මෙතනින් බලන්න

    ReplyDelete
  5. මොන අරමුණකින් ලිව්වද පැහැදිලි නැති උනාට හොඳටම පැටවු ගහන්න පුළුවං කථාවක්..
    ජයවේවා..!!

    ReplyDelete
  6. වර්ශන් කොච්චර තිබ්බත් අහන්න එපා නොවෙන කතාවක් නේ ඉතින්.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...