..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, December 20, 2015

හෝ ගානා පොකුණ - ගුරුවරියකගේ ඇසින් ( විචාරයක් නොවේ )

හෝ ගානා පොකුණ - ගුරුවරියකගේ ඇසින්
(  විචාරයක් නොවේ )


පාසල් නිවාඩු කාලේ දී ගුරුවරියක් ෝ ගුරුවරයෙක් ඉන්න ෝ පවුල් වල සිද්ධ වෙන දෙයක් තමා නිවාඩුවත් එක්ක එන , ජීවිේ පුංචියට සැමරීම.

වෙනුවෙන් විෝද සවාරියක් යාම ොඩක් ගෙවල් වල සිද්ධ වෙනවා. දරුෝ , මහත්තරු, ෝනල , ආච්චි , සීයා එක්ක යන පුංචි පුංචි සවාරි වලින් නිවාඩුව පිරිල තියෙන්ආන්න ඒකයි.


ඉතින් තනිකඩ අපි වේ ගුරුවරිොත් පුංචියට හරි නිවාඩුව සමරන්න ඕනි. හැම නිවාඩුවම දවස් තුන හතරක සවාරියකින් සැමරුවත් ේ නිවාඩුව සමරන්න මට අවස්ථාවක් ලැබුේ නැහැ.

නිවාඩුවත් ඉවරෙන්න ළඟ නිසා මාතර එස්ේ චිත්‍රපටි ශාලාපෙන්වන  හෝ ගාණ පොකුණ   බලමු කියලා ෝජනා වුේ මගෙන්. ොනා බැලුවත් පීසා නම් කන්න ඕනිමයි කියන එකම ෝජනාව මයෙහෙළියගෙන්.

අපි දෙන්නම ගුරුවරියන් නිසා ේ චිත්‍රපටය මට දැනුන හැටි මට ලියන්න හිතුේ චිත්‍රපටය නරඹන්න පටන් ගනිද්දිමයි.



චිත්‍රපටය හරිම අපූරුයි. ේ ඉන්ේ මං ද කියල සමහර වෙලාවට මට හිතුනා.


" මම සාරියක් ඇඳන් කරන රස්සාවක් කරනවට මේ පවුේ අයත් ොම කැමැත්තෙන් හිටියා " කර කර හිටපු රජේ ලිපිකරු රැකියාවෙන් මිදිලා ගුරු වෘත්තියට යනවට මගෙදර අයත් ඉහළින්ම කැමැති වුනා.

ගුරුවරියක් වීම විවාහයකට ොකුම සුදුසු කමක්.ඒ විතර ද , නිවාඩු සංඛ්‍යාව වැඩි වීමත් , දවසින් බාගයක් ගෙදර රැදීමත් තමා අතුරු ප්‍රතිඵල.


අන්තිේ දී ේ ගාව ඉදන් පයින් මීටර් 200ක් ගිය තැන තිබ්බ කාර්යාල ලිපිකරු රැකියාවට නැවතීේ තිත තියලා ගෙදර ඉදල බස් දෙකක කිෝ මීටර් 40ක් විතර දුර තිබ්බ පාසලක ගුරු රස්සාව ආරම්භය එකතු කළා.


 




“හිතුවට වඩා දුෂ්කර උනත් හිතුවට වඩා ලස්සන රස්සාවක් “ කරන්න මටත් පුලුවන් වුනා.


මම උගන්වන පාසල තියෙන්නේ මාතර දිස්ත්‍රිකයේ උනත් ගොඩක් රට තුළට වෙන්න. මගේ පාසලෙත් ඉන්නවා මුහුද දැකල නැති මුහුදු ‍රළ විදල නැති පුංචි ළමයි. ඉතින් දොඹගහ ඉස්කෝලෙ ළමයි ගැන කවර කතා ද


මුහුදක් කවදාවත් දැකල නැති ළමයෙක්ට මුහුදක් විස්තර කරල දෙන්න ගුරුවරිය , විදුහල්පති , කිරි අත්තා ඇතුළු මුළු ගමම කොච්චර උත්සාහ කරත්. දැකල විදල නැති දෙයක් දරුවන්ට තේරුම් ගන්න මවා ගන්න තියන අපහසුව දැක්කම මට හිතුනේ අපි උගන්වන දේවල් තේරම් ගන්න දරුවන්ට කොච්චර අමාරු ඇති ද කියලයි.


ඉස්සරෝම වචන වලින් විස්තර කරනවා


ඊට පස්සේ ආදේශක යොදා ගෙන පහදල දෙන්න හදනවා

“ මුහුද හරියට අහස වගේ “


“ මුහුද අහස වගේ නම් මුනින් අතට තියෙද්දි වතුර වැක්කෙරෙන්න ඕනි “ එහෙම කියන්නේ උක්කුං ද කොහෙද.





මට ඒ වෙලාවේ දැනුනේ දුකක්. මං ළමයින්ට කියල දෙන දේවලුත් මේ වගේ කොච්චර අවුල් තැන් ඇත්ද .



“ අහස වගේ නිල් පාටයි ලු .හැබැයි තියෙන්නේ පොළවේ ලු . වැව ටත් වඩා විශාලයි” ඉතින් කොහොමද මේ ළමයි ඕක තේරුම් ගන්නේ.



මුහුද වගේ අපි කවුරුත් දන්නව කියල හිතාන ඉන්න ඉතාම සරල දෙයක් ? ළමයිට මවල‍ දෙන්න බැරි ගුරුවරු වෙච්චි අපි කොච්චර අසරණ ද?


මේ ගැන කල්පනා කරන ගුරවරිය ඊළගට කරන්නේ මුහුදෙ පින්තූරයක් හොයා ගන්න දරුවො උනන්දු කරනෙක. අවාසනාවක මහත මුළ ගමේම මුහුදෙ පින්තුරයක් සොයා ගන්න නැහැ.හැබැයි මුළු ගමක්ම ඒ පුංචි පින්තුරයක් වෙනුවෙන් මහන්සි වෙනවා.

අවසානයේ දී ගුරුවරිය  යොදා ගන්නේ  දරුවන්ට උගන්වන්න පහසුම සහ වඩාත් සුදුසුම විදිහ ඒ තමා උගන්වන්නට බලාපොරොත්තු වන දේ අත්දැකීමට ඉඩ සලසන එක.හරියට දොඹගහ ඉස්කෝලෙ ගුරුවරිය කරා වගේ. 

ලොකු වචන වලින් කීවොත් නම්  “ක්‍රියාකාරකම් පාදක ඉගෙනීම”



ේ චිත්‍රපටේ මම කැමැතිම චරිතය තමා "උක්කුං" 

උක්කුං කියන්නේ හැම පාසලකම හැම පන්තියකම ඉන්න ගුරුවරියකගේ වගකීම් සැහැල්ලු කරන දරුවෙක්.ඒ වගේම සමහර ගුරුවරියන්ට නම් කරදරකාරයෙක්. මහරෑ යාමේ මුහුද බලන්න උක්කුංට ඕනි වෙන්නේ ඒකයි.

උක්කුං කියන්ේ ගුරුවරියකට සම්පතක්...... වර්තමාන පාසල් වලින් ගුරුවරියන්ගෙන් දුරස්වෙලා යන උක්කුංල ේ උක්කුං කියා දෙන් ලස්සන පාඩමක්.

ගුරු-ගෝල සම්බන්ධය වර්තමාන පාසල් වල බොහෝ දුරස්ථයි.ඒකට දෙපාර්ශවයේම හේතු සාධක බලපාල තියෙනවා. විෂමාකාර සමාජය තුළ පිරිමි දරුවෙකු සහ ගැහැණු ගුරවරියකගේ සමීප සම්බන්ධයක් වුනත් දකින්නේ වපැරැහෙන්. පාසලක ගුර-ගෝල සම්බන්ධය ඉදිරියට ගෙනියද්දි “ළමයි කරට ගන්නෙපා “ පරිස්සම් වෙන්න කියලයි වර්තමාන ලොකු ටීචර්ල සර්ල උපදෙස් දෙන්නෙත්.

ඒත් ............පාසලේ පලමු උදෑසන රැස්වීමේ දී කුළුදුල් කතාව කියන්න ඉදිරිපත් වෙන උක්කුං ට ගුරුවරියෙන් ලැබෙන උණුසුම් වැළඳ ගැනීම නිසා පාසලේ කතාව කරන්න අනිකුත් දරුවන් උපස්ථම්භනය වෙනවා. පාසල් උදෑසන කතාවට බොහොම හොඳින් සූදානම් වෙන අනිත් දරුවටත් අත්පොලසන් නාදයටත් වඩා ගුරුවරියගේ වැළඳ ගැනීම අවශ්‍ය වෙන්නේ අන්න ඒකයි.

චිත්‍රපටය පුරාම ඉන්න පුංචි ලස්සන අන්ධ දැරිය සංකේතවත් කරන්නේ අපි කොච්චර ඉගැන්නුවත් පාදන්න බැරි ඇස් ද කියලත් මට හිතුනා. ඒ උනාට ඒ දරුවටත් මූද දකින්න තියන ආසාව ඇස් පේන අනිත් ළමයින්ට තියන ආසාවට කොයි වෙලේකවත් දෙවෙනි උනේ නැහැ." ඔයාට ඇස් ේන්නැේ ඔයා එන්න ඕනි නැහැ " කියල ගුරුවරිය කීවෙත් නැහැ.

කතාව යටින් දිවෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ දේශපාලනය පොළවෙන් ගොඩාක් ඉහළ තියන අරගලයක් උනත් ඔහුගේ පෙම්වතිය වන ගුරුවරිය විසින් මේ පුංචි ළමයි එක්ක ඒ අරගලය මේ මහ පොළව මතම සිද්ධ කරනවා.  



ොළඹ ඉදන් අරගල කරන ගමන්ම ගුරුවරියේ අරගලයටත් උදව් කරන විප්වවාදි පෙම්වතාේ මුහුණ පෙන්වන්ේ විප්ලවකාරයා කියන්ේ කවුද කියනෙක කවදාවත් අපට හදුනා ගන්නට බැරි නිසා ද මන්දා.

මේ චිත්‍රපටය මට විස්තර කරන්න තේරෙන්නැති සුන්දරත්වයකින් වෙළිලා තියෙනවා.ඒක එතන මෙතන කොතනද කියල කියන්න බෑ...මු ඉදන් අගටම හැමතැනකම තියනවා.

සමහර දේවල් තියනවා කියල විස්තර කරලා පහදන්න බැහැ අත්දැකීම විඳලම බලන්න වෙන හරියට හෝ ගාණා පොකුණ දැකලම විදලම ළමයි වින්ද සතුට වගේ. 

ේ චිත්‍රපටයත් 
ජීවිතේ පළමු වරට මුහුද දකින තරමට , 
ජිවිතේ පළමු වරට මුහුදු රළක පහස විඳින තරමට සුන්දරයි.



ඉතින් ඔයාලත් වෙලාවක් තියනම් මා විදි අත්දැකීම විදලම බලන්න. චිත්‍රපට ශාලාවට ගිහින් ම රැල්ළ පාගල බලන්න.


එතොට පීසා ගැන කියනව නම් , පීසා ඇත්තටම රස උණුවෙන් තියනකම් විතරයි. ඒත් ේ චිත්‍රපටය හැමදාමත් මේ හදවේ උණුසුම් තැනක රැේ වි.



චිත්‍රපටි ශාලාවෙන් එළියට බහිද්දි අපිට ආයෙ ෆිල්ම් එක බලන්න එන්න ඕනි උනා.හැබැයි....තනියම නම් නෙමේ............. ඉස්කෝලේ ළමයි එක්ක.
  
ඉස්කෝලෙ පටන් ගන්නකම් නොයිවසිල්ලෙන් ඉන්න  
මම
-වත්සලා-

23 comments:

  1. මචෝ, මට මේ සුන්දර නිර්මාණය තියටර් එහෙක බලන්න බැරි වේවි කවදාවත්. ඒත් මට නැති ඒ අවස්තාව ගන්න ඇහැකි උඹෙ පන්තියෙ පොඩි උන්ට ඒකට අත දෙන්නන්. මෙසේජ් එකක් දාහන් වැඩි විස්තර වලට

    ReplyDelete
  2. දිවයින පත්තරේ පිච්චර් පිස්සත් ලස්සන ලිපියක් ලියල තිබ්බ.ස්තූතියි මෙහෙම අගේ කරනවට. දැන් අපටත් බලන්න හිතෙනව මේක.

    ReplyDelete
  3. මේකෙ අකුරු හදපං කෙල්ලෙ....ගැටගහගෙන කියෙව්වට දිගටම නිරායාසයෙන් කියවන ආතල් එක එන්නෙ නෑ තැන තැන හැප්පෙන කොට...:(

    ReplyDelete
  4. අපොයි මේ ලියුමේ සිංහල බස හරි නැ "අහවලාට" කියලා හෙළබස හදාගන්න මෙහෙමද ඔයා ළමයින්ට සිංහල උගන්වන්නේත් කියලා ඔයා ගෙන් එයා අහයි මේ රවියත් කියලා තියෙන්නේ.

    ReplyDelete
  5. උඹට පුළුවන් නම් පොඩි උන් ටිකටත් සෝ එක්ක පෙන්නහන්.. මාත් සත පහක් දෙන්නම්...

    ReplyDelete
  6. ගුරුවරු වෙච්ච උඹයි පැරායි කරල තියන විචාර දෙකම බොහොම අගෙයි. චිත්‍රපටි බැලීමට කැමැත්තක් නැතත් මේ සටහන් වලට කැමතියි

    ReplyDelete
  7. මේ පෝස්ට් එකෙන් චිත්‍රපටිය බලන්න ඕනේ කියල හිතුන. ඇත්ත. අද ගුරු-ගෝල සම්බන්ධය අන්තිමයි. ළමයි කැමතිත් නෑ වැඩිය ටීචර්ලා එක්ක කතාවට යන්න. එහෙම ළමයි කොන් වෙනවා. ගුරුවරුන්ටත් අද වෙන වැඩ තියනවා. මම ගුරුවරයෙක් හැටියටත්, ඒ ගමන්ම ශිෂ්‍යයෙක් හැටියටත් මේ දෙපැත්තම දැක්කා.

    ReplyDelete
  8. Film එක මොන වගෙ එකක්ද කියලා කියන්න ගත්ත උත්සාහය හරිම අපුරුයි

    ReplyDelete
  9. Film එක මොන වගෙ එකක්ද කියලා කියන්න ගත්ත උත්සාහය හරිම අපුරුයි

    ReplyDelete
  10. මේක නම් අපූරු සටහනක්

    ReplyDelete
  11. මේක නම් අපූරු සටහනක්

    ReplyDelete
  12. මේක කියවලා ෆිල්ම් එක බලන ආසාව ඕනකම තව වැඩි උනත් ඉතින් බලන්න විදිහක් නැති වෙන එක තමයි දුක.

    ReplyDelete
  13. මේ කතාව ලස්සනයි. නමුත් අර රවී කිව්වා වගේ අකුරු කැඩිලා එන්නේ.

    ReplyDelete
  14. Apita akuru hondata penawa neh

    ReplyDelete
  15. ඔහොම දුෂ්කර පාසලක ළමයි වෙනුවෙන් කැපවෙන ගුරුවරු ඉන්නවනං කොච්චර හොඳද.

    ReplyDelete
  16. එහෙනං මේ ෆිල්ම් එක බලන්නම වෙනවා!

    ReplyDelete
  17. සුන්දර නිර්මාණය ගැන සුන්දර ලියවිල්ලක්.
    වහාම ලඟම සිනමා ශාලාවට....

    ReplyDelete
  18. Lassanai. akuru hadanna.

    ReplyDelete
  19. මටත් බලන්න ආසාවක් ආව අක්ක.

    ReplyDelete
  20. ලස්සන විචාරයක් නගෝ...... ෆිල්ම් එක බලන්න ලොකු ආසාවක් ආවා. ඉන්දික කිව්වා වගේ අපිට මේක හෝල් එකේ බලන්න බැරි වෙයි......!

    "විෂමාකාර සමාජය තුළ පිරිමි දරුවෙකු සහ ගැහැණු ගුරවරියකගේ සමීප සම්බන්ධයක් වුනත් දකින්නේ වපැරැහෙන්"

    මේක ඒ කාලේ ඉඳන්ම් තිබුනා. කොටින්ම අපේ ඉස්කෝලේදි මටයි තව ඉංග්‍රීසි ගුරුවරියකටයි එහෙම කතාවක් හැදුනා උසස්පෙල ඉන්ඳැද්දි, තවත් ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ කටින්ම.

    ReplyDelete
  21. ෆිල්ම් එක බැලීමේ ආසාවක් ආවා හරිම අගෙයි ඔයාගේ ලිපිය,

    ReplyDelete
  22. ෆිල්ම් එක බැලීමේ ආසාවක් ආවා හරිම අගෙයි ඔයාගේ ලිපිය,

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...