..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, December 1, 2015

කාර්ය බහුල පිරිමි - ආදරය කිරීමට නොදනී.

කාර්ය බහුල පිරිමි - ආදරය කිරීමට නොදනී.

============================






මම ඉතාම කාර්ය බහුල මෙන්ම රැයක් දවාලක් හරියටම නැති පියකුගේ දියණියකව සිට ඇත්තෙමි. පාසලට වැදගත් යමක් අවශ්‍ය වු විට එය අම්මාට කියා ඇයට අමතක වේ යැයි බියෙන් තඩි අකුරින් කොළයක ද ලියා ඔහුට පෙනෙන්නට තබමි. 

අම්මාත් සමඟින් නිදි කිරමින් ඔහු එන මඟ බලමින් සිටිමි.නින්ද ගොස් සිටින මා ඔසවා ගොස් ඇදේ හොවා යන ඔහු ඉන් පසුදාට ද උදයේ දැකිය හැකි වන්නේ ඉතාම කලාතුරකිනි.......නමුත් කොළයේ ලොකු අකුරින් ලියු දේ ඉන් පසු දිනක අවදි වන විට මා අසලම .......... 

ඔහු දිවා රෑ වෙහෙසෙන්නේ මා ලොකු අකුරින් කොල වල ලියු දේ ‍වල් ගෙනවිත් දීමට බව එකළ නොසිතුනු නමුත් ඔහුගේ කාර්ය බහුලත්වය මා සිත රිදවු තරම අපමණය. 

අම්මා සමගින් පැවසීමට වඩා ඉතා වැදගත් තොරතුරු රැසක් ඔහු සමඟින් පැවසීමට මට තිබුනි.ඔහු ලග දැවටෙමින් කතා කරන්නට...සුරතල් වන්නට .. ලොකු ගොරෝසු අතේ බර පහස හිස මත විදින්නට ආසා කලෙමි.... ඔහු නොමැතිව වෙන කිසිවෙකුත් මා හිස අතගෑම නොරිස්සුවෙමි.....මා ආසා දේ මම ආදරය කරන පුද්ගලයා ගෙන් නොලැබෙන්නේ නම් වෙනකෙකු වෙතින් එය ලැබීම ප්‍රතික්ශේප කලෙමි. 

මා හා මට අවැසි වේලාවෙ නොසිටින මා ආදරය කරන අය මම ප්‍රතික්ශේප කරන්නේ එබැවිනි.... තාත්තා ගේ ආදරය ඔහු හා කොතරම් අමනාප වුවත් ප්‍රතික්ශේප කළ නොැැකි ආදර බැදීමකි....ඒ ආදරය මා හා බැදුනේ මා ඉපදීමටත් පෙර බැවින් ද ඔහු මිය ‍ගිය ද ඒ ආදරය කිසිදිනක ප්‍රතික්ශේප කළ නොැකි මුත්.... මගේ ජීවිතයට අලුතින් එක් වන පිරිමි ජීවියාට මා වෙනුවෙන් ඔහුගේ ලෝකයේ වෙන්වු කාලයක් තිබිය යුතුම බව මම හඟිමි




11 ප්‍රතිචාර:

Ravi said...

අනේ බං මටනං කන්ඩ අඳින්ට සහ අනෙකුත් ඕනෑ එපාකං කකුල් දෙක ගාවට සපයනවනං මම සැදී පැහැදී ඉන්නෙ ෆුල් ටයිම් ආදරය කරන්ට..දෙයියම්ප……. එවර් රෙඩී ඇට් එනිටයිම්.... ගෝඩ් ප්‍රොමිස්…... ඔන්න බොරුයි කියල හිතේනං එහෙම කරල බලපංකො.

Trans Sylvania said...

worth doing a research

Anonymous said...

මම හිතන්නේ ඔය "කාර්ය බහුල" කියන වචනෙත් ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ අර විමල් "ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ" කියන වචනේ පාවිච්චි කරන ව්දියට නිසයි ඔබ ඔහොම හිතන්නේ. සැබෑ කාර්ය බහුලත්වය සහ ඔය බොරු (ඊනියා විමල්ගේ විදියට නම්) කාර්යබහුලත්වය වෙන්කරගත්තොත් ඇත්ත තේරුම් ගණන් පහසුයි මම හිතන්නේ. පිරිමි පමණක් නොවෙයි සැබෑ කාර්ය බහුල ගහනුත් හැසිරෙන්නේ එකම විදියටකට.

Priyanwada Madhushani said...

මිනිස්සු කාර්යබහුල වෙන්නබෙැදීම් වලින් ඈත් වෙන්න ඕන නිසා... බැදීම් වලට ඇත්තටම ආදරේ කරන අයට ඕන තරම් වෙලාව හොයාගන්න පුළුවන්...
රවි කියනවා වගේ Full time ආදරය කරන අයට හැමෝම කැමතියි...ඒත් එහෙම අය හැමෝටම නොලැබෙන එකයි දුක...

Podi Kumarihami said...

ආදරය කිරීමට දන්නා කාර්යබහුල පිරිමි ආදරය කිරීමට වෙලාව සොයා ගනී...:P

Rakhitha said...

There is another side for this

"Full time ආදරය කරන අයට හැමෝම කැමතියි". This might be true if you are a child but for an adult it can be different. I have come to realize through experience that when you make yourself fully available to someone (It may be your immediate family or extended family) they start to reduce the value/respect they place on you. And it will eventually effect the quality of your personal life. Unfortunately we live in a society where less available things get more value while high availability reduces value.

Also, every time you tell some one that you are not busy, they usually demand that you spend some of your time for them. In some cases for things that is not worth spending time at all. As a result every time you say you are not busy to someone/something, your busyness will increase. So if you want to live a life without being busy you actually have to say busy to some people in some occasions. Some times it could be to your family or friends or to your work or to everyone (when you want to just rest and be at peace).

Therefore 'Busy' is not necessary a state of being. It is a word you use, when others are not understanding enough about your own situation or do not value what you really want to do instead of what they want you to do.

කල්‍යාණ මිත්‍ර said...

ඊයෙ මුණුපොතෙන් කියවලා අදහස් දැක්වුවා.. මගේ දුව ගැන මන් දැනට වඩා හිතන්න පොලඹවපු පොස්ට් එකක්..

Dinesh said...

ආදරය කරන්න වෙලාවක් ඔය ඔන දෙයක් අස්සෙම හොයා ගන්න පුළුවන් අක්කේ, වුවමනාව තීනම්..

අටම්පහුර said...

මචං මට නං මේක අවුල් උඹ කා එක්ක හරි කතා කරානං හොදයි වගේ

Dayal Bathee said...

අනෙකා වෙනුවෙන් වෙලාව නැතිනම් එතැන ඉතින් මොකක්වත් තියෙන්න බෑනේ

රූපේ said...

හැබැයි ආදරේ වැඩි උනාම වාතේ වෙනවා!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...