..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, November 24, 2015

හෙට


















 හෙට 





තුරුළු වෙන කොට සලිත වෙන ගත
දෙතොල් මදහස උරන විට සිත
සිතා ගන්නට නොහැකි ලෙස - මත්
වෙලා තුරුළුව ඉන්නමයි හිත
වෙලා වෙන්වී ලඟින් ඈතට
ගියපු දිනයේ සිටම මා සිත
පෙළයි ඉල්ලා නැවත හමුවන
මොහොත එය ජීවිතය ඉල්ලන
විඳවනා නෙතු කඳුළ පිසලන
සිනාවෙන් ජීවිතය පුබුදන
කලක් එයි මල් පලින් බර වෙන
නුඹයි එය දෝතින් ගෙනත් දෙන

-වත්සලා-

6 comments:

  1. හයි වේ හැදුවට වැඩක් නෑ.. හිත ඉල්ලන ඕනෙම කරන අය එන්නේ හුඟක් ප්‍රමාදව දුර පාරෙන්මයි.. :)

    අගෙයි..

    ReplyDelete
  2. හෙට.... මට එක්සෑම්..

    ReplyDelete
  3. මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
    සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
    දිලෙන්නෙ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
    සඳ මැණිකයි මම තරුවයි පායන රෑ අහසේ..

    අඬන්නෙ ඇයි සුදු මැණිකේ ගීතයෙන් උපුටාගන්නා ලදි
    ඔබගේ ගෙත්තම මේ ගීතයේ විරුද්ධ පැත්ත බවක් හැඟේ

    ReplyDelete
  4. මගේ සුසුමක උණුසුමින් ඔබෙ
    නෙතේ කඳුලැළි වියලවන්නම්
    ඔබේ දුක් සදහට මැකේ නම්
    මගේ කඳුලින් මා හඩන්නම්

    යොදුන් ගණනක් ගතින් වෙන්වී
    සිතින් සැමදා ලඟින් ඉන්නම්
    ඔබේ ගී පදයකට මා හද
    සැලෙන රිද්මය මුසු කරන්නම්

    බවේ කල පින් මදිව දෙලොවක
    මෙදා අප වෙන් වෙලා සිටියට
    සදා මේ බැමි අතර සිරවී
    මෙලෙස අප දුක් විඳිනු කුමකට

    සදා ඉඩ දෙමි ඔබට මා හද
    පුදා මා ආදරේ ඔබ හට
    අතීතයෙ නටඹුන් විතැත් කර
    අනාගතයක් මවමු අප හෙට

    සංගීතය: සංජීව පරණමාන
    ගායනය: ධම්මිකා දේවසුරේන්ද්‍ර
    පද රචනය: රසික සූරියආරච්චි

    https://www.youtube.com/watch?v=wmI6rlyv7tw


    ;-)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...