..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, November 1, 2015

මම මාතර කෙල්ලෙක්මි

මම මාතර කෙල්ලෙක්මි





මාතර ගැහැණුන් කටට රසට සැරට ඉවීමෙහි රුසියන් බවත් , ආද‍රය කිරීමේ දී ද ආදරය පිදීමට මාතර ගැහැණු තරම් ත්‍යාගශීලී ගැහැණූන් නොමැති බවත් කොහේ හෝ තිබී කියෙව්වා මතකයෙහි ඇත. 

එවිට මාගේ පදිංචිය මාතර නොවූ නිසා ද උපන් ගමට යළිදු ඒ යැයි නොසිතූ නිසා ද ඒ කියවූ දේ පිළිබඳව වැඩි දුරට නොසිතූ නමුත් , මතකේ නම් අතටද ඉතිරිවී පවතී. 

නොසිතූ ලෙසට මව හා පියාගේත් මගේත් උපන් ගමට යළිදු පැමිණීමට ලැබීමෙන් පසුව වෙනත් ගමක "පිටගම්කාරයන් " වූ අපට අපේ ගමේ දී ලැබුනේ සුන්දර පිළිගැනීමකි.  

ජීවිතයේ ඒ වන විට වැඩි කාලයක් ගත කර තිබුනේ මාතරින් බොහෝ දුර උඩරට ප්‍රදේශයේ ගමක වූ මට මාතර අකුරැස්ස පෙනුනේ අමුතුම තාලයකටය. 

 කතාව හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ගේ කතාව කොතරම් ලෙංගතු වූවද පිටතින් ආ කෙනෙකුට කලක් යනකම් ඒ කතාව දැනෙනුයේ තරහින් අමනාපයෙන් සහ ආඩම්බරයෙන් කරන කතාවක් ලෙසිනි. 

ක්‍රමයෙන් මගේ කතාව "බත් කෑවද?" යන්නෙන් " බත් කෑවයි?" ලෙසටත් " ඔයාට මං ආදරෙයි" යන්නෙන් " ඔයැයිට මං ආදරෙයි" ලෙසටත් වෙනස් වීමට වැඩි කාලයක් ගත නොවූයේ ඇගේ ලේ වල මිශ්‍ර ව තිබූ මාතර ගතිය නිසා වන්නට ඇත. 

මාතර ඇත්තියන් ආදරයේ දී ඉතාම සංවේදී සහ හෘද්‍යාංගම වන බවක් මම කලින් පැවසූව ද කුරුණෑගල ප්‍රදේශයේ අහිංසක කොල්ලෙක්ට ආදරය කර ඉතා අමානුශික අන්දමින් ඔහුගේ යහළුවෙකු හා විවාහ වූ මාතර කෙල්ලක ගැන මම දනිමි. 

මාතර හා කුරුණැගල අතර ඇත්තේ අසීමිත ආදර බැදීමකි. මා දන්නා ප්‍රේමණිය යුවලවල් කිහිප පොළක් ම මාතර-කුරුණැගල ජෝඩු වීම එයට කදිම සාක්ෂියකි.

උඩරැටියන් තවමත් මාතර පහතරැටියන්ට බිය බව මම පිළිගන්නේ මා හා ආදර සම්බන්ධයක් පටන් ගැනීමට අවශ්‍ය වු සුන්දර උඩරට කොල්ලෙකුගේ හැසිරීම නිසා ය. 

රසට පිසීම අතින් නම් මාතර ගැහැණූන් කවදත් ඉදිරියෙන් සිටින බව මම තවමත් පිළිගනිමි.හඳේ ගියත් මාතර හෝටලක් තියෙන්නට ඉඩ ඇත්තේ ඒ නිසා වන්නට ඇත. 

මා වෙසෙන්නේ මාතර දිස්ත්‍රික්කයට අයත් මාතර නගරයේ සිට රට තුළට කි.මි 24ක් පමණ ගිය තැන හමුවන අකුරැස්ස නම් සුන්දර ග්‍රාමයේය. නමුත් අදටත් "ඔයා කොහේ ද? " යැයි විමසූ විට " මම මාතර " යැයි පැවසීම මගේ සිතට ද ගෙනෙන්නේ අමුතු මෙවුවා එකකි.......................


මාතර කෙල්ල
මම
වත්සලා

25 ප්‍රතිචාර:

පත්තර මල්ලි said...

//මා දන්නා ප්‍රේමණිය යුවලවල් කිහිප පොළක් ම මාතර-කුරුණැගල ජෝඩු වීම එයට කදිම සාක්ෂියකි //

රයිටෝ … ඔහේ අපේ අම්මයි තාත්තයිත් ඔය ලිස්‍ට් එකට දාගන්ඩ .. !!

සොමි යා said...
This comment has been removed by the author.
සොමි යා said...

හේ හේ මේ මේ අපිත් ඔය දිහාවෙම තමයි හරිය, අපි මාලිම්බඩ කිරිමැටිමුල්ලේ. :D. අඩේ අපේ මාමි තමා උරුබෝක්කේ කලාපේ ඔයැයිලගේ ලොක්කා.

විභීෂණ II said...

මාතර කෙල්ලෙක්...

හරි ශෝක්...බොහොම සන්තෝසයි..

උපේක්ෂා said...

හෙහ් හෙහ් හෙහ්

පැණිකු said...

දවසක් මගෙ බැජ් මේට් කෙනෙක්ගෙ ගෙදර ගියා ඔය පැත්ත පාස් කරගෙන යන ගමන් ගෙදර මිදුලට ගියහම ඌ කියනව 'ඔයැයි ගෙට එනවැයි දොඩන්න" කියල

Ravi said...

/ මාතර ගැහැණුන් කටට රසට සැරට ඉවීමෙහි රුසියන් බවත් , ආද‍රය කිරීමේ දී ද ආදරය පිදීමට මාතර ගැහැණු තරම් ත්‍යාගශීලී ගැහැණූන් නොමැති බවත් කොහේ හෝ තිබී කියෙව්වා මතකයෙහි ඇත. /

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොතක ඔහොම තිබ්බෙ. අපේගම නැත්නම් කළුනික සෙවීම වෙන්න ඕන…

/ මගේ කතාව "බත් කෑවද?" යන්නෙන් " බත් කෑවයි?" ලෙසටත් " ඔයාට මං ආදරෙයි" යන්නෙන් " ඔයැයිට මං ආදරෙයි" /

අප්පටසිරි මාතර කෙල්ලො නියමයිනෙ..ගිය ගමං අහනව " ඔයැයි බත් කෑවෙයි? " කියල. " නැතෙයි" කිව්වොත් කොත ගහල බත් එකක් බෙදල දෙනව. කොල්ල ඒක කෑහම අත හෝදගන්ටත් කලිං කියනව " ඔයැයිට මං ආදරෙයි " කියල...එතකොට " බත් කෑවෙයි? " කියල අර කලිං ඇහුවම " කෑවෙයි " කියල කිව්වොත් ආය නෑ ලබ්බ පොලේ ගැහුවහෙ ඔන් ද ස්පොට් කියනව " ඔයැයිට මං ආදරෙයි " කියල...නරකම නෑ මාතර උන්දැල...හෙහ්,හෙහ්,

/ උඩරැටියන් තවමත් මාතර පහතරැටියන්ට බිය බව මම පිළිගන්නේ මා හා ආදර සම්බන්ධයක් පටන් ගැනීමට අවශ්‍ය වු සුන්දර උඩරට කොල්ලෙකුගේ හැසිරීම නිසා ය. /

උඩරට අම්මල තමංගෙ පුත්තු දෙන්ට තාමත් බයයි බං පාතරට කෙල්ලන්ට. ගජමං නෝනගෙ ඉඳලම බොලාගෙ කැරැට්ටුව එච්චර හොඳ නෑනෙ. ඒකයි හේතුව...:)

අනික් අතට ආය අහන්ට දෙයක් නෑ උඹ තග දාල අර සියුමැලි කොලුව බයවෙන්ට ඇති...:)

අවංක ආර්යන් said...

//මාතර හා කුරුණැගල අතර ඇත්තේ අසීමිත ආදර බැදීමකි.//

වේකන්සි ඇත. (කුරුණෑගල අ.ආ)

කුරුටු ගෑ ගී පවුර said...

මාතරනං කමක් නැහැ... මං හිතුවා ගාල්ලෙවත් ද කියලා....... ??????

දේශක යා said...

අවුල තියෙන්නේ ඔය හොද අස්සේ එක එකාට කොඩිවිණ අනවින හුනියං බලි තොයිල් කරන එක තමා. ඈ සොසී මාතර ඉදල අකුරුස්සට 24 ක් තියේද??

කල්‍යාණ මිත්‍ර said...

Galle Kellak genihin temporary Badulle dala math me dawas wala oya wage katha kana pura ahaganna gaman.
😀

Maathalan - Priyantha Hewage said...

ඇත්තෙයි... ඔහේ මාතරෙයි..

රසිකොලොජිස්ට් - Rasikologist said...

අකුරුස්සේ නම් කියන්න ඕනෑ "මං අකුරුහැ!" කියලයි.

Sujeewa Abegunawardhana said...

මාතර එකෙක් මාතර එකෙකුට සපෝට් කරනවා. මම දෙණියායේ. මක්කැයි මේ දොඩන්නේ. රට්ටු කතාවට කියන්නේ බෙන්තර ගඟෙන් එහා ඉන්න පූස් පැටියෙක් ගෙනාවත් පරිස්සමින් සොයල බලල ගේන්න කියලා. ඕන්න අපිට දීපු සෙටිෆිකට් එක.ගජමන් නෝනා කියන්නෙත් රංචාගොඩ ලමයා කියන්නෙත් හිත හොඳ ගෑණු උදවිය අප්පා.

අම්බලන්ගොඩ කථා said...

කුරුනෑගල එකෙක් මාතර එකියෙකුට අහු උනාම ඉතින් කුරුනෑගල එකාට අබ සරණයි... හැක් .. හැක් ...

X - Porter said...

අෆ්ෆා... මාතර උං එහෙ මෙහෙ වෙච්චගමං කබර තෙල් දාල දෙනව බං කෑම වලට..
හරි බයානකයි අප්ප....

තිසර said...

ගම්පහට ගහන්ඩ ඔය කොහෙටවත් බෑ.. ඔයැයිත් ගම්පහ ඉන්න තිබ්බ කෙල්ලෙක්...

තෙලිදිය වාඩිය said...

මාතර කීවහම දැනුනේ මට කෝමෙයි
කට්ටඩි බලි තොවිල් වල දස්කම් පෑමෙයි
මාතර දෝණි පිචැර් ඒකක් බලල තියෙයි
මයේ නිනව්වට නං මේ දෑස මක්කටෙයි

Dayal Bathee said...

මාතර පටන්ගන්නේ බෙන්තර ගඟෙනි.
බෙන්තර ගඟේ අසිරිය විඳින්ට ඔබ දුර වැඩියි නේද?,
මාතර දැන් නම් නියම බහු වාර්ගික නගරයක්
මට අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ මාතරට නම් මං බයයි නංගියේ කියලයි
ගඟේ කිඹුල්ලු නිසාම නොවේ
ගෝමරත් නිසා නොවේ.

ඔබ අකුරැහැ නිසා භයවෙන්න කාරි නෑ.

සී.ජේ. විදානේ. said...

මාත් අකුරැහැ

ජ ය වේ වා !!

නාඩියා නාඩිරත්න said...

කුරුණෑගල සිට කොටමි! :D

ෂැගියා said...

මාතරත් එක්ක නම් මගේද ගනුදෙනු තිබුණි...

මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ) said...

මදැයි කොලා.....මම නම්.... නෑ ඕන්නෑ එක්කෝ

මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ) said...

වත්සලෝ අර උඩ අ.ආ. ට නම් අහුවෙන්න එපෝ...... කිවුවට ආර්යයන් අවංක නැතෝ

Lalith perera said...

අපි නුවර පාත්තයන්ගේ කතාවලට හිනා යනවා.
සිංහල බ්ලොග්ගල.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...