..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, October 29, 2015

මා නුදු ටු ඔහු

මා නුදු ටු ඔහු




අධ්‍යන නිවාඩු අනුමුත කර ගන්නෙක පාඩම් කරනවටත් වඩා අමාරුයි. ලිය කියවිලි වැඩ රාශියයි. කාල සටහන්, තෝරා ගැනීමේ ලිපි, වැඩ පැවරීමේ ලිපි , පැවරුම් , නිවාඩු චිට්..මෙකී නොකී ලියකිවිලි එකක් නෙමේ පිටපත් තුන බැගින් ඕනි වෙනවා. 

ඒ මදිවට මේ හැමේකම විදුහල්පති අත්සන සහ නිල මුද්‍රාව ඕනි වෙනවා.කොහෙම හරි අද දවස ඇතුලත සූදානම් කර ගත්ත ලිය කියවිලි ටික අත්සන් කර ගන්න කියලා විදුහල්පති කාමරය ලග සෑහෙන වෙලාවක් බලා හිටියා. විදුහල්පති කොයි වෙලේකවත් පාසලේ ඔහුට හිමි අසුනේ රැදන්නෑ.පාසල පුරාම ඇවිදිමින් ,ගුරුවරු නැතිනම් ඒ පන්තියට ගොඩ වෙමින් පාසල පුරා සරන එක තමයි ඔහුගෙ දෛනික ක්‍රියාවලිය වුනේ. ඒත් මේ වැඩේට බොහොමයක් ගුරුවරු කැමති නැහැ. මොකද ගුරුවරු පන්තියට යන්න පමා වෙන විනාඩි දෙකටත් විදුහල්පති ඇවිත් ඒ පන්තියේ උගන්වන නිසා. 

විදුහල්පති ඉන්න ඕනි කාර්යාලයේ. කාර්යාල රාජකාරි කරන එකයි පරිපාලනය බලා ගන්නෙකයි එයැයි කරාම ඇති. අපි උගන්වන්නම්. සමහර ගුරුවරු තැන තැන කතා වුනේ එහෙම. 

බොහොම මහන්සි වෙලා සුදානම් කරාන ආපු ලියුම් ටික අත්සන් කර ගන්න විදුහල්පති ඉන්න වෙලාවක් බලල ‍‍ඇවිත් ලියුම් ටික අතට දෙන්න හදන කොටම විදුහල්පති ආසනයෙන් නැගිට්ටා.ලියුම් ටික අතට අරන් මගෙන් මෙහෙම ඇහුවා 

" ටීචර්ට පුලුවන් ද තව පීරියඩ් දෙකක් ඉවසල ඉන්න, මම ටක් ගාලා පන්ති දෙකකට ගිහින් එන්නම් " 

මගේ ලොකු මූන තව ලොකු වෙන්න ඇති ,මම ලියුම් ටික ආපහු ඔහුගේ අතින් ගන්න හැදුවා. 

" නෑ නෑ ලියුම් ටික මේස උඩින් තියල යන්න " 

ලියුම් ටික මගෙන් ගත්ත ඔහු , ලියුම් ටික ඔහුගේ මේසය මත තියල ඒ උඩින් බරකුත් තිබ්බා.ආපහු මා දිහා වත් නොබලා පන්ති පැත්තට යන්න ගියා. 

පීරියඩ් එක දෙක ගෙවිලා යද්දි මගේ හිත මහා කණගාටුවකින් සහ තරහකින් පිරෙන්න ගත්තා. 

"මේ වැඩේ අදත් කර ගන්න බැරි වෙනවා . කලාපෙට යන්නත් ඕනි.මේ මනුස්සයට සීට් එකට වෙලා ඉන්න බැරි හැටියක් " 

මගේ හිත මුණු මුණු ගගා තරහින් සැලෙන්න ගත්තා..............

ඒත්......................


තරහ ඉවසන්න බැරිම තැන කාර්යාල කාමරයෙන් එළියට ආපු මම පාසලේ කන්ද මුදුනටම දිවෙන පාර පාමුල නතර වුනා. 

සුදුම සුදු ඇදුම ඇදන් සුදු බද පටියත් බැදන් අත් දෙක පිටිපස්සට කරන් කන්ද මුදුනෙ හරියෙ ඉදන් විදුහල්පති හිමින් හිමින් කන්ද බහිනවා. මැදිවියේ අන්තිම අග්ගිසෙ යන්තම් එල්ලිලා ඉන්න ඔහුගේ අහඹු බැල්මකට කන්ද පාමුල ඉදන් ඔහු දිහා තරහින් බලා හිටපු මාව අහුවුනා. 

හෙමින් හෙමින් ආපු ගමන් කඩිසර වුනා...... අඩියට දෙකට කන්ද පල්ලම බැස්ස ඔහු මාවත් පහු කරන් කාර්යාල කාමරයට ගියා. තරහින් නමුත් මාත් ඔහුගේ පස්සෙන්ම කාර්යාලයට රිංගුවා..... 

තම අසුනේ වාඩි වෙච්චි විදුහල්පතිතුමා මගේ ලියුම් එකින් එක අතස්න් කරන්න ගත්තා. හිටපු ගමන් අතසන් කිරීම නතර කරපු ඔහු ඔහේගේ මේස ලාච්චුව ඇරලා නිල මුද්‍රාව අරන් මගෙ අතට දුන්නා. 

අන්න ඒ වෙලාවෙද් තමා ඔහු මගෙ ලොකු නපුරු මූණ දැක්කේ. ඔහු ආයෙත් අත්සන් කරන්න පටන් ගත්තා. එකින් එක , හෙමින් හෙමින් , සමහර තැන් වල නතර වෙමින් ඔහු අතසන් කරල දෙන ලියුම් වල ඔහුගේ අතස්න යටින් නිල මුද්‍රාව තියන්නයි මට තිබ්බේ..... 

අප අතර තිබ්බ බිහිසුනු ‍නිහඩතාවය බිදිමින් හිටි ගමන් ඔහු කතාව පටන් ගත්තා. 

" ළමයි එක්ක ඉන්න කොට අනිත් ඔක්කම වැඩ අමතක වෙනවා ටීචර් "

"අනේ මෙයාගේ සෝබන කතා " මගේ හිත මිමිණුවා.

" අනුන්ගේ ළමයි අතර හරි ඉන්නෙක හිතට සැනසීමක් ගේනවා ටීචර් "

ඔහු අතසන් කරනෙක නතර කරා.මගෙ මූණ දිහා කෙළින්ම බලන්න ගත්තා. ඊළග ලියුමේ අතස්න යටින් නිල මුද්‍රාව ගහන්න බලා හිටපු මාත් නිල මුද්‍රාව ඔසවපු ගමන්ම ඔහුගේ මූණ දිහා බලන් නතර වුනා.

" ටීචර් දන්නව ද ටීචර් මට ළමයි නැහැ කියලා "

මගෙ දෑස් දිහා බලාන ඔහු නොසැලී නොසෙල්වී කියපු වදන් වලට මගේ ආත්මයම සෙලවිලා ගියා............ මෙච්චර වෙලා තරහෙන් පුපුරමින් තිබ්බ මගේ මූණ බිමට නැමුනේ මගෙ ඇස් වල තෙත ගතිය මටම කරදරයක් වෙච්චි නිසා.........

"මං දන්නවා සර්" 

මගේ හදවත ගැලවිලා එළියට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔහු ආයෙත් ඔහුගේ සුපුරුදු අත්සන මම ලියපු ලියුමේ ඔහුට හිමි තැන සටහන් කරන්න පටන් ගත්තා..............

 

14 ප්‍රතිචාර:

ගස් ලබ්බ said...

lamay pitipasse wagema wadihitiyo pitipasseth loku katha thiyenawa
jayawewa..!

කුරුටු ගෑ ගී පවුර said...

හ්ම්............................... මොනවා කියන්නද ඉතින්

Maathalan - Priyantha Hewage said...

පට්ටයි ටීචර්.. ආයෙත් මේක ලියපන් පනේ...

සී.ජේ. විදානේ. said...

සොදුරු සිත...
අමතක කරන්නේ ්කොහොමද..
තෙලිජ්ජවිල ඉස්කෝලේ හිටපු විදුහල්පති ඒත් ඔය වගේමයි..
හිස් කාල පීරියඩ් එකක් පේන්න බෑ..
පංතියට එනවා..
පින්සිපල්ගේ තිබිච්ච සැර පරුෂ ගති මුකුත් නෑ..
උගන්නනවා භූගෝලය. ඉතිහාසය..
හරි රසවත්.. මනරම්..
හැබැයි ඒ විනාඩි හතලිහ විතරයි..
ඊට පස්සේ ආයෙත්..
අර හිටපු පිනාම තමයි...

ජ ය වේ වා !1

අම්බලන්ගොඩ කථා said...

යකඩ උනත් ගිනියම් වෙන්න රත් කරලා එකපාරට සීතල වතුරේ ඔබන වැරදි වැඩක් බන්..

අම්බලන්ගොඩ කථා said...

යකඩ උනත් ගිනියම් වෙන්න රත් කරලා එකපාරට සීතල වතුරේ ඔබන වැරදි වැඩක් බන්..

අඟහරුවා. said...

හපොයි.. ළමයි එක්ක ඉන්නකොට නම් ඔක්කොම අමතක වෙනවා තමයි.

Chandi said...

සොඳුරු, මේ තරම් කේන්ති ගත්තත් ඉක්මනින්ම නිවෙන හදවතක් තියෙන්නෙ. මේ වාගෙ දහසක් ගුරුවරු ඉන්නවා නේද? සංවේදී සටහනක් සොඳුරු.

වරා මලී said...

ඇස් වලට කඳුලු ආවා ටීචර්..

දේශක යා said...

ටීචර් බොරුවට තරහ ගන්නේ.. ඉවසන්න...

Dayal Bathee said...

මගේ සිල්ලර සිතට ආපු හැකේට සටහන නැවත කියවල බැලුව පිනා කාරයගේ මොකක් හෝ අවලං කෑල්ලක් ඉඟියකවත් අල්ලගන්න. බැරිවෙච්ච තැන හිතුව කිසිම වැඩකට නැති ඇල්වතුර කතාවක් කියල ලියනව කියල. ඒත් එතකොටයි මං දැක්කේ කතාව තවම ඉවර නෑ කියල.?

අවංක ආර්යන් said...

කියන්න දෙයක් හිතාගන්න බෑ. නියමයි..........

සොමි යා said...

ටීචර් බුකෙයේ දාල තිබිලා කියෙව්වා, තරු දහසක් මැද ගැවසෙනා සඳ තමන්ටත් තරුවක් ඕනමද කියලා හිතෙනවා නේ?

ඩබ්.කේ said...

ඇහැට කඳුලක් ආවා යාළු.මටත් ඒක තදින්ම දැනුන.සමහර විට මාත් අනුන්ගෙ ළමයි එක්ක ගැවසෙන්න කැමති හින්ද වෙන්න ඇති

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...