..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, October 20, 2015

෴ ඇය ෴

෴ඇය෴



ඇය අනෙකකු හා ඉතාම පහසුවෙන් මිත්‍ර වන බවත් , මිත්‍රකමට ඇය මුල පිරීමට දෙවරක් සිතා නොලබන බවත් කිහිප විටක් කිහිප දෙනෙක්ම ඇය හා පවසා ඇත්තේ ඉස්තුති පූර්වක හැඟීමෙනි.

 කතා බහ තරමක අඩු බවක් පෙනුනත් ඇය හඳුනන්නන් බහුල වේ. මේ බොහෝ දෙනා ඇයට අමතකව යන බව ඇතැම් විටක ඔවුන් නොදන්නවා විය හැකිය. බොහෝ දෙනෙකුට ඇය මිතුරියක වූවද ඒ බොහෝ දෙනා අතර ඇය ට මිතුරු මිතුරියන් ඇත්තේ ඉතාම කුඩා සංඛ්‍යාවකි. සැබැවින්ම ඒ හිතවතුන් හිතවතියන් මිසක මිතුරු මිතුරියන් නොවන බව ඇගේ හැඟීමයි.  

ඉන් ද බොහෝමයක් දෙනා පිරිමි යහළුවන් වන අතර , ඒ අතරද සම වයස් සහ බාල වයස් මිතුරන් බහුල වේ. 

සම වයස් සහ බාල වයස් මිතුරන් ඇසුරු කිරීම සරල හා පහසු වන අතර වැඩිමහලු මිතුරන් සහ මිතුරියන් ඇසුර ඉතාම සංකීර්ණ අවස්ථා උදා කරන බැවින් ඇය එයින් ගැලවී සිටිමට යත්න දරනවා විය හැකි වේ. පාසලේ දී ඇය හා වඩාත් දොඩමලු වන්නේ ද කුඩා පිරිමි දරුවන්ය. 

ඇය ට අහම්ඹයකින් හමු වූ එක්තරා පුද්ගලයෙකු හා පළමුව හිතවත්කමකින් ද, දෙවනුව දැඩි මිත්‍ර කමකින් ද තෙවනුව ඉතා මෘදු වූ ලෙංගතුකමකින් ද ඇරඹි ආශ්‍රය අවසානයේ ඉතා සරල හා ගැඹුරු වූ ආදරයක් දක්වා වර්ධනය වන්නට විය.සැබැවින්ම ඒ සඳහා ඉතා දීර්ඝ කාලයක් ගත වූ බව ඇගේ හැඟීමයි........ 

ආදරයේ ගැඹුර හා සරල බව හමුවු විට එය තේරුම් ගැනීමට ඉතාම පහසු වූව ද ක්‍රියාත්මක කිරීමට ඉතාම අපහසු වේ. ආදරය කිරිමට පොළඹවන සුළු තරමේ සරල බවින් ද , යථාර්ථයේ ක්‍රියාත්මක කිරීමට ‍නොහැකි තරමේ ගැඹුරු බවක් ද ඒ තුළ වන්නට ඇත. ඒ ආදරය බිදී ගියේ හෝ බැඳී ගියේ නැතත් තවමත් දැඩි මිතුරු දමකින් අතහැරියක හැකි දුරකින් ඔවුන් ජීවත් වේ..............  

ජීවීතය බැඳ තබා නතර නොකළ යුතු නමුත් ජීවිතය පැවත්මට නම් බැද දැමීමක් සිදු කළ යුතුම වනවා නොවෙ ද?


ඇය හා සමපාත වන
මම
වත්සලා

13 ප්‍රතිචාර:

අහසෙන් එන්න(කසුන්) said...

කියෙව්වා.
.

෴සොඳුරු සිත෴ said...

@අහසෙන් එන්න (කසුන්)
අහසෙන් ආපු, ඇවිත් මම ලියපුවා කියෝපු කසුන්ට තැන්කිව් හරිය.

අවංක ආර්යන් said...

ලස්සනට ලියලා තියෙනවා.......... කියන්න දෙයක්නම් හිතාගන්න අමාරුයි.................

උපේක්ෂා said...

බිඳී නොගිය, බැඳී නොගිය ආදර කතා කියන්නේ සමට යටින් ඇති තුවාලයක්. කොතරම් අතගෑවත් සුව වෙන්නේ නැහැ, තාවකාලික සතුටක් මිසක්. ඒ වගේම ඔඩු දුවන නිසා භයානකයි.
කොතරම් කිව්වත් ඒ තුවාල වලට මමත් ආසක්ත වෙනවා. වෙලාවකට කහ කහ ඉන්න උනත් දදයක් තියෙන එකෙක් වගේ...

කුරුටු ගෑ ගී පවුර said...

අා............... මේ ඔබ

දේශක යා said...

කණ්ණාඩියක් තිබ්බට තැන්කුයි.. මාත් ටිකක් වයසයි.. හැක්

අම්බලන්ගොඩ කථා said...

අනේ මන්ද මොනවා කියන්නද කියල.. බොහොම පොඩි පොස්ට් එකක් උනාට කමෙන්ට් එකක් ලියන්න පැයක් දෙකක් හිතන්න වෙනවා..

අම්බලන්ගොඩ කථා said...

අනේ මන්ද මොනවා කියන්නද කියල.. බොහොම පොඩි පොස්ට් එකක් උනාට කමෙන්ට් එකක් ලියන්න පැයක් දෙකක් හිතන්න වෙනවා..

Indranatha Thenuwara said...

ඇය ට අහම්ඹයකින් හමු වූ එක්තරා පුද්ගලයෙකු හා පළමුව හිතවත්කමකින් ද, දෙවනුව දැඩි මිත්‍ර කමකින් ද තෙවනුව ඉතා මෘදු වූ ලෙංගතුකමකින් ද ඇරඹි ආශ්‍රය අවසානයේ ඉතා සරල හා ගැඹුරු වූ ආදරයක් දක්වා වර්ධනය වන්නට විය. සැබැවින්ම ඒ සඳහා ඉතා දීර්ඝ කාලයක් ගත වූ බව ඇගේ හැඟීමයි........

Udesh Gamage said...

හ්ම්

අඟහරුවා. said...

ඇය හා සමපාත වන මම... නෑ නෑ මේ නම් වත්සලාගේම කතාව තමයි. ආපහු ලියන්න ගත්ත එක හොඳයි..

Dayal Bathee said...

වර්ණ හතරක්?

ඔව් ,
තමන්ට තමන්ව බැඳගන්න පුලුවන් නම්...?
ඒකම තමයි අමාරුම දේ,
මහිතේ!

Chandi said...

සොඳුරු ගේ සිතුවිලි හරිම වර්ණවත්. ආදරය හරිම ගැඹුරුයි. ඒ ගැඹුර දැක්ක හැක්කේ කිමිදෙන්න පුළුවන් හිතකට.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...