..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, September 19, 2015

හැමදා නියං - එකදා වැහි වළාවේ

හැමදා නියං - එකදා වැහි වළාවේ



ඉර මාමා වැහි නැන්දිට බය වෙලා කොහේ දෝ හැංගිලා.

ඉර මාමා විටින් විට එඹිලා බැලුවත් ටික වෙලාවකට විතරයි. ඉර මාමා ටිකක් හරි එඹෙනවා දැක්ක ගමන් වැහි නැන්ද පරල වෙනවා. ඔන්න ආයෙත් රට පුවක් ගෙඩි තරම් ලොකු වැහි බින්දු හල හල වැහි නැන්දා අඬනවා.... ඇඩිල්ල ඉවර වෙන්නේ ...චුරු චුරු ගාන වැහි නැන්දගෙ කියවිල්ලෙන්.... 

චුරු චුුරුව ඉවර වෙලා ටිහකින් ආයේ ඉර මාමා හොරෙන් එඹිලා බලනවා වැහි නැන්දා ගිහින් ද කියලා........ වැහි නැන්දගෙ චුරු චුරුව නතර කරාට ඉන්නේ ඉර මාමට ඇහැ ගැහැන්. 

ඉර මාම එඹෙනව දකින කොටම ඔන්න ආයෙත් වැහි නැන්දගෙ අදෝනාව පටන් ගන්නවා.... මේ දවස් වල අකුරැස්සට එහෙමයි.... ඔහෙලට කොහෙ‍ොමෙයි..............



අද දින කාලගුණ වාර්තාව ගෙන ආ
මම
වත්

13 comments:

  1. ඔහෙත් එහෙමෙයි? මෙහෙත් එහෙමයි.

    ReplyDelete
  2. බලං ගියාම කොහෙත් එකයි හික්ස්

    ReplyDelete
  3. අකුරැස්ස පැත්තේ එබෙනවා කියන එකට කියන්නේ එඹේනව කියලද

    ReplyDelete
  4. මෙහෙත් හරි වැස්ස... අපොයි හරි වැස්ස...

    ReplyDelete
  5. වැස්ස ඉවරයක් නෑ අප්පා. හැබැයි සතියෙ දවසට නුගේගොඩට හොඳයි. රෑ තිස්සෙ වැහැලා උදේ 6 වෙද්දි පායනවා. යන්න එන්න කරදරයක් නෑ ඉතිං.

    ReplyDelete
  6. නැන්දයි මාමයි දෙන්නම ඕන, හැබැයි දෙන්නගෙන්ම කරදර වෙලාවල් එමටයි. මටනම් ඔය දෙන්නා එක්ක එන අර හීනි සුළං කෙල්ලට තමා මනාපේ. බය තියෙන්නෙ සමහර වෙලාවට එයාගේ ලොකු අක්ක සුළි සුළං ඇවිල්ල ධීවරයො ටිකයි, වහළවල් බාගෙට අටවන් ඉන්න කට්ටියයි අමාරුවේ දාන එක.

    ReplyDelete
  7. වත්........
    ඔයා පෝස්ට් දාල කියවන එවුන්ව පඩේකටවත් ගනන් ගන්නේ නෑ නේද. ඇයි ඔච්චර ලොකුකම. අඩුම තරමින් කියවන එකෙක් දාන කමෙන්ට් එකකට උත්තරයක් වත් දාන්න බැරිද? කැතයි හොදේ.

    ReplyDelete
  8. මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා !!!!

    ReplyDelete
  9. මෙහෙ කොළඹ නම් ඉර මාම අනිවාර්ය නිවාඩු ගිහින්ද මන්දා.. ආසාවකට පේන්න නෑ.. :/

    ReplyDelete
  10. වැස්ස වැස්ස.... වැඩත් නෑ.. පඩිත් නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
  11. ඔහෙට්ට එහෙමද...? ඒ උනාට මෙහෙට්ට මෙහෙමයි අප්ප...

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...