..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, September 16, 2015

පූසා බැඳිල්ල

පූසා බැඳිල්ල
===============



මහා අනුහස් දෙන , සිතූ පැතූ දේ ඉටු වෙන ප්‍රසිද්ධ කෝවිලක්. ඒ කෝවිලේ පූජාවට ඕනි වෙන්නේ පළතුරු සහ කැවිලි වට්ටියක් සහ කළුම කළු පූසෙක්. 

පූජාව හරිම අනුහස්...... ඒක එහෙම වෙන්න නම් පූජාව කරන්න ඕනි මෙන්න මෙහෙමයි.

පලතුරු සහ රසම රස රසකැවිලිත් එක්ක පූජා වට්ටිය පූජා කරලා , 
පූජා වට්ටියට ගෑවෙන නොගෑවෙන දුරින් පූසාව බඳිනවා. 
දුන් අල්ලල , 
කපුරු පත්තු කරලා 
ශ්ලෝක කියනවා. 

දුන් කබල පූසා වටේටත් අල්ලන්න මතක තියා ගන්න.


පූජාව ඉවරුනාම පූසව ලෙහන්න........... අනිවාර්යෙන්ම මතක තියා ගන්න.එහෙම නොකළොත් කරපු පූජාවෙන් පලක් නැති වෙනවා.

මෙච්චර අනුහස් දෙන කෝවිලේ අතීත කතාව බැලුවොත් විස්තරේ මෙහෙමයි.

කෝවිලේ දැන් ඉන්න පූසාරිගේ සීයාගේ සීයාගේ සීයා ගේ සීයා ඒ කාලේ ප්‍රසිද්ධ ස්වාමි කෙනෙක්. ඇදහිල් අකුරටම ඉටු කරන ඔහු හැමදාමත් උදේම පූජාව තියනවා......

නා කියලා පිරිසිදු වෙලා , පූජාව තියන්න එන ස්වාමිට එක දවසක් මුහුණ දෙන්න වෙන්නේ බරපතල ගැටළුවකට. ඒ මොකද කියනව නම් පූජාවට වග කියන්න කෙනෙකුත් ඒ කෝවිලට කොහේ දෝ ඉදල ඇවිත් තිබුනා......

පූජා වට්ටියේ රස කැවිලි වලට වහ වැටුනු මේ ‍කට්ට කළු පූසා ව ස්වාමිට හරිම කරදරයක් වුනා......කෝවිලට ආපු පූසා එලවන්නත් බෑ. දේව කැමැත්තට කෝවිලට ආපු පූසා කොහොමද එලවන්නේ.

 ස්විමිට ඝන දෙවි නුවණ පහල වෙනවා. හැමදාම පූජාව තියන්න කලින් පූසාව ලණ්ණකින් බදින ස්වාමි. ඊට පස්සේ සුපුරුදු පරිදි පූජාව තියනවා. ඔක්කම ශ්ලෝක ගාථා කියල පූජාව පිදුවට පස්සේ අර බැදපු පූසව ලෙහනවා........ 

 
මේ දේ ස්වාමි දිගටම සිද්ද කරේ පූසා ගැන හිතලා. හදිසියේ ස්වාමි දෙවියො ලඟට ගියාට පස්සේ ස්වාමිගේ පුතා තමා කෝවිලේ පූසාරි වුනේ.තමන්ගේ තාත්තා කරපු විදිහට පුතාත් පූසව බැදල දැම්මා....
 ඒත්................උන් හිටි ගමන් ඒ කට්ට කළු පුසාත් දෙවියන් ලගට යන්න ගියා. 

දෙයියනේ දැන් කොයින්ද පූජාවට පූසෙක්......... හැමතැනම හොයල හොයල කළු පූසෙක් කොහොම හරි හොයල පූසව බැදල පූජාව තියන්න ඒ කෝවිලට ඊලගට ආපු ස්වාමිත් පුරුදු වුනා.......

අන්තිමේ දී සිද්ධි වුනේ පූසන්ව හොයන එක අමාරු නිසා පූජා වට්ටිය ගේන සැදැහවතුන්ටම පූජාවට අරන් එන දේවල් අතරට කළු පූසෙකුත් එකතු වුනු එක............... 

එදා ඉදල හැමදාමත් කෝවිලට පූජාව තියන්න එන සැදැහවතුන් පූජා වට්ටියටත් වඩා ශ්‍රද්ධාවෙන් කළු පූසව අරන් එනවා.

 
ඔන්න ඔහොමයි අපි තාමත් කළු පූසව බැදගෙන ඉන්නේ.................

17 comments:

  1. ඇත්ත කතාව
    ජයවේවා..!!

    ReplyDelete
  2. මේ අර බින්කුවගෙ පූෂානෙ

    ReplyDelete
  3. ඕත ගැටබරුවේ චෙච්ච ඇත්ත සිද්දියක් නේද?????

    ජ ය වේ වා !!!

    ReplyDelete
  4. අනුහස් වැඩි වෙන්නේ පූසෙක් බඳින හන්දා වෙන්ට ඇති. :P

    ReplyDelete
  5. අපි හිතුවේ වෙන එකක්. කමක් නෑ දේවාලේ පූසා නේ.

    ReplyDelete
  6. පූසියෙක් බන්දල දෙමු පූසාට...

    ReplyDelete
  7. පූසා ගහේ බැඳීම හ‍ා pk....

    http://apemawala.blogspot.com/2015/02/pk.html

    ReplyDelete
  8. ඔය විදියට තමයි හුඟක් ආගම් ඇදහිලි බිහිවන්නේ

    ReplyDelete
  9. ඔයා එහෙම යන්න එපා සොසි ඔය දේවාලේ පැත්ත පළාතටවත්. ඔයාවත් ගස් බඳී. හිකි හිකි...

    ReplyDelete
  10. සොසි ඒත් එක්කම අර බැඳපු ලනු පොට දේවාබරනයක් වෙනවා

    ReplyDelete
  11. බුහැක්...
    යකෝ එහෙනං ඒ ඉසව්වෙ පූසො ඇති ලාහෙන් මයින්න තරං නෙහ්
    හැක්

    ReplyDelete
  12. ඒ බොල යෝදියෙ...ඉතින් ඔය පූසා බැදිල්ලට ඕන නෙව විසාල තාච්චියකුයි මහ ගොඩක් තෙලුයි.එව්වත් ගේන්න ඕන පූජාවට එන කස්ටියමද? නැත්තන් එව්ව කපුවා ගානෙද?

    ReplyDelete
    Replies
    1. මේක තමයි හරිම කොමෙන්ටුව... :D

      Delete
    2. මේක තමයි හරිම කොමෙන්ටුව... :D

      Delete
  13. ඒ පැත්තේ කළු පූසන්ව කුලියට දෙනවා ඇති දැන්. . කළු පූසන්ව ඇතිකිරීම ගෘහ කර්මාන්තයක් වෙලා ඇති නේද.

    ReplyDelete
  14. මරු කතාව අප්පා...

    මට කළු පුසෝ කිව්වම මතක් උනේ වෙන දෙයක්. එක්කෝ ඕනේ නැහැ අයියෝ, මොකටද ඉල්ලං කන්නේ...

    ReplyDelete
  15. බින්කුවගේ පුසා ඉස්සුවා නෙහ්? ;)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...