..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, August 31, 2015

- බැල්ලි පැටව් -

බැල්ලි පැටව්



වල් බැල්ලියෙක් දාපු වල් බලු පැටව් පහක් වත්ත පහල දර ගෙදර ඉදන් ඉදුල් සුවඳට කුස්සියට ඇදෙනවා. පරට්ට වල් බැල්ලි කපටි එකී. බඩලොකු වෙලා ඉද්දි කණ් දෙක පාත් කරන් ඉතිරි ඉදුල් කන්න කුස්සිය පැත්තට එද්දිම " ඕකි ලගදිම පැටවු දානවා එලෝපල්ලා " කිය කිය අම්මත් පිගානේ ඉතිරි වෙන බත් ටික දෙන්න හෙවුවේ ම බඩෙන් හිටපු කික්කි...... 


වෙන සංහිදිය දැන ගෙන වාගේ බඩ පිපිරෙන්න එද්දි ඌ පේන්න හිටියේ නැතත්.දවස් දෙක තුනකින් කීං කීං සද්දෙට බලද්දි වත්ත පහල තේ ගාලේ පැටවු පහක්ම දාලා හිටියා.පැටවු ගාන හරියට දැන ගන්න දවස් ගාණක්ම ගියේ කොච්චර කන්නදුන්නත් අණක් ගුණක් නැති බැල්ලි අපි කිට්ටු වෙද්දිම පැටවු ටික බඩට යට කරන් නියවන්න ගන්න නිසා.

 පහුගිය දවස් වල හොදටම වහිද්දි අම්ම කීවේ "අරකිගෙ ආඩම්බරේට තේ ගාලේ පැටව් දැම්මට උන් දැන් තෙමිලා කබරයෝ අරන් යාවි " කියලා. කීවත් වගේ ලේ කිරි සුවඳට හැළයා ඇවිත් තිබ්බත් බැල්ලිගේ සැරට කබරයා පසුබැහැලා තිබ්බා. ඇත්තම කියනවා නම් බැල්ලිගේ සද්දෙට අපි එකතු වෙලා කබරයා එලවලා දැම්මා. ඒ අවසරෙන් ප්‍රයෝජන ගත්ත බැල්ලි ඔන්න දැන් පැටවු ටික පහළ දර ගෙදරට අරන් ඇවිත්.... 

ආරංචියට බලු පැටියෙක් අරන් යන්න ආපු කෙනෙක් , දගලන පැටවු උඩුකුරුඤ්ඤං කරලා බඩ පැත්තා හරවලා "යකඩෝ බැල්ලි පැටව්ම පහක්." කියලා යන්න ගියා......... බැල්ලි පැටව් හදා ගන්න අපිටත් ඕනි නැහැ. අනික පාරේ යන බැල්ලියෙක් දාපු පැටව්. අපි උන්ව එලවනවා.හැබැයි බත් කන වෙලාවට බතුත් දෙනවා. වස කරදරේ ඉවරයක් කරන්න ඕනි.වෙලාවකට එහෙමත් හිතෙනවා. 

මට නම් එකෙක් ගෙදරට ගෙනත් නාවලා කවලා මට ඕනි විදිහට හැමදේටම ඔළුව හරෝ හර‍ෝ ඉන්න හදා ගන්නමයි හිත. ඒත් ඒකට ගෙදර අයිතිකාරි ගෝරි දානවා. අනේ මන්දා " ගොඩ සුනිල්ට හෙට එන්න කියලා කීයක් හරි දීලා මොනා හරි කරන්න වෙනවා , ඔන්න ඔය පොහොර බෑග් එකක් හොයල තියපල්ලා " ................



11 comments:

  1. ඔය අහින්සකයෝ ටික කොහේ හරි ගිහින් දාන්න නේද මේ හදන්නේ. හැබෑටම මුං බැල්ලි පැටවු වෙලා ඉපදුනේ ඇයි? බල්ලො පැටවු
    උනානම්
    උන් ටිකමෙලහකටත් අරන් ගිහින් නේද? පව් එකෙක් හරි තියාගෙන හදන්න.

    ReplyDelete
  2. හනේ මේ අහිංසකයෝ කොහේද ගිහින් දාන්නේ?

    ReplyDelete
  3. අනේ එක්කෙනෙක් හදාගමු. ගෙදර අයිතිකාරි බනින්නේ නැතිවෙයි. :)

    ReplyDelete
  4. බැල්ලි පැටවුන්ව කාටවත් ඕනි නෑ වගේම තමයි වහු පැටවුන්ව කාටවත් ඕනි නැති එකත්...

    ReplyDelete
  5. මේකට කියන්න දෙයක් නෑ..

    ReplyDelete
  6. මෙන්න මේ වගේ තැන් ගැන ටිකක් හොයන්න. අපේ අටමාත් මේ වගේ තැන් ගැන දන්නවා ටිකක් විමසලා බලන්න http://www.33000.lk/2014/02/Dog-shelter-Anuradhapura.html

    https://mbasic.facebook.com/srilankandogs/photos/pr.241051089353616/373272799464777/?type=1&source=42

    ReplyDelete
  7. ඔටාරා මහත්මියට පනිවුඩයක් යැවුවනම්, මෙලහකටත් පැටව් ගෙනිහුන්

    ReplyDelete
  8. තනිකරම උඹෙ වැරැද්දනෙ බන්...එහෙම දඩාවතේ යන බැල්ලියෙක් ගේ අහල පහල කැරකෙන කොට උඹ දැනගන්ට එපාය ඊලඟට වෙන්නෙ මොකද්ද කියල. එහෙම හිතල සූදානම් සරීරෙ කියල කරන්ට තිබ්බෙ බැල්ලිව පෝර මල්ලක දාගෙන අරන් ගිහිල්ල ටියුබෙක්තමී කරවන එක.

    එහෙම කරන එක මළ කරදරයක් වගේනම් තව ඊට ලේසි වැඩක් තිබ්බනෙ. අහල පහල ඉන්න වල් බල්ලො ඔක්කොමල මදු ගහල බැඳල අල්ලගෙන ගිහිල්ල වාසෙක්තමී කරවන එක.

    දැන් ඉතින් මක් කොරන්නද? වෙච්චි දේට එන්නා සෙයියරදු...:)

    ReplyDelete
  9. වන්ධ්‍යාකරණය ගැන ඇති වැරදි මත නිසා බල්ලන් දුක් විඳිනව, මිනිස්සු කරදර වෙනව.
    වන්ධ්‍යාකරණයෙන් පසුව බැල්ලියෙක් (ගෙදරක කන්න බොන්න හා ආදරය දීල හදනවනම් ) කොයිතරම් සතුටින් හා නිරෝගීව ( ගර්භාෂයේ හා ආසන්නයේ පිලිකා නැතිව ) ඉන්නවද කියල ඒ වගේ සත්තු හදපු අය දන්නව.

    ReplyDelete
  10. මගෙ කොල්ලයි කෙල්ලයි බැල්ලි පැටියෙක් ගෙනත් හදනවා. ඒ දෙන්නා ඌට කරන කැපවීම මට නම් හිතාගන්නවත් බෑ. බස් එකේ යන්න පුලුවන් ගමනට ත්‍රී වීල් එකක් ඕනෙ වෙනවා. නිවාඩුවට යන්න හිටපු ගමන් ඔක්කොම අතෑරලා දැම්මා බලු පැටියා නිසා. ඊව වෙට් ලඟට එක්ක යන එක වෙනම කෝස් එකක්. තව වැඩ ගොඩයි.

    ReplyDelete
  11. මාත් බල්ලෙක් කාලයක් ඇති කොරා.....හ්න අමාරු කෝස් එකක් බොලන්....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...