..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, July 28, 2015

.ඉතිරි බාගේ...............


ඉතිරි බාගේ...............




මේ ලෝකේ තවත් එක මනුස්ස ජීවියෙක් වුනු එයාට තිබ්බේ එකම අරමුණයි. ඒ තමා තමන්ටම හරියන තමන්ගේ ඉතිරි අර්ධය හොයා ගන්නෙක. ඒකට එයා දිවා රාත්‍රී වෙහෙසුනා. ලෝකේ හැමතැනම ඇවිද්දා. ගොඩාක් කරදර වින්දා, දුක් වින්දා.

ඒත් එයා එයාගේ සෙවිල්ල නතර කලේ නැහැ. එයා කිසිම කෙනෙක් කියපු දෙයක් ඇහුවෙත් නැහැ. ගොඩාක් අය එයාව අතෑරල දැම්මා. ඒත් එයාගේ මේ අත් නොහැරිය සෙවිල්ලෙ දී එයා එක්කම කෙනෙක් හිටියා.

එයා තමා මෙයාගේ ලෙඩට දුකට බැලුවේ , මෙයාගේ දුක අහන් හිටියේ , මෙයාගේ සතුටෙ දි හිනා වුනේ , අඩන කොට වාරුවට හිටියේ. වැටෙන කොට නැගිට්ටුවේ.......එයත් මෙයා එක්කම මෙයා යන හැමතැනම එයාගේ පස්සෙන්ම ගියා.

කොහොම හරි කාලය ගත වුනා. සෙවිල්ල නිම වුනේ නැහැ. සොයපු දේ හමු වුනෙත් නැහැ. නමුත් ජීවිතය වයසට ගිහින් තිබ්බා. පණ නල මේ ලෝකේ අතෑරල යන්න කිට්ටු වුනා. 

පණ යන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ එයාට හිතුනා මෙච්චර කල් තමන්ගේ පස්සෙන්ම ආපු , අදටත් තමන්ව දාලා නොයන මනුස්සයගෙන් මෙහෙම අහන්න.

" ඔයා ඇයි ඔයාගේ ඉතිරි බාගය හොයන්නේ නැත්තේ ?"


ඒකට මේ මනුස්සයා දුන්නේ හරිම අපූරු පිළිතුරක්.....................

" මම හැමදාමත් හිටියේ මගේ ඉතිරි භාගය එක්ක තමයි "



තාමත් ඉතිරි අර්ධය සොයන 

මම




We are all searching for our other half.

8 ප්‍රතිචාර:

Mahesh Rathnayaka said...

තමන්නෙ ළගින් ඉන්න අයට පෙන්නෙ නෑ කියනව නෙව..
හිතන්න දෙයක් ඉතුරු කළ වටින කතාවක්...

අනුරාධ said...

මාත් ඕක සෑහෙන්න කාලෙක ඉඳන් හොයනවා. තාම හම්බුනේ නෑ නෙව.

http://ananthayata.blogspot.com/2011/02/blog-post_17.html

සු දී ක said...

මේ වගේ ප්‍රශ්න මටත් තියෙනවා. එක ළමයෙක් මගේ එෆ්.බී. ෆොටෝස් වල මම ඇස් වහගෙන ඉන්න සේරම ඒවාට ලයික් දාලා. මෙසේජ් එකකුත් දැම්මා ඔයාට හරියට පේන්නේ නෑ කියලා.

කල්‍යාණ මිත්‍ර said...

ලියනගේ අමරකීර්ති ගේ අටවක පුත්තු මතක් උනා..

කුරුටු ගෑ ගී පවුර said...

ඒ කියන්නේ අපි තනි වෙලා නැහැ නේද????

උපේක්ෂා said...

තමුන් බාගයක් සම්පුර්ණ කියල හිතන අය නම් අඩක්වත් හොයනවා ඇති. සර්ව සම්පුර්ණ යයි කියන උන් නම් හොයන්නේ නැතුව ඇති.

ඩබ්.කේ said...

මදැයි හෙවුවා

Ravi said...

ඉතිරි අර්ධ දෙක තුනක් තියෙන්ට බැයිද බාං? දැං ඇත්තම කිව්වොත් මට හම්බවෙලා තියනව ඉතිරි අර්ධ හතරක්ම. එතකොට මගෙ අර්ධයත් එක්ක දෙකහමාරයි..එහෙම වෙන්ට පුලුවන් නේ?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...