..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, July 17, 2015

෴ ඔෆිස් කතාවක් ෴

෴ ඔෆිස් කතාවක් ෴  




සාමාන්‍යයෙන් රජයේ ආයතන වල දී යම් ගැටළුවක දී තීරණ ගන්නේ ඉහළ නිළධාරීන් , ලිපිකරුවන්ට තියෙන්නේ ඒ තීරණය අදාළ අයට ලිපි මගින් දැනුම් දීම. 

එතන දි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ලිපිගොනු හරහා.... ලිපිකරුවා හෝ ලිපිකාරිණිය කරන්නේ තීරණය අවශ්‍ය වන අදාල ලිපිය ,ගොනුවේ අමුණලා . සිද්ධිය ගැන අතීත කතාව පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කරලා , තමන්ගේ අදහසක් එහෙම තියනව නන් තීරණය ගන්න ලේසි වෙන්න ඒකත් ලියල උපදෙස් සදහා ඉ/ කරමි කියල සටහන අවසන් කරනෙක. 

මෙතනදි ඉ/කරමි කියන්නේ ඉදිරිපත් කරමි කියනෙක. 

මේ වගේ කෙටි යෙදුම් ගොඩක් කාර්යාල සටහන් වල තියෙනවා..... 

උදාහරණ විදිහට මෙහෙම යවන සටහන යටින් සමහර වෙලාවට ලොක්කා ලියල එවනවා අ/ කරමි කියල. පොඩි අත්සනකුත් එක්කම. ඒ කියන්නේ ලිපිකරුවා ලියල තියෙන අදහස අනුමත කරමි කියනෙක.
 
ඊට පස්සෙ එම ගොනුව ලිපිකරුවාට ආවම එයා කරන්නේ ඒ අදහස අනුව පිළිතුරු ලිපිය සකස් කරලා ලොක්කට වඩා පහළින් ඉන්න චූටි ලොක්කෙක්ට යවලා අත්සන දම්මලා ලිපිය අදාල කෙනාට යවනෙක.


 මෙතන දී ලොක්කා නේ තීරණය අනුමත කලේ ඒ වෙලාවට ඉතින් සූටි ලොක්කගේ අත්සන තිබ්බත් අ/කළේ කියලා ලොකු ලොක්කගේ නමත් දානවා.ඒ කියන්නේ ලොකු ලොක්කා අනුමත කරපු බව.

දවසක් ලිපිකාරිණියකට ආවලු ලොකු ගැටළුවක් තියෙන ලිපියක්. මේකට ඉක්මනින් පිළීතුරු යවන්නත් ඕනි නිසාත් ගැටළුව බරපතල නිසාත් ලිපිකාරිණිය ඉක්මනින් ලිපිය ගොනුවේ අමුණලා...සටහන් කොළේ විස්තරයත් ටිකක් ලියලා, තීරණය ගන්න උදව්වෙන දේවලුත් ලියල ඉ/කරමි කියල ලියල සර්ට යැවුවලු....

ලොක්කා ටත් මේ ලිපියේ ගැටළුව හෙනම ගැටළුවක් ලු. කොහොම හිතුවත් උත්තරයක් තීරණයක් හිතා ගන්නත් බෑලු. අන්තිමට ලොක්කා සටහන යටින් ලීවලු. ඕ/පු කියලා. කෙටි අත්සනක් දැම්මලු.......
 
මේ ලිපි ගොනුව ලිපිකාරිනිය ලගට ආවම එයා තක්බීර් වෙලා ගිහින්. මොකද කියනව නම් මෙහෙම කෙටි යෙදුමක් ඇය දැනගෙන ඉදලම නැහැ............. ඒත් මං දන්නවා ඒකේ තේරුම මොකක් ද කියලා....................හෙහේ.................ලොක්කන්ටත් එහෙම හිතෙන නම් අපිට මොනා හිතුනම මොකද නේද ?


ප/ලි - ජීවිතේ මොන දේ උනත් ඕ/පු කියල ඉන්න පුලුවන් නම් කොච්චර හොදද ?

ප/ප/ලි - ඒත් ඉතින් එහෙම මම ඉන්නත් බෑනේ ..........

ප/ප/ප/ලි - නෑ ඕනි නැහැ............


ලොක්කගේ සටහන දැකලා තක්බීර් වුනු ලිපිකාරිණිය
මම
 සොඳුරු සිත

20 comments:

  1. ඕ/පු වෙන්ඩ කියල කමෙන්ට් එකක් දාල යන්ඩ ආව හුග කාලෙකින්

    මුදියා

    ReplyDelete
  2. ඕක ඇත්තම සීන් එකක්නම් ඌ එළ කිරි ලොක්කෙක්නේ...

    ReplyDelete
  3. දෙයියන්ගේ වරම් ලැබිල ඕ/පු කියපු කතාව මතක් වුනා.

    ReplyDelete
  4. හරහා කියන වචනය අද බොහෝදෙනා යොදන්නේ වැරදි ආකාරයට. ලිපිගොනු හරහා නෙවෙයි ලිවරදී යෙදුම ලිපිගොනු මගින්. හරහා යන වචනය ඉංගිරිසියේ across යන්න වැරදියට වටහා ගැනීමක්. තියනවා නන් නෙවෙයි තියනවා නම්. ඕනේ පුකක් කියන එක කෙලින්ම ලිව්වනම් තමයි හොඳ

    ReplyDelete
  5. වස්සලා අකකගෙ කෙබරයක්.
    වෙලාවකට මෙයා උගන්නනවලු දැං ලිපි ලියනවලු හනේ අනේ

    ReplyDelete
  6. ඕ/පු; ප්‍රී/ වෙ කියල ඔන්න විභීෂණ ත් කියෙව්වා...

    ජ/වේ

    ReplyDelete
  7. ඕ/පු කියලා ඒ කෙටි යෙදුමත් සභා සම්මත කරගන්නයි තියෙන්නෙ.

    ReplyDelete
  8. අනේ අම්මපා අපේ ඔෆිස්වලත් ඉන්හලෙන් වැඩකරන්න පටන්ගත්තනම් බයක් නැතුව බ්ලොගක් කොටන්න තිබ්බ.
    අපේ තියෙන්නේ
    FNA
    RNA
    ANA
    NFA

    ReplyDelete
  9. මං රට වැඩ කරද්දී එහෙ හිටපු ලංකාවේ ලොක්කට එහෙ උන් මොකක් හරි බැරෑරුම් ප්‍රශ්නයක් අරන් ආව ගමන් ලොක්කට ඉබේම කිය වෙන්නෙ : මොන හු................ද මන් දන් නෑ .. අනිත් උන්ට තේරෙන එකක් යැ.. හික් හික්

    ReplyDelete
  10. නියමයි.
    http://nelumyaya.com/?p=3695

    ReplyDelete
  11. කාර්යාල වල File එකට සිංහලෙන් කියන්නේ 'ගොනුව' කියලා, එකකට වඩා වැඩිනම් 'ගොනු'.
    අපේ පොරකට දවසක් ලොක්කා ලියලා එවලා තිබුනා 'ගොනුත් සමග කථාකරන්න' කියලා. ඒ කිව්වේ File ටිකත් අරන් ඇවිත් එයාගෙන් වාචික උපදෙස් ගන්න කියලා...
    මූ ගැහුවා උත්තරයක්... "ගොනුත් සමග කථා කලෙමි... මම කොතරම් කථා කලත් ගොනු කථා නොකලේය" කියලා...

    ReplyDelete
  12. http://sinhala.lankanewsweb.net/index.php/features/2013-07-01-07-49-32/17843-2015-07-21-13-21-41

    ReplyDelete
  13. ඕ/පු කියල මාත් මේක කියෝලා කමෙන්ට් එකක් දැම්මා ඕං

    ReplyDelete

  14. මම කැමති ආදරේ කරන කොට ඒ කෙනාට පරණ විදියට ලියුම් ලියන්න,එහෙම ප්‍රේමයේ මුල් අතු අගිස්සටම ගිහිපු මගේ පරණ ගෑල්ලමයා මට බූට් එක දෙන ගමන්ම ලියුමකුත් එවල තිබුන මගේ ලියුම් ලියන සිරිත ගැන බොහෝම ගුණත් කියලම,ඒකට උත්තරයක් විදියට මම යවපු ලියුම මම පටන් ගත්තෙත් ඕ/පු කියලම තමයි...
    තරහකට නෙමෙයි,හිත අවුල් ගියා එයා කියපුවාට..දැන් නම් ඒ කෙල්ලට මාව පුල් ඩිලීට් අයිටම් එකක් වෙලා ඇති :)

    ReplyDelete
  15. කාලෙකින් සොයාගත්ත සොසිගෙන් දකින්න ලැබුණෙත් සුපර්බ් පෝස්ට් එකක්.
    වත්සලා අක්කා. ඇත්තටම ඔයා ලියන රටාවට ජෙමා ගොඩක් ආසයි. ඉස්සර ඉදංම.
    අතිතේ වැඩක් නෑ. ඔන්න ජෙමා අද ඉදං හතරවරං ගහනවා සොසිගේ දිහාවේ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...