..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, July 2, 2015

පන්තිභාර ගුරුතුමියකගේ සටහනක්

පන්තිභාර ගුරුතුමියකගේ සටහනක්



පන්තිභාර ගුරුතුමියක් වීම යනු පාසලක ගුරුවරියක්ට ලැබෙන විශාල වගකීමකි. පංතිභාරකම නිසා දවසේ උදෑසන පළමු කාලච්ඡේදය වෙන් වන්නේ පන්තිභාර ගුරුතුමියගේ විෂය සඳහායි. නමුත් පන්තිභාරගුරුතුමියක් විෂය නිර්දේශය අඩුවෙන්ම කවර් කරන්නේ තමා භාර පන්තියට බැව් පැවසුවොත් එය පුදුම වන්නට කාරණාවක් නොව. පන්තිභාර පන්තියට උදෑසනම ගිය විට ඇති රාජකාරි රැසකි. 

පන්තිය අතුගා ඇත්දැයි බැලිය යුතුය. නැතිනම් කට රිදෙන තෙක් ළමයින්ට බැනිය යුතුය. මේස රෙද්ද , පන්ති නාම ලේඛනය , පන්ති වාර්තා පොත, හුණු කූරු ආදිය ගෙනැවිත් නැති නම් කාර්යාලයේ ඒවා තිබෙනු දැක ප්‍රින්සිපල් කෑගැසීමට පෙර එවා විගසින් රැගෙන එන ලෙස පන්තිනායකයාට පැවසිය යුතුය. වේලාව වඩාත් ප්‍රමාද වී ඇතිනම් ප්‍රින්සිපල්ට නොපෙනෙන ලෙසට ඒවා රැගෙන එන ලෙසට විශේෂ උපදෙස් ලබා දිය යුතුය.  

ඒ අතර තුර පන්තියේ ඩෙස් පුටු පිළිවලට සකසා ඇද්ද , බුදුන්ට මල් පහන් පූජා කර ඇත්දැයි බැලිය යුතුය. නැතිනම් පෙර මෙන් ආයෙත් බැනිය යුතු ය. නාමලේණකය රැගෙන ආ පසු අරය ඉන්නවා ද? මෙයා ඉන්නවාද යනුවෙන් පිළිවළින් අසමින් එක හෝ බින්දුව පිරිසිදුව පිළිවලට ලකුණු කර එකේ ඉලක්කම් ගාණට හරියන සිසුන් පිරිසක් පන්තියේ සිටිනවා දැයි බැලිය යුතුය. නැතිනම් සිසුන්ට බනිමින් නැති කෙනෙක්ට දැමූ එක ලකුණ ඉවත් කරන්නේ කෙසේදැයි දස අතේ කල්පනා කල යුතුය.

  පන්තිභාර ගුරුවරයෙකුගේ චරිතයේ කැඩපතක් ලෙස සලකන නාමලේඛනය කෙළ ගා මකා හෝ කුරුටු බලි වූ අපිරිසිදු නාම ලේණකයක් නඩත්තු කිරීම යනු ගුරුවරයාගේ චරිතයම කටුගෑවි යෑමකි. එබැවින් එය එතරම්ම වැදගත් වේ. ඉන් පසු එලඹෙන්නේ ළමයින් පට්ට පල් බොරු කියන සමයයි. ඒ මක් නිසාද යනු ඊයේ බින්දු වැටුනු අය ට අද එක වැටි ඇත්නම් ඊයේ බින්දු වැටීමට හේතු වූ කරුණු විමසීමට සිදු වන බැවිනි. "සීයා මලා " " ආච්චි මලා " වැනි බොරු දැන් ළමයි නොපවසති. ඔවුන් දැන් පවසන්නේ පට්ට බොරුය..... එය දැන ගැනීමට නම් ඒවා පවසන විට ඔවුන්ගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටිය යුතුය. එක දිගට පැමිණ අදද නොපැමිණ ඇති ළමයකු වේ නම් ඔවුන්ගේ ගෙදර කෝල් කර බැලීම ද ගුරුවරයාගේ අමතර වගකීමකි....


ඉන් පසු එළඹෙන්නේ එකිනෙකාගේ රණ්ඩු දබර විමසා ඒවා සමථයකට පත් කරන වේලාවයි. එය එතරම්ම වෙලාවක් නොයන කාරණාවක් වන්නේ බොහෝ පන්තිභාර ගුරුවරුන්ට එවැනි ගැටළු සදහා සකසා ගත් රෙඩිමේඩ් පිළියම් ඇති බැවිනි. කෙසේ හෝ මේ සියල්ල අවසන්ව " හරි ළමයි අද පාඩම තමයි............." කියද්දීම (අ) වාසනාවන්ත ලෙස පළමු කාලච්ඡේදය අවසන් වන සීනුව නාද වන්නට ගනී.

ප/ලි - අද දින පන්තියට ගොඩවන විටම දැනට දින පහකට පමණ පෙර "පැපොල" හැදුනු පිරිමි ළමෙයෙකු පාසල් ඇවිත්ය. ඔහුගේ නිවසට කතා කර ළමයා අම්මා සමගින් නිවසට පිටත් කර හැරීමට කටයුතු අවසන් කර හැරෙන විට තව කොල්ලෙකුගේ බඩේ අමාරුවකි. 

අවාසනාවන්ත ලෙස ඒ දරුවාට "බඩේ ගල්" බව පසුව දැන ගත්තෙමි...... 

කෙසේ වුවත් පන්තියේ ළමයින්ගේ මුහුණු දෙස බැලූ පමණින් අද ඔවුන් සිටින්නේ සතුටින් ද ? දුකින් ද එහෙමත් නැතිනම් කුමක් හෝ ගැටලුවකින්දැයි කීමට තරම් හැකියාවක් ඇති පන්තිභාරගුරුවරු සිටින බවද දන්වන්නට කැමැත්තෙමි........... නගරයේ පාසලක නම් "පන්තිභාරකාරත්වය " යනු නිධානයකි....නමුත් මගේ පාසලේ පන්තිභාරකාරත්වය නිසා මට ලැබී ඇත්තේ දරුවන් විසින් ලියන ලද නිසදැස් තොගයක් සහ මල් වැටුණු කුඩා කුඩයක් පමණි.......... 

නමුදු පන්තිභාරකාරත්වය යනු නිවසක ගෘහමූලිකතැන ලැබීම තරම් දෙයක් යැයි සලකන 
මම
 - සොදුරු සිත-

9 comments:

  1. ඔයත් ගුරුවරයෙක් වෙන්න ඇති.ඔය කියල තියන දේවල් සේරම ඇත්ත.ඒත් තමන්ගෙම කියලා දැනෙන දරුවො රොත්තකට අම්ම කෙනෙක් වෙන එක හරි සුන්දර අත් දැකීමක් .විශේෂයෙන් 6,7,8 පන්ති වල දරුවො...

    ReplyDelete
  2. අපෝ මතක් කරන්න එපා ඔය පන්ති අතුගාන වැඩ. :D :D
    මල් පෝච්චි වලට වතුර දාන්නේ නෑ කියලා අපි බැනුම් ඇහුව සෙක්ෂන් හෙඩ් මිස් ගෙන්. දැම්ම කිව්වට එයා පිළිගන්නේ නෑ. පස්සේ අපි පෝච්චි වටේට බිම වතුර හැලුව, වතුර දාල කියල පෙන්නන්න!

    ReplyDelete
  3. මම හිතන්නෙ මේකට විසඳුමක් අවශ්‍යයි. මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න පුළුවන් හොයල බැලුවොත්. නාම ලේඛණය ගෙනඒම වගේ දේවල් ළමුන්ට භාරදීමට නොහැකිද? විශේෂයෙන්ම පාලනය කරන්න බැරි මැරෑටියන්ට මොකක් හරි වැඩක් දීම මගින් පාලනය කරන්නත් පුළුවන්.

    ReplyDelete
  4. නාමලේභනය දීලා පාලනය කරන්ඩ බෑ බන්!!!! 80% පැමිණිම නැති වෙයි කියලා අපි නාමලේඛය අතුරුදහන් කලා....
    ඒ වුනාට පන්ති භාර ටීචර්ට තමා ළමයි වැඩියෙන්ම කැමති...

    ReplyDelete
  5. නාම ලේඛනය, වාරතා පොත ඔෆීසියෙන් ගෙන ඒම, ගෙන යාම, පන්තිය පිරිසිදු කීරීමට කාලසටහන් සාදා ළමුන් අනුයුක්ත කර එාවා ක්‍රියාත්ම කිරීම වැනි වැඩවලට තමයි පන්ති නායකයෙකු සහ නායිකාවක පත් කරන්නේ.

    පන්ති නායකයින් යනු ළමුන් ගේ නායකයින් නොවේ. පන්තිය බාර ටීචර් ගේ හෙන්චයියලා ය.

    ReplyDelete
  6. ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
    පාට පාට මල් වැටිච්ච සාරි අදිනවා
    පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
    එයාට අපි ටීචර් කියලයි අමතන්නේ........!!!

    https://youtu.be/8emJE-7OSq4

    ReplyDelete
  7. ඔය කියපු බොහෝ සීන් කෝන් පංති නායිකාව යි නායකයයි මුල් වෙලා කරනව නෙද
    මට මතක විදියට අපේ ඉස්කෝලෙ නං සිස්ටම් එක හදල තිබ්බෙ එහෙම.
    වලියක් වුණත් උං දෙන්නගෙං උඩට යන්නෙ කලාතුරකිං තමයි

    ReplyDelete
  8. සෑහෙන යුද්ධයක් තමයි. උදේට පීරියඩ් දෙකක් එක්කහු කළා නම් හරි. දැන් උන් කියන බොරුවක් දෙකක් කියන්නකෝ සොඳුරු . අපිටත් යමක් ඉගෙන ගන්න ඇති එව්වයේ :D

    ReplyDelete
  9. උගන්නන එකත් ලේසි වැඩක් නෙමේනේ ඉතින් ...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...