..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 30, 2015

සයිබර් කුමට රියැලිටියට එන්න බැරී

 සයිබර් කුමට රියැලිටියට එන්න බැරී


හදිසයේම මොනා හරි දෙයක් ඕනි වෙලා හොයන කොට , හොයාන හොයාන හොයාන යද්දි හම්බෙන්නේ ඊට කලින් කවදහරි දවසක ඕනි වෙලා හොයපු, නමුත් හොයා ගන්න බැරි වුනු දෙයක්.ඉතින් එතනින් හොයා ගැනිල්ල නවතිනවා. 

අදත් එහෙම එකක් වුනා.හොයාන හොයාන හොයාන යද්දි හම්බවුනේ කලින් දවසක හොයල හොයල හොයල හොයා ගන්න බැරි වුනු දෙයක්....හෙහේ. ඉතින් මම අද හොයපු දේ හෙවිල්ල නතර කරල දැම්මා.මොකද අද හොයපු දේ වෙන දවසක වෙන දෙයක් හොයද්දි හමුවෙයි කියලා මං දන්නවා.

මේ තියෙන්නෙ එහෙම කලින් දවසෙ හොයලා හොයා ගන්න බැරි වුනු ,අහම්බයෙන් වෙන දෙයක් හොයද්දි අද හම්බුනු කවියක්.....



                         ෆෙස් බුක් එකේ , චැට් තීරුවෙ නුඹව පෙනී
                         නැවතී බලනවා මොහොතක් කොහොම හරී
                         කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී
                         දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

චැට් බොක්ස් එකට දාහක් ඇස් ඇති හින්දා
චැට්බොක්ස් කවද හරි හැක් වී යන හින්දා
කවදාවත්ම නුඹ මුණ නොගැහෙන හින්දා
ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා

                         චැට් බොක්ස් කුමට සිතුසේ චැට් කරනු බැරී
                         ස්කයිප් මොටද සිතු සේ දැක ගන්න බැරී
                         ෆේස් බුක් කුමට ලයික් එකක් දමනු බැරී
                        සයිබර් කුමට රියැලිටියට එන්න බැරී

                                                  - සොඳුරු සිත-

9 ප්‍රතිචාර:

කල්‍යාණ මිත්‍ර said...

සාරි බාරි සැන්ට් පවුඩර් ඕනෙ නැතී
ජෑම් බටර් කිරි සාඩින් මොකුත් නැතී
දවල් ඔෆිස් රෑ සාප්පු ගමන් නැතී
කොම්පීටර් හොඳයි 'කන්දොස්කිරියාව' නැතී :p

Mahesh Rathnayaka said...

හෙහ් ඒක මරු කවිය.
කමි ය ගෙ කමෙන්ටුවත් මරු.
හැබෑටම ඒම සිද්දිත් ඇති නේ
හිහි. පව් අපප

amila chathuranga said...

ඒ වුනාට ඕක හරි වදයක් වගේ මටනම් ....
මොන පිස්සුවක්ද මේ ඉස්සර වගේ ඇන්න පැන්න තිබුන නම් කොච්චර දෙයක්ද?
දැන් මේ පෝන් කෙරුවාව නිසා විනාඩි දහයෙ වැඩේට මාස දහයක් පෙරුම් පුරුන්න වෙලා..

Indranatha Thenuwara said...

මරේ මරු...!!

Ravi said...

මොකද බං වෙලා තියෙන්නෙ? මොකෝ මේ කලින් දාපු පෝස්ට් ආයෙම දාන්නෙ? :)

Buru Babe said...

අඩේ මේක මරු...!

තිස්ස දොඩන්ගොඩ said...

Lovely...!!!
සුපිරිම කවි... කාගෙත් හිත් හොඳැ හැටි කියවල තියේ..!

Dinesh said...

මරු කියන්නේ උපරිමයෙන්ම මරු අක්කේ..

රූපේ said...

ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා

මේක නම් සිරා....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...