..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, June 28, 2015

නිහඩ වූ චමරිය 2

නිහඩ වූ චමරිය 2


කලකට පසුව පැමිණි රජයේ නිවාඩු දිනයක් වූ එදිනසෙති මැදට වැටී තිබීම නිසා චමරියේ කොලු නඩය එය සැමරීම වස් සූදානම් වන බවක් පෙනී යන්නට විය. 

එවැනි දිනක ඔවුන් අවදි වන්නේ මහපාන්දර දහයත් පසු වීය . ඉන් පසු අවට නිවෙස් වල වහලවල් වලට බෝල පාස් කරමින් හයේ හතරේ පහරවල් වලට පොඩි දරුවන් මෙන් කෑගසමින් ක්‍රිකට් සෙල්ලම් කරයි.

සවස තුන හතර පමණ වන විට  තරමක් සංසුන් වන ඔවුන් මෝටර් බයික් වල නැගී පිටව ගොසින් හය හත පමණ වන විට එකා එකා නැවත චමරිය වෙත පැමිණේ......

රෑ අට නමය පමණ වන විට නැගී එන සංගීතය ඇසීමට මම ද සූදානම්ව සිටියෙමි..... සිතු ලෙසින්ම බෝගෝ සහ ගිටාර් වාදනයත් සමගින් නැගී ආ සංගීත රාවය වෙනදාට වඩා උත්කර්ශවත් බවක් ඉසිලීය. . . 

එදින සංගීතය මහ රාත්‍රී  පසුවන තෙක් ඇදී යන බවක් හැගී ගිය අතර මා වෙත නොදැනීම නින්ද ලගා වී තිබුණි.


මා එකවර නින්දෙන් ඇහැරුනේ මහා කලබලයක් ඇසෙන්නට වූ බැවිනි. ඇස් පිසිමින් ජංගම දුරකථනයේ වේලාව බැලූ විට මධ්‍යම රාත්‍රීයද පසුවෙමින් තිබුණි.

කලබලය ඇසී මව ද නින්දෙන් නැගිටවිත් තිබුණි.

" මොකක් ද කලබලේ "

" චමරිය පැත්තෙන් ඇහෙන්නේ "

" කොල්ලො බීලා රණ්ඩු කරනව ඇති. යන් යන් නිදාගන්න "

එසේ පවසමින් සියල්ල විසදා ගත් අප නැවත නින්දට වැටුණි. 

පසුදින පාන්දර ම සේවය සදහා පිටත්ව ගිය මට පෙර දින රාත්තිරියේ සිදුවීම අමතකව ගොස් තිබුණු නමුදු..... සේවය නිමා වී නිවසට පැමිණෙන අතර මුණ ගැසුණු පොලිස් නිළධාරියෙක් චමරියේ ලිපිනය පවසා ඒ කොහිදැයි විමසූ බැවින් නැවතත් පෙරදින මතකය අලුත් වන්නට විය.

චමරියේ කොල්ලන්ට විරුද්ධව පොලිස් පොතේ පැමිණිල්ලක් ඇති බවත් එය විමර්ශනය කිරීමට ඔහු පැමිණි බවත් මා සමගින් පැවසීය.

සිදුව ඇති දේ හරියටම දැන ගැනීමට මාසයක් පමණ ගත වූයේ කාර්ය බහුල ජීවිතයත් සමගින් පොර බදන නිසාම වන්නට ඇත. නමුත් මාසයේ 10 වන දින  වන විට චමරිය දෙසින් ඇසෙන සිහින් සංගීත රාවය බලාපොරොත්තුවෙන් සිට එය නොමැති තැන බලාපොරොත්තු කඩ වූ මා අම්මාගෙන් ඇසුවේ කොල්ලන් චමරිය හැර ගොස් දැයි කියාය .

" ඒ කොල්ලන් චමරිය දාලා කොහ යන්න ද, ඔය උදෙත් වැඩට ගියේ "

" මොකද දන්නෑ ඉස්සර වගේ සද්ද නැත්තේ දැන් "

" පවු . . .  කොච්චර උනත් කොල්ලො නේ. උන්ට කරපු වැඩේ වැරදි "

" ඇයි  . . .  මොනාද වුනේ "

මව පැවසූ පරිදි සිද්ධිය මෙසේය. 

අවසන් වරට චමරියේ සංගීත රාත්‍රී දිනයේ රාත්‍රී එකොලහට පමණ ඔවුන් සින්දු කියමින් සිටි තැනට කොහෙන් හෝ පැමිණ ඇත්තේ තැඹිලි කෝම්බයකි.  අවාසනාවට එය වැදී ඇත්තේ බඹන මතට කිට්ටුවෙමින් සිටි කොල්ලෙකුගේ නලලටයි.

ඇවිස්සුනු කඩි රැළ මෙන් ඔවුන් තැඹිලි කෝම්බය පැමිණි ඉසව්ව වෙත රංචුව සමගින් ගොස් ඇති නමුදු කිසිවෙකුද සොයා ගැනීමට නොලැබී ඇත.

පසුව අවට නිවෙස් කිහිපයක් සමගින්ම බහින්බස් වීමට ගොස් ඇති බීමත් කොලු නඩය ට විරුද්ධව යාබද නිවෙස් කිහිපයක් විසින්ම පැමිණි කර ඇත්තේ එදින සිදු වූ සිදු වීමටත් වඩා ඔවුන් විදින විනෝදය කෙරේ කලින් සිටම උරණ වෙමින් සිටි පලිය ගන්නට වන්නට ඇත.

පොලිසිය පැමින සිද්ධිය සමථයකට පත් කළ අතර අවසානයේ දී සොයා ගත් පරිදි තැඹිලි කෝම්භය විසි කර අැත්තේ යාබද නිවෙස් පෙලේ නිවෙස් දෙදකට එහායින් නිවසක සිටි වයස 17ක ගැහැණු ළමයින් දෙදෙනු විසිනි. තැඹිලි කෝම්ඹය විසි කළ ඔවුන් දෙදෙනා හොර පූසියන් මෙන් නිවසට පැමිණ කිසිවෙකුටත් ඇස නොගැටෙන ලෙස සිට ඇත. ගමේමම සිටින සක්කර වට්ටම් දෙක (ඔවු එහෙම තමා ගමේ මිනිස්සු කීවේ)  වන ඔවුන් චමරියේ කොල්ලන් සමඟ උරණ වූයේ ඇයි දැයි මට නොතේරේ.

කෙසේ හෝ ඉන් පසු කලබල  චමරිය නැවතත් නිහඩ නිසංසල පරිසරයක ගිලී ගොසිනි.

මිනිසුන් මෙතරම් කුහක වන්නේ ඇයි?

" කොල්ලන් යනු කොල්ලන්ය "

15 comments:

  1. මගේ අදහස කොල්ලොත් තමන්ගේ විනෝදය අසල්වැසියන්ට කරදර නොවෙන තරමට අත්විඳ ගත්තා නම් මේ ප්‍රශ්න නොඑන්නට ඉඩ තිබු බවයි.

    ReplyDelete
  2. ඇත්තටම ඒක නං කුප්ප වැඩක්. කෙල්ලන්ට වුණත් ඒක කරදරයක් නං උංට කෙලින්ම කියල කතා බහ කරගන්න තිබ්බ. ඔය වගේ ජරා වැඩ කරන කොන්ද පණ නැති උං කොහෙත් ඉන්නව. පව් අරුං ටික.
    කොල්ලො කියන්නෙ කොල්ලො උං වෙනස් වෙන්නෑනෙ

    ReplyDelete
  3. ඇත්තටම ඒක නං කුප්ප වැඩක්. කෙල්ලන්ට වුණත් ඒක කරදරයක් නං උංට කෙලින්ම කියල කතා බහ කරගන්න තිබ්බ. ඔය වගේ ජරා වැඩ කරන කොන්ද පණ නැති උං කොහෙත් ඉන්නව. පව් අරුං ටික.
    කොල්ලො කියන්නෙ කොල්ලො උං වෙනස් වෙන්නෑනෙ

    ReplyDelete
  4. ඔන්න කාලෙකින් සොසීගෙ ලියැවිල්ලක් කියෙව්වා...

    ReplyDelete
  5. මේකේ අන්තිමට කියන කතාව නම් ටිකක් ප්‍රශ්නකාරියි. අපිත් කොල්ලෝ හැටියට ගොඩක් දේවල් කළා. නමුත් කොල්ලොය කියල අපිට අමුතු තත්වයක් තිබුන කියල හිතුවේ නැහැ. කෙල්ලන්ටත් ඒ අයිතිවසිකම්ම තියනවා. මෙතන හැබැයි මේ කෙල්ලන්ට කෙලින්ම කතා කරලා කියන්න තිබ්බ. සින්දු කියල ෆන් එක ගන්න එක අහිංසක වැඩක්. වැඩ කරලා මැරිලා ඇවිල්ල.
    http://nelumyaya.com/?p=3326

    ReplyDelete
  6. ඔය වගේ වැඩ කවුරු උනත් සීරියස් ගන්න නරකයි..හැබැයි තමන්ගේ ෆන් එක අනිත් මිනිස්සුන්ට ඇණයක් නොවෙන්න ගන්නවනම් හොඳයි (කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම-).

    සොසී... පොඩි ළමයි දෙන්නෙක්ට 'සක්කර වට්ටම්' කියල ලේබල් ගහන එක පව් නැද්ද? කෙල්ලෝ දෙන්නත් ඕක විහිළුවටනේ කරන්න ඇත්තේ (ඒක හරි කියනවා නෙමෙයි- ඒක වැරදියි).

    ReplyDelete
  7. දැං එතකොට හැංගිල ඉඳල තැඹිලි කෝම්බෙන් ගහපු හින්දද අර කෙල්ලො දෙන්නෙ සක්කරවට්ටම් දෙකක් උනේ.... ?

    කොල්ලො ඔහොම වැඩක් කලොත් උන් ඉතිං කොල්ලොනෙ...
    කෙල්ලො කළොත් උන් සක්කර වට්ටං....

    අනේ මෙහෙම රටක්...

    ( ප/ලි අපිත් ඔය වගේ වැඩ කරපු උන් තමයි.... සක්කර වට්ටං කිව්වත් ඕවා කවුද ගනං ගන්නෙ.... හි හි

    ප/ප/ලි කාලෙකින් කමෙන්ට් එකක් දාන්න හිතෙන පෝස්ට් එකක් දැම්මට තෑන්ක්ස් සොසී.. හි හි )

    ReplyDelete
  8. //වයස 17ක ගැහැණු ළමයින්// - //ගමේමම සිටින සක්කර වට්ටම් දෙක//
    //කොල්ලන් යනු කොල්ලන්ය//

    //මිනිසුන් මෙතරම් කුහක වන්නේ ඇයි?//

    ඇත්තටම ඇයි?

    ReplyDelete
    Replies
    1. Heartily agree with comments from Thisara, Kaushi and niRo (also Ajith). The irresponsible acts of boys are being justified in the name of 'innocent fun' (and the story even implies these boys having fun with a woman in the night). Two teenage girls are introduced as 'sakkara wattam'. This is a good reflection of small minds in Sri Lanka.

      Delete
  9. me post eka kiyewwama hithune............. sonduru sitha hithana tharam sonduru ne wage kiyala

    ReplyDelete
    Replies
    1. True. I thought the same.

      Delete
  10. අන්න ඒකනේ! ඕක තේරුම් ගන්න බැරි එකයි වැරැද්ද!

    ReplyDelete
  11. //" කොල්ලන් යනු කොල්ලන්ය "//

    //මිනිසුන් මෙතරම් කුහක වන්නේ ඇයි?//

    ඇත්තටම සොඳුරු සිත මේ තරම් කුහක දේවල් කියයි කියලා මම හිතුවේ නැහැ.

    ReplyDelete
  12. /*කොල්ලන් යනු කොල්ලන්ය*/

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...