..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, May 25, 2015

පොසොන් සඳ එළිය යට සිට ලියමි........

අනේ බුදු හාමුදුරුවනේ,




ප්‍රධාන පෝයක් කියන්නේ , තනිකරම ෆන් දවසක්.....දන්සල් දීලා , දන්සල් කාලා හවසට තමා උණුසුම් අවස්ථාව.

දන්සලේ ඉතිරි සල්ලි වලින් (මේ ටික කලින්ම වෙන් කරලයි වැඩේ පටන් ගන්නේ ) කලින් දවසෙ ගෙනාපු බෝතල් ටික එළියට අරන් වැඩේ පටන් ගන්නවා.

 සින්දු කියලා කොඩි වනලා කෑගහා ඉවර වෙද්දි මහ රෑත් පහු වෙනවා.

අපේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පන්සලක් අසළ.ඒ වගේම පොසොන් එකට වදින්න යන ප්‍රධාන සිද්ධාස්ථානයක ප්‍රධාන මාර්ග අසල. ඉතින් රෑට නින්දක් නෑ වාහන සද්දේ.කොල්ලො කෑගහන , හූ කියන සද්දේ.

ඒ විතරක් ද පාර දෙපැත්තේ කඩවල් වලින් ගතපු මහ සද්දයක් එන නලා වල සද්දේ...... 

තව පොසොන් කලාපයේ ඉන්නවා දියවෙන රූමතිය. ඇතුලු විමට ටිකටුත් ගන්නවා.හැබැයි කීය ගත්තත් මාත් යනවා එයාව බලන්න. 

මේ හැමදේටම වඩා හිතට දුක අපේ අම්මට සිල් සමාදන් වෙන්න බැරි වෙනවා.මොකද එයාගේ පොඩි දූ පොසොන් පෝයටත් වැඩ.දූගේ පොඩි එකා බලාගන්න අම්මට නවතින්න වෙනවා.......... 

ඔබ වහන්සේ වගේ මේ සසරේ නිවන් දකින්න අපිට තව කාලයක් මේ විදිහට දුක් විද විද බලා ඉන්නම වෙනවා........






ප/ලි- පොසොන් දවසට මාත් බුදු පිළිමයක පින්තූරයක් ෆේස් බුකි කවරෙට දාලා බෞද්ධ කොඩිය ෆ්‍රොපයිල් පික්චරේට දාලා අප්ඩේට් වෙන්න හිතාන ඉන්නවා....

12 comments:

  1. හෙහ්, නැතුව නැතුව.. එදාටවත් පොඩ්ඩක් පිච්චර් මාරු කරලා හිටියේ නැත්නම් හොද බෞද්ධයෝ වෙන්න කොහොමද?

    ReplyDelete
  2. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... නේද?...

    ReplyDelete
  3. ප.ලි. කොටස තමයි හොඳම. මම කවදාවත් නොකරන එක ඕක තමයි.

    ReplyDelete
  4. ලොකු දුවට සිල්ගන්න අදහසක් එහෙම නැතෙයි?

    ReplyDelete
  5. යකෝ! අපි බෞද්ධයෝ! ලේ කකියනවා යකෝ! ඉතිං ඒ කකියන ලේ පෙන්නනත් එපැයි! :D

    ReplyDelete
  6. හී හී...අර ප.ලි. එක තමා හොඳම...

    ReplyDelete
  7. සොසී රැඩිකල් වීගෙන වීගෙන එනවා....!

    ReplyDelete
  8. හනේ මේ පිස්සු කියවන්න එපා අනේ.. නිවාඩුවක් තියෙන දවසෙත් පංසලේ ලැගපංකෝ.. හැක්. (නරකද 'සිකුරාදට පල්ලි යන්නම ඕනි' වගේ නීතියක් අපේ අයටත් තිබුණනම්)

    ReplyDelete
  9. කොච්චර අප්සෙට් පොරක් වුනත් සරත් සිල්වා ගැන තාමත් මගෙ හිතේ කැමැත්තක් තියෙන්නේ ලවුඩ් ස්පීකර් සීමා කිරීමේ නීතිය තදින් ක්‍රියාත්මක කිරීම ගැන. එක පාරක් මිනිස්සුන්ට හිංසා වෙන විදිහට පංසලේ ලවුඩ්ස්පීකර් දාපු හාමුදුරුවෙක්ටත් වැඩේ දුන්නා

    ReplyDelete
  10. අනේද කියන්නේ..
    කොළඹ කලබල ජීවිතෙන් ඈත්වෙලා සති අන්තෙ ගමේ යන්නෙ නිවී සැනසිල්ලේ දවසක් හරි ගෙදර ඉඳලා එන්න.ඒත් දැන් ඒ නිදහස් ගම නෑ..හැම ගෙයකම වගෙ home theater. උන් ඒවා දමන්නෙ ගමටම ඇහෙන්න.මේවට නීති වලට වඩා ඒ මිනිස්සුන්ගෙ ආකල්පයි වෙනස් කරන්න ඕන..
    පන්සල්, පල්ලි ගැන උනත් ඒ ටික ම තමා

    ReplyDelete
  11. අනේ සොසි, ඒවා ගැන කතා කරලා වැඩක් නෑ. පන්සල් දන්සැල් හැම දෙයක්ම වාණිජකරණය වෙලා. අපි අපේ දෙයක් නිදහසෙ කරගත්තම ඉවරයි.

    ReplyDelete
  12. Pa. Li patta. Mamath buddhist punk. Eka nisa awulak ne.. Hikz

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...