..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, April 3, 2015

නමක් නැති කතාව


ආරම්භයේ දීම නමක් නොතබා ලියන්නට පටන් ගැනීම මගේ පුරුද්දකි. ලියා අවසන් වන විට බොහෝ විට එයට නමක් ඉඹේම ගොඩනැගී අවසන් වේ. නමුත් , අද මා විසින් ලියැවෙන දේට නමක් තිබිම ඔබට භාර කරමි. 


මීට වසර කිහිපයක් ඈතට යන්නේ නම්,


ඉලෙක්ට්‍රොනික තැපෑලට දිනපතාම පාහේ ඔහුගෙන් ලැබෙන ලිපිය සෑම උදෑසනකම සිත මිහිරෙන් පුරවා ලන්නට වූයෙන් එයින් ඵල ලැබුවේ මාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. අහම්ඹයකින් හෝ ඉලෙක්ට්‍රොනික් ලිපි මල්ලේ ඔහුගෙන් ලිපියක් නොලැබුන හොත් එය මුලින්ම දැන ගන්නේ ද මාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය.



"ටීචර් අසනීපෙන් ද? " යැයි එවැනි බොහෝ දිනක ඔවුන් මගෙන් විමසයි.



ඔහු හා මා අතර මෙම සබධතාව ගොඩනැගීමට මුල් වූයේ මා අතින් ලියැවෙන මේ බොළද බ්ලොග් පිටුවයි.



එහි දිනපතා පාහේ කුමක් හෝ යමක් ලිවීම මා තනිකඩ කාලයේ දී නොකඩවාම සිදු වූ අතර , අහම්බයකින් මෙන් අන්තර්ජාලයේ සැරිසරද්දි පාර වැරදී මෙන් ඔහු මාගේ බ්ලොග් අඩවියට ගොඩ වී තිබුණි.

මා විසින් ලියැවුනු බ්ලොග් පෝස්ටුවකට ඔහු විසින් බොහෝ දෝශාරෝපණ එක් කිරීමේ කමෙන්ටුවක් පල වී තිබුණු අතර එය " ඇනෝනිමස් " ලෙසින් පළ කර තිබුණි. එහි දී ඇරඹුනු සංවාදය දිගින් දිගටම ගොස් නතර වූයේ බිිදිය නොහැකි සබධතාවයකට අඩිතාලම වැටීමෙනි.

නමුත් ඔහු මා හෝ මා ඔහු හෝ කවුරුන්දැයි නිසැකවම නොදැන සිටියෙමු. එය නොදැන සිටීම මැනැවැයි දෙදෙනා විසින්ම එකගතාවයකට පැමිණ නොතිබුණු නමුත් නොදැන සිටීමේ තිබූ අමුතුම ආකාරයේ සුන්දරත්වය බිදී යාමට ඉඩ නොදීමට නම් දෙදෙනාම එකගතාවයකට පැමිණ සිටි බවක් හැගේ.

ඔහු හා මා අතර ආදරයක් ගොඩනැගීමට ද දිනපතා පාහේ සිදුවන ඉලෙක්ට්‍රොනික් ලිපි හුවමාරුව ඉවහල් වන්නට ඇත. නමින් පෙනුමෙන් නොදැන සිටිය ද සිතින් නම් තව දුරටත් දෙදෙනකු නොවූයේ කිසිවෙකුටත් නොපවසන රහස් රැසක් ඉලෙක්ට්‍රොනික් තැපෑල හරහා හුවමාරු වූ නිසාම වන්නට ඇත.

මේ අතර ඔහුගේ සේවා ස්ථානය විදුලිය වත් නොමැති අති දුෂ්කර පෙදෙසකට මාරු වීම නිසා අපතර වූ සම්බන්ධය දුරස් වීම ඔහුට කෙසේ වෙතත් මාගේ ජීවිතය දැඩි වෙනසකට ලක් කිරීමට සමත් විය.

නොදන්නා ඔහු දුරස් වීමෙන් සිතට දැනුන පාළුව හා කාංසිය නිසා ජීවිතය ගැන නැවත සිතීමට මට ඉඩකඩ ලැබුනි. නොසිතූ පරිදි විවාහකට සිර වූ දිනයේ මම ඔහුට ඉතා දීර්ඝ ඉලෙක්ට්‍රොනික් ලිපියක් ලියා අවසානයේ දී එහුට මා ඉතා ආදරය කරන බැව් ලිවීම නිසා අද වන තෙක් ඔහුට තැපැල් නොකල ඊ ලිපිය "ඩ්‍රාෆ්ට් " ෆෝල්ඩරයට වී සැගවී සිටින රහසක් බවට පත් ව ඇත.

නමුත් මා විවාහයෙන් පසු ද ඔහුට දිගින් දිගටම මිතුරියක ලෙස ලිපි යැවීම සිදු කරමින් සිටියෙමි.එයට හේතුව වූයේ කෙදිනක හෝ ඔහු යළිත් මා වෙත අමතාවි යැයි සිතේ කොණක සැගවී තිබුණු බලාපොරොත්තුවයි.

අහම්බයෙන් නොසිතු දිනක ඔහුගෙන් ඉතා කෙටි ඊ ලිපියක් ලැබී තිබුණි. එහි සදහන් වූයේ ඔහු මා විසින් එවන ලද ඊ ලිපි සියල්ල කියවූ බවත් මාගේ යුග දිවියට සුබ පතන බවත් පමණි. 

ඔහුගෙන් ලද කෙටිම ඊ ලිපිය නිසා දිගු සතුටක උරුමකාරියක වූ ම‍ාගෙන් එදා නම් ඵල නෙලුවේ මාගේ සැමියායි.

මාගේ සැමියා ඉතා නිහඩ පුද්ගලයෙකි. ඔහුමාහට ආදරය කරන බවක් හෝ නොකරන බවක් මට හරියටම සිතා ගත නොහැකිය. ඔහු මා කිසිවිටක නොරිදවයි. නමුත් කිසිම විටක මා ගැන විශේෂ අවධානයක් ද යොමු නොකරයි. ඔහු ඉතාම හොද සැමියෙකි. නමුත් මා සිතු-පැතූ සැමියා නම් නොවේ.

ඔහු රසට කෑමට , රසට බීමට , රසට ජීවීතය විදීමට ප්‍රිය කරන බව මට දැනේ. නමුත් ඔහුගේ රස පිළිබව විමසීමට හෝ මා කැමැති රසය කුමක් දැයි පැවසීමට නොහැකි තරම් දුරකට ඔහු මා තල්ලු කර දැමුවා සේය.

මේ තල්ලුව දරා ගත නොහැකි වූ එක් දිනක පුද්ගලිකත්වය බිද හෙලා ගනිමින් මා මගේ ඊ මිතුරාට ලිපියක් ලීවෙමි. මා විවාහ වූ දිනයේ ඔහුට ලියා නමුත් නොයැවූ ලිපිය ද "ඩ්‍රාෆ් ෆෝල්ඩරයෙන් " " සෙන්ට් ෆෝල්ඩරයට" මාරු කළෙමි.

එයට පිළිතුරු ලෙස ඔහුද මා හට බෙහෙවින් ආදරය කරන බවත් මා විවාහක බැවින් ආදරය පල දැරීම සිදු කළ නොහැක්කක් බව ද, නමුත් ආදරය කිසිදා නොමැකෙන බව ද පවසමින් ඉතා දීර්ඝ ඊ ලිපියක් එවා තිබුනි.

එයින් පසු අප දෙදෙනාගේ සිතුවිලි ඉලෙක්ට්‍රොනික් සංකේත දිගේ එකිනෙකාට ගලා යැම සිදු වූ අතර නැවතත් ජීවිතයට නව්‍යතාවයක් එක් වෙමින් තිබුණි. පෙර මා සතුටින් නම් එයින් ඵල ලැබූවේ ශිෂ්‍යයන් සේ ‍දෙවන අවස්ථාවේ එයින් මහගු ඵල නෙලා ගත්තේ මාගේ ස්වාමියා බව කිවයුතුමය.

මා ඔහුට රසට උයා දෙන්නට , අලුත් කෑම වට්ටෝරු සාදා දෙන්නට , නිවස අලංකාරව තබා ගන්න ට මෙන්ම ඔහුට සතුටම බෙදා දෙන්නට තරම් සතුටින් උද්දාම වී සිටියෙමි.

ඔහුද පෙරට වඩා සතුටින් සිටන බවක් දැනී ගිය ද ඔහුගේ සංසුන්කම ඔහුගේ හැගීම් වසා ගිල ගනිමින් ම සිටියෙන් ඔහු ගැන නිවරදි අවබෝධයක් ලබා ගැනීම උගහට විය. නමුත් එයින් නොසැලුනු මා නොදන්නා නොපෙනෙන මිනිසෙකු නිසා උද්දාමයටත් අසිරිමත් සතුටටකටත් උරුමකාරියක්ව සිටියෙ මි.

නමුත් සියල්ල නොසිතූ ලෙසින් වෙනස් වන්නට වූයේ ඊයේ පැමිණි ඊ ලිපිය නිසා ය.

" වහාම හමුවීමට අවශ්‍යයි. විවාහයෙන් වෙන් වන්නේ නම් ඔබව භාර ගැනීමට ඉතා කැමැත්තෙන් සිටි මි "

විවාහයෙන් වෙන් වීමට තරම් කාරණාවක් සොයා ගැනිමට නොහැකි බවත් , මේ ගැන සිතා බැලීමට කාලය අවශ්‍ය බවත් මම ඔහුට දැන්වූයෙමි.

මෙතෙක් සැගවී සිටි බුද්ධිය එළියට බසින්නට ගත්තේ ඉන්පසුවයි. නොදන්නා පුද්ගලයෙකුගේ වචනයට අවනතව හරියටම නොදන්නා නමුත් නීත්‍යානුකූලව අයිතිකරගත් පුද්ගලයා හැර යන්නේ ද?

ජීවිතය නොදන්නා තැනක ඔහේ අතර දමන්නේ ද? වසර ගණනක් නොදැක ඇති නමුත් හොදින් සිත් අදුනනා කෙනෙකු ලගට යන්නේ දැයි සිතමින් දින දින ගෙවී යන්නට විය.

මේ අතර සිත තුල තිබූ ව්‍යාකූලත්වය සගවා ගැනීමට නොහැකි වූ බැවින් ජීවිතය ද හැල හැප්පීම් මැද ගෙවී යන්නට විය. නිවස ප්‍රියතැනක් නොවීය. නමුත් සැමියා සැමදා මෙන් නිහඩ නිසංසල පුද්ගලයාම විය.


මා විදිනා මානසික වේදනාව ඉතා දරුණු වූයෙන්  දෙකෙන් එකක් තීරණය කර ගැනීමට මා ඔහු හමුවීමට කැමැත්ත පළ කළෙමි.

එදින ඉතා අක්‍රමික දවසක් විය. සැමියාට දහවල් කෑම වේල සාදා දීමට ද නොහැකි විය. ඔහු කඩයෙන් කන බව පවසා මා සිත අස්වැසුවේ ය. පාසල් බස් රථය වැරදුනි. කෙසේ හෝ මා ඔහු පැවසූ ස්ථානයට ළගා වුනෙමි. මැදිවිය පසු කරත් කොල්ලෙකු මුණ ගැසෙන්නට යන කෙල්ලක පරිද්දෙන් හිත නොසන්සුන් උන්මාදයකින් ඉපිලෙමින් තිබුනි.

ඔහු පැවසු දිනයේ, ඔහු පැවසූ වේලාවට, ඔහු පැවසු ස්ථානයට ඉතාම ආසන්නයෙන් මම සිටිමි.

ඒ කෙතරම් ආසන්නයෙන් ද යත්,

ඔහු පැවසූ දිනයේ , ඔහු පැවසූ වේලාවේ ,ඔහු පැවසූ ස්ථානයේ මාගේ සංසුන් සැමියා නොසන්සුන් අයුරින් වාඩි වී සිටිනු දකින්නට හැති කරම් ආසන්නයෙනි . . . . . . . . .



21 ප්‍රතිචාර:

රසිකොලොජිස්ට් - Rasikologist said...

රයිගමී සහ ගම්පොලයා...!

සපතේරු උන්නැහේ said...

හප්පා ඇඟේ මවිල් කෙලින් වෙන කතාවක් නේ...

හරී - පිණිපළස said...

දෙයියනේ

Kaushi Ariyabandu said...

රබ්නෙ බනා දි ජෝඩී...???

raigam said...

ඔබ ටොම් හැන්ක්ස් රඟපාන You've Got Mail කොමෙඩි සිනමා පටය නරඹා තියනවද? එහි කතාව ගලා යන්නේ මෙයිට සමාන අයුරින්. කම්මැලි නැතිව බලන්න පුළුවන්.

Madhawa Habarakada said...

මාර කේස් එකනෙ. මටත් රබ්නෙ බනාදි ජෝඩි තමයි මතක් උනේ.
:D :D :D

Anonymous said...

එදා දුරසිට දුටුව ඔබ නොව මෙදා ළඟ සිට මා දකින්නේ......

Ravi said...

සුපටි පටි පණ්ණෝ, මුගටි ගෙට පැන්නෝ කිව්වලු...හෙහ්,හෙහ්..හස්බන්ඩ උඹේ ඊ-මේල් පාස්වර්ඩ් එක කොහොමහරි හොයාගෙන ඒ කියන්නෙ... නිකම්ම Sondursitha වගෙ මුරපදයක් දාන්නෙ නැතුව කාටවත් හිතාගන්න බැරී එකක් දාහං.. " Deniyaaye rejina mamayi " අන්න ඒ වගේ එකක් මරු. කතාවට මතෘකාවක් ඕනය කිව්ව නේද? වට් අබවුට් " ඔබේ මුරපදය සුරක්ෂිතද? "

හොඳ පෝස්ට් එකක් මැඩම්.තමන්ගෙ පාස්වර්ඩ් එක සැමියාට / බිරිඳට පවා දැනගත නොහැකිවන අයුරු කටයුතු කිරීමට වගබලා ගන්න. වෙරි ගුඩ් ඇඩ්වයිස්. අවවාදය පිළිපැදීමට තරයේ ඉටා ගතිමි.

ඉන්දික උපශාන්ත said...

සැමියටම ලියුම් ලියලද මේ?

නමුත් වෙලා තියෙන්නෙ පාස්වර්ඩ් එක හැක් කරලනම්, අන්න පොරවල් කියල තමා කියන්න වෙන්නෙ.

( මේ, බ්ලොග් කමෙන්ට් වලට උත්තර දානවා...නැත්තන් සැමීට කියනව )

Chandi said...

කරකවලා අතෑරියා වගේ උනා. මෙහෙම දෙයක් උනොත් හිතා ගන්න බෑ සොඳුරු. ලස්සනයි කතාව.

Beetle Bailey said...

මට මතක් වුනේ Wrong Number කියලා කියවපු කතාවක් :)

Beetle Bailey said...

WRONG NUMBER

It was the day of my son's XII results and I was so tensed. I sat beside him while he logged on the website with his registration no.
"Ma", he screamed in excitement," I scored 1191, with centum in 4 subjects. I cant believe it. " I kinda became numb in my excitement. My eyes became wet. I kissed him on his forehead and smiled.

Soon we realized that he stood first in the state. Oh, my joy knew no bounds when Reporters and media persons soon swamped my house for interviews and photos. I was so honored to join him in the snaps.


I wanted to call my "wrong-number-friend to tell him the news......I was so excited. He was someone whom I have known for more than 20 years.

I still do not remember when we became friends, but certainly cannot forget the first day he called me when I blasted him for giving me so many wrong calls.....after that he had called up a week later asking apology, for he had now got the right no of his friend whom he wanted to talk to .We spoke for an hour that day...even without knowing each other's names.Though he kept pestering me to reveal my name I never did and so he kept a name...Sweety. I used to get so shy whenever he called me 'Sweety'. I was doing first year of BSc. Maths then, and he was a Computer Engineering student.


From then he used to call me very often . We almost discussed everything ..


By the final year of my college, we probably we were in love, but I had been cautious. I was in a dilemma whether to tell him. But what if he was of a different religion? Do I have the courage to talk to my parents about it?
........all these questions ran through my mind.


I decided I'll not talk to him thereafter. When he called next time I lied to him I that I was going to Delhi for my post graduation. He gave me his office number and asked me to ring him up once I reach there.
I never called .......

A couple of months later my marriage got fixed with a guy of my parent's choice. I was not happy but I did not complain; rather accepted it as an obedient daughter. At times I felt I missed my wrong- number- friend.......

My hubby was a moody person; I have hardly spent any good time with him- but he was genuine indeed and never bothered my personal space. After 2 years we had a boy...Yet,I was not very happy with my married life...One day I happened to browse through my diary and found I still had my old friend's office phone no that he had given me. I dialed it and spoke with him. He said he was married and got a kid too. I was happy for him though in the bottom of the heart I felt bad that I could not marry him.

From then I used to occasionally call him on that number. I never gave him mine as I felt that would put me in trouble...
And till today I almost shared everything with him including my relationship with my hubby.....today I was so happy and I wanted to call him.


Just then I got a call. "Your husband met with an accident and died on the spot"


I banged the phone down. I broke. I did not call my friend.....I somehow started feeling guilty. I have never tried to talk to him properly when he was alive or moved close with him....
I felt I had been a bad wife........


A couple of years passed and one day my son brought home a Bengali girl and said they wanted to get married. I got them married as I did not want my son to go through what I did.


I decided to give my son his father's room and started clearing it. There was a phone book. I gently opened it to find, " Wrong no Sweety -26579785"


God always puts the right numbers together. Its we who interpret it wrong!!!

මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) said...

හරිම පුදුම හිතෙන ලස්සන කතාවක් :).
ජය වේවා!!!

රාජ් said...

මරු. රවි අයිය කියන විදියට නං පාස්වර්ඩ් කේස් එකක්.
නමුත් එහෙම නොවෙන්නත් පුළුවන්. එක ගෙදරක හිටියත් එකිනෙකාට විවෘත නොකල හදවත් ඇත්තවුන් දෙන්නෙක්,……
එහෙමත් නැත්තං අතත්‍ය සයිබරේ ඉන්න දෙන්නෙක් මහපොලවෙ හැබෑ ආදරේ හොයාගෙන යාමක් විදියටත් දකින්න පුළුවන්.

කොහොම උනත් කතාව අන්තිමේ ප්‍රශනයක් ඉතිරි කරල තියනව අපිට

සිඳු said...

you've got mail.................!!!

Ravi said...

රාජ්,

/ මරු. රවි අයිය කියන විදියට නං පාස්වර්ඩ් කේස් එකක්. /

ඒ කමෙන්ට් එක තනිකරම මල්ලි ජිහ්ව කපෝලාභ්‍යන්තර කමෙන්ට් එකක් ( Tongue In Cheek ).... වත්තගෙ කතාවෙ අරමුණ දහවිහිලි කර දැමීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කරපු සත්ක්‍රියාවක්...හෙහ්,හෙහ්, මම කලිනුත් ඔහොම කරල තියනව. මෙයැයිතුත් කාලෙකට ඉස්සර ලිව්ව " සංජුගේ කතාව " කියල ආතල් කතාවක්. ඒක පටන් ගත්ත දවසෙ ඉඳල මම කලේ නා නා ප්‍රකාර කමෙන්ට් දාල කතාව අවුල් කරල දාපු එක..අන්තිමට මෙවුන්දැ මට අම්ම මෝ නැතුව බැන්නට පස්සෙ තමයි මම ඒ වැඩේ අතෑරල දැම්මෙ.... ...අපි එහෙමයි හරිය?....

රයිට් දැන් ප්‍රස්තුත අකතාවට ආවොත් කරුණු කීපයක් ගැන අපට හිතන්ට වෙනව.

සයිබර් ලොව සහ සැබෑ ලොව අතර වෙනස......සයිබර් ලෝකෙ හමුවන අයගෙ ගතිගුණ හැසිරීම් සැබෑ ලෝකෙත් ඒ විදිහටම දකින්න පුළුවන්ද?..... තවත් විදිහකින් කිව්වොත් අපි එහෙම බලාපොරොත්තුවෙන එකවුනත් හරිද?..... මිනිස්සු / ගැහැණු සයිබර් ලෝකෙදි එක විදිහකටත් සැබෑ ලෝකෙදි තවත් විදිහකටත් හැසිරෙන්නෙ ඇයි?

අන්තිමට මට ඉතුරු වෙච්චි ප්‍රශ්නෙ මේකයි..මිනිසුන් / ගැහැණුන් හරිහැටි හඳුනාගත්ත හැක්කේ සයිබර් ලොවෙහිදීද? සැබෑ ලොවෙහිදීද? වෙනත් වදනින් කිවහොත් ඒ දෙතැනම ඉන්නේ එකම පුද්ගලයාද? නැතහොත් සපුරා වෙනස් දෙදෙනෙක්ද?

chef-architect said...

මට කතාව අතරමග හිතුනේ කෙලවර වෙන්නෙ ඔහොම තමයි කියලා....අල්ලලම ගියේ ...ඔහුට සතුටම දෙන්න සතුටෙන් උද්දාම වී සිටියෙමි....කියන කෑල්ල...ගෑල්ලමයි වැඩියෙන් සෙනෙහේපාන කොට ටිකක් විමසිලි වෙන්න ඕනා....

Dinesh said...

හරි අපූරු කතාවක් අක්කේ..

රූපේ said...

ඇඩෙනවා.....පට්ටයි මෙයා...

JP said...

දෙවරක් කියෙව්වෙමි. දෙවරක් රසවින්දෙමි.අවසාන ඡේද තුන හරිම ගැඹුරුය

තිස්ස දොඩන්ගොඩ said...

"ඔහුගෙන් ලද කෙටිම ඊ ලිපිය නිසා දිගු සතුටක උරුමකාරියක වූ ම‍ාගෙන් එදා නම් ඵල නෙලුවේ මාගේ සැමියායි" ahem...!!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...