..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, February 4, 2015

දොරට වැඩුම

෴ දොරට වැඩුම ෴

අද ශ්‍රී ලංකාවට විතරක් නෙමේ මම මේ කියන්න යන අයටත් හොඳ දවසක්. හේතුව තමයි , මෙච්චර කල් කූඩුවට වෙලා හිටි දෙන්නෙක් අද තමා ඉස් ඉස්‍සෙල්ලම ලෝකය දකින්න යන්නේ. තමන්ට තටු දෙකක් තියෙන බවත් , ඒවා පාවිච්චි කරලා පියාඹන්න පුළුවන් බවත් එයාල දැන ගන්නේ අද. ඒත් ....අවාසනාවක මහත, මේ දෙන්නගෙන් එක්කෙනෙක් වස කම්මැලියෙක්. කට ඇර ඇර කන්න ඉල්ලනව මිසක පියාඹන්න කිසිම ආසාවක් නැහැ.

අන්තිමේ දී මහවුන් දෙන්නා කතා වෙලා මේකාට කන්න නොදී හිටියා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මං ඒකා ලගට කිට්ටු වෙලා ඇති තරම් ඒකාව අතගෑවා. එයා හිටි තැනින් උස්සල අරන් බත් ගුලියක් ලගට කරා.

ඒත් හොට ඇරලා බත් කන්න එයා දන්නෙ නැහැ. කලබල වුනු මහ ජෝඩුව පැටිය ලගට කිට්ටු වෙලා , මම දීපු බත් ගුලිය ඇටෙන් ඇටෙන් ඒකාට කැවුවා.

බත් ගාලා ඉවර වුනු පැටියා මෙන්න මෙහෙම"මට ‍මක්කටෙයි තටු , මම යනව පයින් " කියලා , මහවුන්ගේ පස්සෙන්ම පැන පැන ගියා.

එයාගේ අයියද අක්ක ද මන්දා ටික ටික උඩටම පියාඹලා ගියා.









ප/ලි - 75-300 ලෙන්ස් එක කැමරාවට හයි කරලා පින්තුර ගන්න බැහැ. දඹානේ ගිය වෙලාවක බිම වැටුන වෙලාවේ ඉදල ඒක එහෙමයි. ඒ නිසා ලෙන්ස් එක කැමරාවට තියලා අතින් අල්ලන්, අමාරුවෙන් හරි ෆෝකස් කරල පින්තුර ගත්තේ ආසාවට...

8 comments:

  1. පින්තූර ටිකනම් අගෙයි.............. නියමයි............

    ReplyDelete
  2. Thanks for nice thoughts and photos.
    Keep up your good works.Tc

    ReplyDelete
  3. බුකියෙත් දුටුවා, අපූරු පින්තූර සහ පසුබිම් කථාවක්.

    ReplyDelete
  4. ආයිත් සිංහල පොතේ කතාවක්. කලින් මුදලිහාමි, අද දොරට වැඩුම.

    ReplyDelete
  5. පංකාදු පින්තූර ටික.. ^_^

    ReplyDelete
  6. පින්තුරේ වටිනාකම වැඩිවුනා ගත්ත විදිය කිව්වම.ඔය ලෙන්ස් එකෙන් ඔහොම ගන්න ලේසී නෑනේ.කතාව සියුම් තැනක් ඇල්ලුවා
    මේ කුරුල්ලට ඔය පැත්තේ කියන්නේ මොකා කියලද?අපේ පැත්තේ නම් කියන්නේ ජාතිවාදී නමක්

    ReplyDelete
  7. මාත් ආසම දෙයක් තමයි මේ දේවල් දිහා පරිස්සමින් බලාගෙන ඉදලා කැමරාවට අල්ල ගන්න එක.. හැබැයි ඒක හැම වෙලාවකම සාර්ථක කර ගන්න වෙන්නෙත් නෑ..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...