..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, January 26, 2015

ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා

ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා





ෆෙස් බුක් එකේ , චැට් තීරුවෙ නුඹව පෙනී

නැවතී බලනවා මොහොතක් කොහොම හරී

කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී

දාහක් දේ තිබේ කීමට බැරිව වැසී 




චැට් බොක්ස් එකට දාහක් ඇස් ඇති හින්දා

චැට්බොක්ස් කවද හරි හැක් වී යන හින්දා

කවදාවත්ම නුඹ මුණ නොගැහෙන හින්දා

ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා




චැට් බොක්ස් කුමට සිතුසේ චැට් කරනු බැරී

ස්කයිප් මොටද සිතු සේ දැක ගන්න බැරී

ෆේස් බුක් කුමට ලයික් එකක් දමනු බැරී

සයිබර් කුමට රියැලිටියට එන්න බැරී


- සොඳුරු සිත-




- කඩමණ්ඩියේ දොළ අයිනේ ගීයට අනුව ගායනා කරන්න -

12 ප්‍රතිචාර:

Ravi said...

චැට්බොක්ස් මොටද නුඹ හඬ නිති ඇසේනම්,
ඉන්විසිබල් වුවද නුඹ රූ මැවේනම්,
ස්කයිපය කුමට නුඹ රුව නෙතු රැඳේනම්,
වත්පොත කුමට නුඹ වත හද ඇඳේනම්,

මේක තාලෙට ඇදල පැදල එහෙම ගායනා කරාපං අර දන්නවනෙ නේද " මා වවුලන් පවා දත් රහසකි මේක " කියල සිංදුවක් තියෙන්නෙ..ආන්න ඒකෙ තාලෙට.....තේරුණෙයි ඔය ළමයට?????.......හෙහ්,හෙහ්,

Dinesh said...

මාත් දැන් කාලෙක ඉදන්ම ඉන්විසිබල් තමයි ඉන්නේ.. ඒක හොදයි..

Podi Kumarihami said...

හී හී මාර ලස්සනයි අප්පා. සම්පූර්ණ ඇත්ත කතාව. නෑ නෑ ගීතය.

රාජ් said...

මරු. මේක බුකියෙනුත් කියෙව්ව.

දේශක යා said...

හා

Sri Lanka-Viththi said...

Can I use this for my on line news paper.
sri Lanka-Viththi
www.lankaviththi.us

ඉන්දික උපශාන්ත said...
This comment has been removed by the author.
Naleen Dilruksha said...

අදම ස්කයිප් හදාගන්න ඕන සොදුරු එක්ක චැට් කරන්න..

කුරුටු ගෑ ගී පවුර said...

හත්තිලව්වේ.............. පට්ටයි මචෝ.......... පට්ටම පට්ටයි..........

අටම්පහුර said...

නලියට නං ස්කයිප් නැති වෙන්ඩ බැ

Loku John said...

ඉන්විසිබල් හොඳයි විසිබල් දුක වැඩි හින්දා

නියමයි

පොල්වත්තෙ ගෙදර මල්කොබා said...

සොදුරු සිතටත් හිතෙන දේවල්.. . . ඔන්න මමත් ඇවිත් යන්න ආව සොදුරු සිතට

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...