..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, January 25, 2014

“ ගාල්ලේ දවසක් “


“ ගාල්ලේ දවසක් “



මේ මම

මේ මම දැකපු ගාල්ලෙන් ටිකක්...........................













සොඳුරුගෙ රිදුනු සිත සුවපත් කරාට ගාලු කොටුවට ගොඩක් පිං 


කවුරුත් නාසන ගීතය මාගේ

ඝන කළුවර ද හඬයි හොර රහසේ

කිසි‍වෙකු නොදැකපු බිඳුනු තතක් සේ

හඬ නොනැඟේ මා ගයනා ගීතේ

හඬ නොනැඟේ ..............

Thursday, January 16, 2014

මගෙ ආදර.....

මගෙ ආදර 


මං දන්නවා
මගේ ඉඩමේ
කොහේ හරි ඇති

අඩියක් අඩියක් ගානේ
සුන්දර බලාපොරොත්තුව

හමුවන්න නුඹ ව

මරණයත් සමඟින්ම
සමුගන්න තෙක් ම

නුඹ මගේ ආදර
“බිම් බෝම්බේ “


Monday, January 6, 2014

෴ මගේ විකාර - ලියන්න තැනක් නැති නිසාමයි ෴

෴ සිතුම් - පැතුම් ෴






මනුස්සයෙක් හිතන පතන විදිහ හැමදාමත් එක වගේම වෙන්නෙ නැහැ. කාලය , අවස්ථාව , වයස , සම්පත් , මෙකී නොකී ගොඩාක් දේවල් නිසා එකම මනුස්සය ගෙ උනත් සිතන පතන විදහ වෙනස් වෙන්න ගන්නවා. ඒ කැමැත්තෙන් වගේම අකැමැත්තෙන් වෙන්න පුලුවන්. 

බොහෝමයක් මිනිස්සු තමන්ගෙ සිතුම් පැතුම් හංඟා ගෙන ජීවත් වෙනවා.ඒ තමා අවට ඉන්න අය නිසා වෙන්න පුලුවන්. තමන්ගෙ සිතුම් පැතුම් කවදාවත් පල නොදරන බව දැන ගත්තාම තවත් සමහරු ඒ විදහට සිතන පතන එක නතර කරලත් දානවා.

කොහොම කොහොම හරි කාලයත් එක්ක අපි ඉදිරියට යද්දි අතීත කාලෙ දී අපි හිතපු පතපු දේවල් කොයි තරම් නම් බොළඳද අර්ථ ශූන්‍යද කියලත් නොහිතෙනව නෙමෙයි. ඒත් මිනිසා කොයි තරම් නම් වයසට ගියත් පොඩි ළමයෙක් වගේ සිතුම් පැතුම් කාගෙත් ළඟ හැංඟිලා හරි තියෙනවා. ඒක දරුවො ඉන්න අම්ම කෙනෙක් ද තාත්ත කෙනෙක් ද මුණුබුරන් ඉන්න සීයෙක් ද ආච්චියෙක් ද කියල වෙනසක් නැහැ. අන්න ඒ සිතුම් පැතුම් කොච්චර නම් හංගන් හිටියත් “නිදහස “ ලැබුන ගමන් හරි තමාව හොඳින් තේරුම් ගත්ත විස්වාසවන්තයෙක් ලැබුනම හරි කිසිම ප්‍රශ්ණයක් නැතිව එළියට එන්න ගන්නවා.

ඔය කියන නිදහස හරි ඔය කියන තමන්ව තේරුම් ගත්ත මනුස්සයව හරි ලැබෙන්නේ ඉතාම අතලොස්සක් වන වාසනාවන්තයින්ට විතරයි.

-------------------------------------------------------------------------


෴ හුස්ම ටික ෴

කාලෙකින් හුස්ම ගත්තෙ නැහැ නේද කියල හදිසියේම මට මතක් වුනා , ඒ වෙලාවෙදි මට මේ දැන් ගොඩ දාපු මාලුවෙක් වගේ පරාණ බයක්  දැනුනා.

ඔය හුස්ම වලින් මම හුස්ම ගත්ත

කාලය ගෙවිල ගිහින් වාගේ
මගෙ හුස්ම ළඟින් ඔය හුස්ම වැටෙන්නට
පෙර පිං මදි වාගේ



මම තවමත් ජීවත් වෙනවා , හැබැයි හුස්ම නොගෙ න . . . . . .

----------------------------------------------------------------



෴ උම්මෙක ෴



“ දෙන්න ද උම්මෙකක්......හැබැයි සිගරට් උම්මෙකක්...... “

ඔහු තවත් දුම් ගුලියක් ටිකක් ඈතට පා කරා. . . .

“සික් මළ ජරාව,එන්නෙපා ළඟට මට වමනෙ යනවා “

ඒ ඔහු බලාපොරොත්තු වුනු සුපුරුදු වචන.........

 ඒත් ඒ වචන ඇහෙන්න ප්‍රමාද වෙද්දි ,ඔහු ඔළුව හරවලා ඇය දිහා බැලුවා..............................


ඇස් දෙක පියාගෙන , තොල් උල්කරාගෙන ,ඔහුගෙ පැත්තට මූණ බර කරගෙන හිටපු ඒ මූණ , ඉන් පස්සෙ හැමදාමත් සිගරට්පත්තු කරන්න ගන්න ඔහුගෙ මතකෙට එන පළවෙනි පින්තූරය වුනා........


ඉන් පස්සෙ මොකද වුනේ කියලා මගෙ අහන්නෙපා.








ඉස්සර තිබ්බ සිතුම් - පැතුම් වෙනස් 

මම
෴ වත්සලා ෴


Blogroll

Related Posts Plugin for WordPress, Blogger...