..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, December 16, 2014

ඇළේ පැන්න ළමයි............

ඇළේ පැන්න ළමයි



" ටීචර් , පියුමාල් ඇළේ බැහැලා "

සතියකට දෙතුන් දවසක් අසන්නට වෙන පැමිණිල්ල සුපුරුදු පරිදි අසන්නට ලැබුනේ පාසල් විවේක වේලාවේ දිය. කමින් සිටි බත් පතද පසෙකලා කෝපයෙන් නැගී සිටි ගුරුතුමිය පසුපසින් වැටුනු පණිවිඩය ගෙනා ළමයින් ද සිනාසෙමින් යුහුසුළුව යන්නට වූයේ " අද ඕකට දෙන්නම් වැඩේ " යැයි සිතමිනි.

ප්‍රාථමික පාසලේ පිට්ටනිය ඇත්තේ පාසලේ පහත්ම බිම් තීරුවේය. එය එක් පසකින් දෙකේ පන්ති සහිත ශාලාව පිහිටි කණ්ඩියට ද අනෙක් පසින් අතැහැර දමන ලද ඉඩමකට ද දෙපසකින් ඇළකට ද මායිම ව ඇත. ඇළෙන් එහා පැත්තේ ඇත්‍ තේ වෙල් යාය යි. 

එක දිගට වර්ෂාව ලැබී කාලගුණය සමහන්ව තිබූ කාලය නිසා ඇළ පිරී ඉතිරී නිල් කැටයට වතුර පිරී තිබුනි.ගුරුවරිය එතනට යන විටද කොල්ලන්ට වගේ වගක් නැතිය. සිත් සේ ඇළේ පැන නටයි.දිය කබරයන් මෙන් සුදු ඇඳුම් ඇගට ඇලී ඇත. නිල් කොට කලිසම් වලින් දිය බේරේ.

මදක් බලා සිටි ගුරුවරියගේ කෝපය එන්න එන්නම වැඩී ආවේන් නොයිවසිලිමත් වූ ගුරුවරිය මහ හඩින් කොල්ලන්ට බනින්නට වූයෙන් නොසිතූ වේලාවක සිදු වූ නොසිතූ සිදුවීමෙන් කම්පනයට ද බියට ද පත් කොලු නඩය ඇළේම සිටගෙන කටවල් හැරපියා බලා සිටින්නට විය.

"
නැගපල්ලා උඩට. මං කියල තියෙනව නේද ඇළට බහින්න එපා කියල තොපිට " 


"
බෝලෙ ගියා ටීචර් ඇළට " ඒ කණ්ඩායම් නායකයාය. කණෟඩායම් හැඟීම සහ නායකත්ව ගුණාංග ඔහුට කවුරු නම් උගන්වා ඇද්ද.


"
බොරු කියන්නෙපා , අද නම් මට්ටු කරනවා මේක හරියන වැඩක් නෙමේ.කොච්චර කීවත් අහන්නෑනේ. ‍බොලැයි අම්මල තාත්තලට වග කියන්නේ කවුද? ලේස්ති වෙනව සේරම ප්‍රින්සිපල් ගාවට යන්න "


කරබාගත් වනම ඇළෙන් ගොඩවූ නඩය , දිය බේරෙන නිල් කොට කලිසම් මිරිකමින් ,එකා පිටුපස එකා සංසුන්ව පේළි ගැසී ගුරුවරිය පිටු පසින් වේවැල් කසාය ගන්නට ඇදෙන්නට විය.

විදුහල්පති කාමරය හා පුංචි කාර්යාලය පිහිටා ඇත්තේ ප්‍රාථමික පාසලට තරමක් දුරිනි. කොටින්ම මහ පාර පැන කන් ද නැගිය යුතුවේ. 

පාසල පිහිටා ඇත්තේ ප්‍රධාන පාරෙන් දෙපස සිටින ලෙසිනි.එබැවින් පාසලේ කන්ද මුදුනේම වූ පන්තියක උගන්වා ප්‍රාථිමික පන්තියක කාලච්ඡේදයට ගුරුවරයා පැමිණෙන විට කාලච්ඡේදයෙන් සැලකිය යුතු කාලයක් ගමනටම ගෙවී ගොසිනි. 

කෙතරම් නම් වේවැල් පහර රස බැලූව ද එය දරුවන්ට ඇළේ පැන නැටිම එපා කරවන තරම් සැර නොවූ නිසා දෝ සතියකට දෙකකට වරක් කොල්ලෝ ඇළට බැසිම සාමාන්‍ය දෙයක් බවටත් නොවැලැක්විය හැකි දෙයක් බවටත් පත්වීම නිසා දෙමාපිය හමුවක් කැදවා ඇළ සහ පිට්ටනිය වෙන් කරමින් වැටක් ගැසීමට ද සිදු විය. 

ප්‍රාථිමික පන්තියකට ඉගැන්වීම නොව පැයක් දෙයක් එම පන්තියක රැදී සිටීමම ඉතා වෙහෙසකර කටයුත්තකි. නමුත් , පාසලක ජීවය වන්නේ ත් පාසලක් සුන්දර වන්නේත් ප්‍රාථමික පන්ති නිසාය.

කෙසේ හෝ මා උගන්වන පාසල ද්විතියක පාසලක් බවට පත් කිරීම නිසා ක්‍රමයෙන් පළමු ශ්‍රේණිය ද ඉන් පසු වසරේ දෙවන ශ්‍රේණිය ද වන ලෙස පන්ති ඉවත්ව යමින් පැවති නිසා මේ වන විට ඉතිරිව ඇත්තේ 4 සහ 5 ශ්‍රේණි පමණි. 2015 නව වසර වන විට ඉන්ද ඉතිරි වන්නේ 5 ශ්‍රේණිය පමණි. 2015 වසර අවසන් වූ පසු පාසල 6-13 ශ්‍රේණි සහිත ද්විතියික පාසලක් බවට සම්පූර්ණයෙන්ම පත් වේ. 


නමුත් ඇළේ පනිනා දඩබ්බර කොල්ලන් නොමැති ව ඇළට පාළුවක් නොදැනේ යැයි කාට නම් කිව හැකි ද?

ලිවිල්ල සහ පින්තූරය 

෴ සොඳුරු සිත - වත්සලා ගෙන් ෴



පසුව ලියමි - පින්තූරය සැබැවින්ම ඉහත ලියන ලද පාසලේ ප්‍රාථමික පන්තියකට උගන්වන අවස්ථාවක මා ගන්නා ලද පින්තූරයකි. එහි ගුරුවරිය පිටු පා සිටන්නේ ඇළටයි. එය ඇළේ පටු ස්ථානයකි.

19 ප්‍රතිචාර:

උපේක්ෂා said...

අපේ ඉස්කෝලේ ඔහොම ඇළක් තිබ්බ නම්, මමත් ඔහොම හැමදාම 'ලොකු සෑර්' ගාව වැඩිපුර කාලය ගෙවන කෙල්ලෙක් වෙයි...

janith said...

අඩි 15 ක් 20 ක් උස තාප්ප වලින් වට වෙච්ච ඇලක් දොළක් ගහක් වැලක් නැති කොන්ක්‍රීට් පිට්ටනි වල රගර් ටෙනිස් බාස්කට් බෝල් ගහපු , විෂය නිර්දේශය විතරක් උගන්වපු ස්කෝලෙකට ගිය එකෙක් හැටියට මට සොසි අක්කාගේ වර්තමාන ස්කොලේ ගැන තියෙන්නේ පට්ට ඉරිසියාවකි

ශෂී said...

අපිත් පැනලා ගිහින් ඇලක නාලා තියෙනවා

රසිකොලොජිස්ට් - Rasikologist said...

මට සිහිවුනේ හතේ පන්තියේදී මගේ පාසල් මිතුරෙක් ඇලක වැටී මිය ගිය ආකාරයයි!

෴සොඳුරු සිත෴ said...

@Rasikologist
ඒකනෙ මේ ගොල්ලට කට කැඩෙනකම් කියන්නේ.කොහෙද ඉතින් බයින්නෙ තමන්ගෙ හොඳට කියල ඔය වයසෙ දි තේරෙන්නෑ නේ. සෙල්ලම සෙල්ලම සෙල්ලම..........

පොඩ්ඩි said...

//ගුරුවරියගේ කෝපය එන්න එන්නම වැඩී ආවේන් //

පොඩි පංතිවල ගුරුවරියෝ ඔහොමමයි...:P

Mahesh Rathnayaka said...

ටීචලා නෙව
මක්ක කොරන්නද පොඩි වුං වැරදි නෑ
චීච ල තමා වැරදි ඔව්ව්ව්ව්

රාජ් said...

http://gimannivannie.blogspot.com/2014/10/winter-oak.html

සංචාරකයා said...

අපිටනං ඇලක් තිබ්බෙ නෑ..හැබැයි වෙලක් තිබුණා..

X - Porter said...

අපි පොඩිකාලෙ අපිටත් තිබ්බ ඉස්කෝලෙ එහා පැත්තෙ ඇලක් ඒකට කිවුවෙ වැල්ලවත්තෙ කුනු ඇල. ඒකෙ පාට පාට සාරි ගප්පි පිරීල හිටිය.තනි රතු නැට්ට තිබ්බ උං හිඟයි... උන් වැඩියෙං අල්ලන උන් තමයි බුවාලා.. උන් දැක්කම කුනු කෑල්ල අමතක වෙලා බැහැල ගප්පි අල්ලනව.ඊට අමතරව ඒ ඇලේ හරක් ඇට ක‍ටු ඔලු, එලු කකුල්, කුකුල් කකුල් එහෙම තිබුන මැද්දට වෙන්න.. ගෙදර එන කොට....... අෆ්ෆා පුසුඹේ බැරුවා.... මතක් වෙනකොට වාවන්නේ නැතුවා.......

සින්දු ඇනෝ said...

සොසි , අපිත් ඒ දවස් වල ඉස්කෝලෙන් පැනලා නාන්න යනවා .ඒ යන්නේ මෙන්න මෙතැනට .http://inforinsrilanka.blogspot.com/2012/07/bandarawela-galekka-railway-bridge.html
ඒ දවස් වල ඉස්කෝලෙන් පැනලා මෙතැන නාපු නැති එකෙක් නැති තරම් ....අය්යෝ මතකයන් ගොඩයි ...

ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා
බිම් මල් හිනැහී හිස වැනුවා
ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැළ පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට සිතුනා

ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
සංගීතය : එච්.එම්.ජයවර්ධන
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී

ඉන්දික උපශාන්ත said...

මේ නෝන මා එක්ක මොනාහරි අමනාපෙකින්ද?

෴සොඳුරු සිත෴ said...

ඉන්දික උපශාන්ත
මම අහවල් දේකට ඔහෙත් එක්ක අමනාප වෙන්න ද ? ණයක් ඉල්ලගෙනත් නෑනේ...හෙහේ..............

ඉන්දික උපශාන්ත said...

හෙහ් හෙහ්..මේකිගෙ කට කන්'ට එපාය. නෑ මං දැක්ක විදියට මූණුපොතේ ඔහෙගෙ කමෙන්ට් මට පේන්නෙ නෑ, බොලොක්කෙ දාල. ඒකයි.

෴සොඳුරු සිත෴ said...

ඉන්දික උපශාන්ත
අපොයි ..මම බ්ලොක් කරේ නම් නැහැ. හැබැයි පහුගිය දොහේ ඩිඇක්ටිවේට් කරල නම් තිබ්බා. මයෙ ෆේස් බුකියේ ඔයැයි ඉන්නවැයි. ඉන්දික උපශාන්ත කියන ශාන්ත නමින්ම ද ඉන්නේ?

ඉන්දික උපශාන්ත said...

නෑ බංස්, ඉන්දික කොඩිතුවක්කු කියල. අපි ඉතින් උඩරට කොඩිතුවක්කු කංකානම්ලනෙ..හෙහ් හෙහ්...

මධුරංග said...

අඩේ ඒ වගේ ඇලක් තිබුනා නම් මම තිත්තයෝ දණ්ඩි වගේ මාලු අල්ල අල්ල ඉන්නවා. :)

අම්බලන්ගොඩ කථා said...

අදයි දැක්කේ මේ බ්ලොග් එක... book mark කළා එකින් එක සීරුවට කියවන්න...

Naleen Dilruksha said...

හප්පේ මුන් දෙන්නගේ කොමලේ බලාල්ලකෝ.....
මේ ටීචෝ ඇත්තටම පාසල් සමයේ ඔය වයසේ දිය කෙළි මොන තරම් සුන්දරද. අර දරුවන්ව පෝලිම් කරන් ගියේ ඔයා නොවෙයි නේද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...