..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, October 7, 2014

෴ ගුරු පඬුර ෴

෴ ගුරු පඬුරු ෴




පුංචි දිනූෂ පොහොර උරයක් තරම් ලොකු තම පාසල් පොත් මල්ලට අත යවා ඔහුගේ සිහින් ඇගිලි තුඩු එහා මෙහා යවමින් ඒ සුන්දර වස්තුව එහි ඇති බව අවසන් වරටත් ,නැවතත් සැක හැර දැන ගත්තේ, වෙනදාටත් වඩා උදයෙන් පාසල බලා පිටත් වූවේ ය.

උදෑසන පාසල් පැමිණී වේලාවේ සිට ම ඔහුගේ විමසිලි පුංචි ඇස් ගුරුවරියන් අතරේ සැරි සැරූ ව ද, මිනිත්තුවෙන් මිනිත්තුව විනාඩියෙන් විනාඩිය , පැයෙන් පැය ගත ව ගොස් පාසල් කාලච්ඡේද සියල්ල ද අවසන් වී ගිය ද ඔහු සෙවූ ඒ රුව එදා පාසල් පැමිණ සිටියේ නැත.

“කමක් නැහැ, හෙට බලමු “ හැමදාමත් මෙන් තම පුංචි සිත සනසා ගත් ඔහු ඔහුගේ බෑගයේ වූ ඒ අනර්ඝ වස්තුව ද රැගෙන ගෙදර ආවේ ය.

පසු දින ද , ඊටත් පසු දින ද, ඊටත් පසු දිනට පසු දින ද වශයෙන් මෙසේ දින දින ගෙවී ගිය ද , ඔහුගේ ආසාව නොසංසිදුනු නමුත් ඔහු හිතේ වූ පුංචි බලාපොරොත්තු ව කිසිදාක කඩ වුනේ නැත.

අවසානයේ දී සතියකට දෙකකට පමණ පසුව ඔහු ගේ සිත සතුටු කරමින් ඔහු සෙවූ ඇය පාසලට පැමිණ තිබුණි. නමුත් පුංචි දිනූෂ ඇයව තනිව හමුවීමට ගත් සියලුම උත්සාහයන් නිර්ථක වී ගියේ කලකින් පාසල් ආ ඇගේ ගුරුතුමිය කාර්ය බහුල වූ නිසා ය.

අවසානයේ දී කලකට පසුව දිනූෂගේ සිත්ගත් ගුරුතුමිය පන්තියට ආවා ය.

“ ආහ් දිනූෂ . . .  කොහොම ද පුතේ  ?“ සුපුරුදු පරිදිම ඇය ඇසුවා ය.

ගුරුතුමියගේ සිතේ විශේෂ ස්ථානයක් ඔහු වෙනුවෙන් වෙන් වී තිබෙන්නට ඇත.


“ ටීචර් ,එයාගේ අම්ම ඇවිල්ලනේ “ පන්තියේ කටකාරම කොල්ලා ගුරුතිමිය පාසල් නොපැමිණි කාලයේ දී සිදු වූ වැදගත් ම සිදු වීම එසේ හෙලි කලේ ය.

මෙතෙක් පොත් මල්ල  තුල රැදී තිබූ දිනූෂ ගේ අතැගිලි වලින් තදින් ග්‍රහණය කර ගත් ඒ සුන්දර වස්තුව දෝතින් ගෙන ඔහු ගුරුතුමියගේ මේසය වෙත ගියේ ලෝකයම දිනු පරිද්දෙන් ය.

දෑතින්ම එය ගුරුතුමියට දුන් පුංචි දරුවා  මදක් ඇය වෙත බලා හිද දණ ගසා ඇයට වැන්දේ ය.

තම මව විදෙශ්ගතව සිටි අවදියේ තමාගේ පුංචි තැලුනු සිතට සහනයක් වෙමින් වචනයකින් හෝ ඔහුව සැනසුවේ මේ ගුරුතුමියයි. එවන් ඇයට මේ තුඩුපඩුර ද මදබව දිනූෂ දැන සිටි ය ද, මෙසේ හෝ තම ගුරුතුමියට සැලකීමට ලැබීම ඔහුගේ පුංචි සිතට සහනයකි. 

“ ටීචර් , දිනූෂ ඕක ගෙනාවේ ගොඩක් දවස් ඉදල. අපිටවත් පෙන්නුවේ නැහැ“ දිනූෂගේ කටකාර මිතුරා ද ගුරුතුමියට දුන් තුති පඬුරේ හවුල්කාරුවෙකු වීමට මෙන් පන්තියටම ඇසෙන්නට කීවේ නොක්කාඩුවක ස්වරූපය ද එයට එක් කරමිනි.


තවමත් තමා පාමුල සිටිනා දරුවාගේ හිස අතගෑ ගුරුතුමිය “ බොහොම ස්තූතියි “ යන්න පන්තියටම ඇසෙන්නට පවසා , තම අතේ රැදී තිබුනු කෑමට ගත නොහැකි තරමට නරක් වෙමින් තිබුණු ඒ අනර්ඝ ඇපල් ගෙඩිය දෙස කෘතගුණ පිරි දෑස හෙලා පන්තියේ කළු ලෑල්ලේ සැමට පෙනෙන සේ මෙසේ ලීවා ය.

“ රන් ඇපල් “





ප.ලි.  මා ඇසූ කතාවක් අනුසාරයෙන් ලියන ලද්දකි.

18 comments:

  1. බාලාංස පන්තිවලට ගුරුවරියන් පමණක් යොදවන්නේ මේ නිසාම වෙන්නෑති නේද?

    ReplyDelete
  2. @ තිස්ස දොඩංගොඩ.
    ඔවු වෙන්න පුලුවන්.ඒත් අයියා දන්නව ද නවතම සොයා ගැනීම. බාලාංශ පන්ති වලට ගුරුවරියන් යොදා ගැනීම නිසා ඒ පන්ති වල සිටින පිරිමි දරුවන්ගේ පෞර්ශයට සෘණාත්මක බලපෑම් ඇති වෙනවලු.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද... මම නම් එහෙම හිතන්නෙ නෑ....

      Delete
  3. ගුරු දිනයට සෙනෙහසින් ලියූවක් වියහැකියි....

    මටත් බාලාංසෙට යන්න හිතුනා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  4. මට මගේ 3 වසරේ ගුරුතුමී මතක් වුනා..

    ReplyDelete
  5. ඒ කාලේ හරි ම සුන්දරයි..... ඒත් දැන්........... ඒ ජීවිතය සිහිනයක් ම විතරයි...........

    ReplyDelete
  6. ඇපල් ගෙඩිය කුණු උනත් දරුවාටත් ගුරුතුමියටත් එහි ඇත්තේ අමිල වටිනාකමක්.
    වත්සලා කොහොම කිව්වත් මෙවන් ගුරුවරියන් නිසා තමා අපේ පෞර්ෂය ගොඩනැගුනේ.
    මගේ ජීවිතයට ගොඩක්ම බලපෑම් කරේ, මානුෂිය දයාව ඉගැන්නුවේ පොඩි පන්ති වල උගන්නපු කන්‍යා සොයුරියන්.

    ReplyDelete
  7. ඉස්කෝලේ ගිය කාලේ කොච්චරනම් මෙහෙම දේවල් කලාද..

    ReplyDelete
  8. පුංචි දරුවන්ගේ හිත් වල තියෙන ලෙන්ගතුකම ,අපූරුවට අකුරුවලට පෙරලිලා, කඳුළු උනන කතාවක්

    ReplyDelete
  9. ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා 
    පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා 
    පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ 
    එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

    කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා 
    පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා 
    පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ 
    එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

    අපෙ පංතියෙ ළමයි එක්ක ඈ හරි යාළුයි 
    ඈ පාසල් නාව දාට පන්තිය පාළුයි …// 
    ගමරාළගෙ කතාවටයි අපි හරි ආසා 
    කවදාවත් නෑ පන්තියේ කරනෙන ඝෝසා

    කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා 
    පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා 
    පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ 
    එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

    සිනා ගෙනෙන කතා තමා ඇය පවසන්නේ 
    ආදරයෙන් සැමදා අප හට සලකන්නේ …// 
    ඇය අසළම ගැවසෙන්නට අපි හරි ආසයි 
    මේ පන්තිය දමා යන්න අපි ලෝබයි

    කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා 
    පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා 
    පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ 
    එයාට අපි ටීචර් කියලයි අමතන්නේ…// 
    එයාට අපි ටීචර් කියලයි අමතන්නේ/// 

    ReplyDelete
  10. පුංචි හිත් අහිංසකයි.
    ලියවිල්ල එල ද බ්‍රා

    ReplyDelete
  11. //බාලාංශ පන්ති වලට ගුරුවරියන් යොදා ගැනීම නිසා ඒ පන්ති වල සිටින පිරිමි දරුවන්ගේ පෞර්ශයට සෘණාත්මක බලපෑම් ඇති වෙනවලු.//

    පව්නේ ලංකාවේ පිරිමි ලමයි :P

    ReplyDelete
  12. මම හිතුවා ඔහේට වෙච්චි දෙයක් කියලා.. ඔහේ අර බුක් මාක් වගයක් හැදුවා නේද..? මක්කයි එව්වට කොලේ...

    ReplyDelete
  13. තිස්සගෙ කමෙන්ට් එක දැකල මතක් උනේ... මගේ බාලංශ පන්තියෙ ( එක වසරෙ) ගුරුවරිය මට ඉස්කෝලෙ එන එක එපා කළා... පළවෙනි දවසෙ ඉස්කෝලෙ ගිහින් දෙවනි දවසෙ යන්න බෑ කියල කිව්වෙ පළවෙනි දවසෙම දඬුවමක් විදියට මාව දණගස්සවල තිබ්බ නිසා...

    ReplyDelete
  14. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  15. ඔය අත්දැකීම මටත් හොඳට තේරුම් ගන්න පුලුවන්.දරුවා, තම ගුරුවරියට ආදරය පෙන්නන්නෙ අපි නොහිතන පැත්තකින්. ඒ දේ වෙන කාටවත් ලැබෙන්නෙ නෑ නේද?

    ReplyDelete
  16. Mekata comment nokara, kawadahari comment eka post ekak widihata liyanawa. Niyamayi. Mata music teacher mathak una.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...