..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, October 26, 2014

- පිටවෙන දොරටුව - " The (In ) voluntary Exit " -


පිටවෙන දොරටුව








කියපු වෙලාවට කලින් කියපු තැනට යනේක හැමදාමත් මගේ සිරිතක් වෙලා තිබ්බා. ඒත් අද මාව පරද්ද කියපු වෙලාවටත් කලින් කියපු තැනට එයා ඇවිත් හිටියා.තනියම වෙච්චි පළවෙනි හමුව නිසා මගෙ හිතේ තිබ්බේ චකිතයක්. මිනිස්සු ගොඩාක් එක එක දිශාවලට හැල්මේ යද්දි එයාල හැමෝම මා දිහාම බලාන යනව වගේ මට දැනුනා.

“ ඉතින් . . . . .“

“ ඉතින්...........“

“ කතා කරන්න . . . ඕනි මට. අපි කොහාට ද යන්නේ ?“

“ හ් . . . .ම් .....අනේ මන්දා “

“ ඇවිදින්න කැමැති ද? “

“ අෆොයි ඔවු ගොඩක් කැමැති “

“ එහෙනම් කොටුව ඇතුලට යමු..... වැඩි වෙලාවක් යනේකක් නැහැ.මට ඕනි මේකේ දෙකෙන් එකක් දකින්න “

අපි දෙන්නා කහ ඉරෙන් පාර පැන්නා.එයා ඉස්සරහින් මං පිටිපස්සෙන්. ගාලු කොටුවෙ දොර ගාව දි එයා හැරිලා මා දිහා බලල හිනා වුනා. මම එයා ලගට ගියා.

“ ඉතින් කියන්න “

අත් පටල ගත්ත ස්කෝල යන වයසෙ පුංචි ජෝඩුවක් අපි දෙන්නව ඉස්සර කරා. මගේ හිතට ලැජ්ජාවක් දැනුනා.
ගාලු කොටුවෙන් බාගයක් යද්දි එයා මුළු කතාවම කියල ඉවර කලා .

“ ඉතින් ඔන්න ඕකයි නංගි තත්වේ “ පලවෙනි පාරට එයා මට නංගි කීවා. 

“ ඒකට කමක් නැහැ. ඔයා එයා ලගට යන්න. මම ඕනි උදව්වක් කරන්නම් “

හිටිවනම නැවතුන ඔහු මගේ අත් දෙකෙන් අල්ල ගත්තා. 

“ තරහ ද මා එක්ක “

“අෆෝ මොකට තරහ වෙනව ද. මාත් බල බල හිටියේ මේ උගුලෙන් ගැලවෙන්නෙ කොහොම ද කියලා “ එයාගේ අත ගසල දාලා හයියෙන් හිනා වෙන ගමන් මම කීවා.

“හැරිල යනව ද? දිගටම යනවා ද?“

ගාලු කොටුවෙ හරි මැද්දට වෙන්න හිටිය මම ඇහුවා.

“ ම් . . . . දිගටම යමු “

“ ගිහින් “

“ අනිත් දොරෙන් එළියට යමු“

“ එතනට යනකම් අත් අල්ලන් යමු ද?“

මුකුත්ම කීවේ නැති එයා , මගේ දකුණු අත එයාගේ වම් අතින් අල්ල ගත්තා...... අපි කතා නොකර කොටුවෙන් පිටවෙන අනිත් දොර හොයාන ගියා.

- සොදුරු සිත -

4 ප්‍රතිචාර:

කටුසු හදවත said...

මේ හැමදෙයක්ම අපි කොටුව ඇතුලෙම හිරවෙලා ඉන්න නිසා නේද?එක්කො අපිව කොටුව ඇතුලෙ හිරකරල.නැත්තම් අපිම හිරවෙලා

සී.ජේ. විදානේ. said...

කමක් නෑ එතෙන්ට යනකං විතරයි අෑ...

ජ ය ෙව් වා !!!

ඉවාන් පවුලූශා said...

කොටුවෙන් එළියේදී ????

නාඩියා නාඩිරත්න said...

අනේ මන්දා ඉතිං කොටු නම්...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...