..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, October 26, 2014

= කිති මහත්තයා සහ කුණුහරුප =

= කිති මහත්තයා සහ කුණුහරුප =



අපේ ගමේ ඉන්නවා මැදිවිය පහු කරපු තලතුනා මනුස්සයෙක්. කොයි තරම් තලතුනා උනත් එයාගේ කිතිය නම් තාමත් ළාබාලයි. කොයි තරම් බාලද කියනව නම් කෙනෙක් එයාට ලං වෙලා අත තියන්න හැදුවත් එයාට කිති.

ඉතින් ගමේ ඉන්න තක්කඩි කොල්ලෝ මේ මනුස්සය ලගට කිට්ටු වෙලා අරහෙන් මෙහෙන් අතදානව . ඔන්න ඉතින් ඒ වෙලාවට කිතිය කොච්චර වැඩි වෙනව ද කියනව නම් ලංකාවෙ තියන ඔක්කම කුණුහරුප මුළු ගමටම ඇහෙන්න කියලා තමයි ඒ මනුස්සය කිතිය පිට කරන්නේ. කොටින්ම කුණුහරුප කියනව නෙමේ කියැවෙනවා..

තක්කඩි කොල්ලන්ට මේක හරිම විනෝදය ගේන ක්‍රියාවක්. කොයි මොහොතක කොතනක හමුවුනත් මේ මනුස්සය තක්කඩි කොලු රැලට ගෙනාවේ විනෝදය. සමහර වචනර කොල්ලෝ , පන්ති ඇරිල යන කෙල්ලෝ රංචු පිටින් යන වෙලාවක අර මනුස්සය ලග පාත හිටියොත් අනිවාර්යෙන්ම කිති ක්‍රීඩාව පටන් ගන්නවා.


ඒ වගේම තමා අපේ ගමට ටිකක් ආසන්නයේ තියෙනව මාළු ලෑල්ලක්. ගමේ කඩපිලේ මැද්දට වෙන්න තියෙන මේ මාළු ලෑල්ලේ කොයි වෙලේ බැලුවත් මාළු පැටව් ගැහැවු වගේ මාළු පිරිලා. මාළු මුදලාලිලත් පිරිලා. මාළු ගන්න අයත් පිරිලා.

හැබැයි මාළු ගන්න ගොඩාක් අය නැති අල්ල පනල්ලක ගැහැණු කෙනෙක් මාළු ගන්න ගියොත් හෙම ඒ මාලුමුදලාලිලා එකිනෙකාට කතා කරන්නෙත් අමු තිත්ත කුණුහරුපෙන්. මේකට කැමැති සමහර ගෑණු උදවිය ඒ මාළු ලෑල්ලට මාළු ගන්න යන්නෙම කවුරුවත් නැති වෙලාවක් බලල. 

ඔන්න ඔය අතරේ තනිකඩකම ඉහලින් අගය කරපු මැදිවියේ මනුස්සයෙකුත් මාසෙකට සැරයක් මුළු ගමටම ඇහෙන්න කුණුහරුප කියලා කාටදෝ බයිනවා.ඇත්තම කියනවා නම් අද වෙනකම් ගමේ කිසිකෙනෙක් දන්නෙ නැහැ ඒ මනුස්සය මෙහෙම තරහින් බනින්නේ කාට ද කියලා. මාසෙකට සැරයක් බීගෙන ,ගමටම කුණුහරුප කියල බයිනෙක හැරුණම ඒ මනුස්සය තරම් හොඳ මනුස්සයෙක් ඒ මුළු ගමටම නැහැ.


අපි හැමෝම කුණු හරුප දන්නවා.ඒ උනත් දැන ගත්ත පමණින් කට ඇරල කුණුහරුපයක් කියන්න ධෛර්ය හැමෝටම පිහිටන්නෑ. ඒ ධෛර්ය තියෙන්නේ කුඩා දරුවන්ට සහ වැඩියෙන්ම තරහ ගියපු නහර කාරයන්ටත් හොඳටම බීපු මිනිස්සු සමහරුන්ට ඇතුලු තවත් කිහිපදෙනෙකුට විතරයි.


අපි කොයි තරම් කුකුල් කේන්තියකින් හිටියත් කටක් ඇරල කුණුහරුප කියල බයින්නබැරි අවස්ථාවක දි රටේ බලාධිකාරියේ ලොකු පුරුකකට කුණුහරුප කියල බයින කෙනෙක් වීරයෙක් වෙන එක සහ එහෙම බැනපු එක ගැන හිත යටින් සතුටු වෙන එක කොයි තරම් හරිද වැරදිද කියන්න මට දැනුමක් නැහැ.

ලස්සනම කතාව මේකයි , දවසක් මම පත්තරේක “සිරියහනේ නැහැ සහනේ “ බලද්දි දැක්ක රෑට රෑට කෙරෙන සුන්දර ගනුදෙනුවෙදි කුණුහරුප කියන තමන්ගේ ස්වාමියා හිතට වදයක් වෙච්චි බිරිදක් ගැන. එහෙම බැලුවම කුණුහරුප කියන්නේ ආදරය වැඩි කමට කියන දෙයක් දෝ කියලත් සාධාරණ සැකයක් මතු වෙනව නේද ? 



19 ප්‍රතිචාර:

sithum sayura said...

කිතියට කුනුහරප කියන එකෙක් අපේ ගමෙත් ඉන්නව,
කුනුහරප කියන එකෙන් මිනිහට උන එකම දේ කිති කවන අය වැඩි වෙන එක :)

ෂැගියා said...

අපේ ගමේ හිටියා නොනයි ආච්චි කියලා ආච්චි කෙනෙක් එයාටත් ඔය වගේම කිති සහ කුණුහරුප ප්‍රතිචාරත් එලෙසමයි

නාඩියා නාඩිරත්න said...

අනේ මන්දා ඉතිං ඕවා කියවෙන්නේ ආදරේටද මන්දා

සී.ජේ. විදානේ. said...

කුණුහරුප කියන මිනිස්සුත් නරකම නෑ නේ..

ජ ය වේ වා !!!

සිහින සිත්තම් said...

බීගෙන යද්දී කියවන ඒවා අහද්දී පොඩි ලල් එකක් තියනව මොක උනත්

Raj said...

අපේ ඔෆිස් එකේ ඉන්න සිකුරිටි උන්නැහේකුයි ඩැයිවර් උන්නැහේ කුටත් ඔය කිති කුනුහරුප රෝගය අම්බානක තියෙනවා..

Mahesh Rathnayaka said...

සිරි යහනේ නැහැ සයනේ...
ඒ මොන මක්කද්ද ඒ...
කියාපං කො අක්ක මොකද්දෑ ඒ පත්තරේ කියල...

බස්සි (Yash) said...

//සිරි යහනේ නැහැ සයනේ// කියල පත්තරයක් ගැන මමත් අහල නෑනේ...

sanjeewa mendis said...

#%^&())*^$&&**%$#$
මගේ කමෙන්ටුව තේරෙනවා නේද?

ඉවාන් පවුලූශා said...

කිති තියෙන අයට නම ඔය විහිලුව කරන එක ආයේ අනික් යට තියෙන ලොකුම විනෝදාංශය

Kenji @ මැලේ said...

උයා මා ගැන ද ලිව්වෙ අනී ....

ඉන්දික උපශාන්ත said...

අපේ මිතුරෙකුත් උන්න තිලක් කියල. ඌටත්, "තිලා මොනාද බං දවල්ට කෑවෙ" කියල ඇන්න ගමන්, හුඃඤ කියල තමයි වටපිට බලන්නෙ. දැන් ඔය මඩකලපුවෙ තඩි කඩයක් දාන් උන්නු වහන්සෙටත් එහෙම ඇඟිල්ලෙ නල ගත්තු ආතල් එකක්නෙ අපි දකින්නෙ. ඒ නිසා වැඩිය වොරි වෙන්ට නාකයි.

මේ පෝස්ට් එකත් අර මාලු මුදලාලිල ඉන්න තැනට තනියම ගිය ගෑණු කෙනෙක් වගේ!

෴සොඳුරු සිත෴ said...

ඉන්දික උපෂාන්ත
ඒ කියන්නේ මෝ පොස්ට් එක කුණුහරුප අහන්න කැමැත්තෙන් ලියුවුනු එකක් කිය ලද

Happy ගේ ලෝකය said...

මේ කෙටි සටහනෙන් විවරණය කරන්නට ගිය දේ තව පොඩ්ඩක් පැහැදිලි වෙනවා මේ පෝස්ටුව තව ටිකක් විස්තර ඇතුව ලිව්වා නම්...සොඳුරු කම්මැලි නැතුව ලියන්නකෝ...

ඉන්දික උපශාන්ත said...

සොසී, මම අදහස් කලේ ඊට එහා ගිය දෙයක්. මතුපිටින් එහෙම තමයි!

නෝටි | Naughty said...

අනේ මංදා... අපේ එක්කත් ඉන්නවා සුපිරියටම කිති තියන දෙතුන් දෙනෙක්...
මොනවා උනත් කුණු හරුප කියන්නේ අනවශ්‍ය දෙයක් කියලයි මගේ නම් හැගීම.. කුණුහරුප කියලා කෙනෙක්ට බනිනවට වඩා ශිෂ්ඨ වචනෙන් කෙනෙක්ට දැනෙන්න කතා කරන්න පුළුවන්...

අටම්පහුර said...

කුණු හරපවලින් කොච්චර වැඩ ගත්තහැකිද.හොද වචන දාහක නැ ඒ බර

ඩ්‍රැකී said...

අපේ එකෙක් හිටියා, උෟට ඇඟිල්ලෙං ඇන්නහම ‍ඕනෙ ප්‍රශ්නෙකට උත්තර දෙනවා.

"උදේට කෑවෙ මොනවද?"
"නෝනා දෑවැද්දට ගෙනාවෙ මොකද්ද?"
"ගෙදර ඉන්නකොට මොනවද කරන්නෙ?"

වගේ දේවල් අහලා ඇඟිල්ලෙන් ඇන්නහම අරූ ඇත්තම ඇත්ත උත්තර දෙන්නෙ.

සමහර වෙලාවට ගොඩක් ඈත ඉඳලා උනත් ඇඟිල්ලෙන් අනිනවා වගේ ක‍ළත් ඇති.

dreams said...

kiyalath bari nokiyath bari kunuharupa.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...