..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, September 26, 2014

෴ හීන හොරා ෴

හීන හොරා








ස්කෝල කාලේ වගේම තාමත් ස්කෝල යන නිසා ඒ පැය හයේ 


මහන්සියත් ගමනට යන පැය දෙකාමාරක තුනක මහන්සියත් 



එකතු වුනාම දෙයියනේ කියල ඇඳට වැටුන ගමන් නින්ද යන මට 



,ඇහැපිය වෙච්චි ගමන් හීන පේන්න ගන්නවා. ඊයෙත් ඒ වගේ එක 



පෙළට පෙනුන එකිනෙකට සම්බන්ධ නැති නමුත් අසම්බන්ධිතත් 


නැති හීන අතරේ කවුදෝ කෙනෛක් එහාට මෙහාට ඇවිද්දා. 

සමහර වෙලාවට හීනෙ ඉස්සරහටම ඇවිත් අත් පිටිපස්සට බැදන් 

මා දිහා බලා ඉන්න හදනව , සමහර වෙලාවට හීන දිගේ අඩි 

තිය තිය එහාට මෙහාට ඇවිදිනවා. හරියට පොඩි ළමයෙක් 

තමන්ගේ අම්මගේ හිත තමා දිගාට යොමු කර ගන්න හදනවා 

වගේ. ඒ කවුද කියලා මට හරියටම නිච්චි නැතත් නිච්චි 

නැත්තෙමත් නැහැ....කොහොම හරි මගෙ හැම හීනෙකම වගේ 

ඇවිද ඇවිද බට්ටෝ පැන පැන හිටි එයා උදේ මම අවදිවෙද්දි 

දැක්ක අන්තිම හීනෙ උඩට ත් වෙලා මගෙ අවධානය ගන්න බැරිව 

ලතැවි ලතැවි හිටියා....ඒ කොහොම වුනත් පාන්දර අවදි වෙද්දිමට 


මතක තිබ්බ එකම දේ තමා ඒ හීන හොරා රෝස පාටකමිසයකුත් 

කළු පාට කැත කලිසමකුත් ඇදන් මගෙ හීනෙන් හීනෙට පැනපැන 

හිටි බව.මම දකින ගොඩාක් හීන හරියට මතු සම්බන්ධ කතා 

ඊලග දවස් වලත් සමහර වෙලාවට දකිනව කියල මට හිතෙනවා. 

අම්මප හැබැයි අද රෑට ත් උඹ මගෙ හීන වල රස්තියාදු ගහන්න 

ආවොත් නම් හීනේනම මම උඹව මරනවා.............

13 comments:

  1. දවල් නෙමෙයි නේ දැක්කේ... ෂුවර්නේ..

    ReplyDelete
  2. හීන හොරාගේ ඇඳුම් වල විස්තරේ අනුව ඔයාගේ පහුගිය ජීවිතේ පස්සෙන් ආව කෙනෙක් වෙන්නැති............!

    ReplyDelete
  3. ඒත් කෝමද මං හිත හදාගෙන අර කැත කලසං කාරයා මරන්නේ.. හීනේ දකිද්දි මගේ හිත වෙනස් වේවි..

    ReplyDelete
  4. නාකි මිහරකා පිලිකුල් සහගත වදනින් අන්අය අපහසුතාවයට පත් කරනවිට නිදිවැදි උන් ගූතලන් එක් අසැබි වදනක්වත් නොමැතිව ඇනෝවරුන් ඒ හිවලා විවේචනය කරනාවිට මත වාරනය කරන්නේ මන්ද

    ReplyDelete
  5. හප්පොච්චියේ පරිස්සමින්..
    අන්තිමට හීනෙන් හිරෙත් ඉන්න වෙයි.. :)

    ReplyDelete
  6. හීනෙ නොබලා උන්න නම් ඉවරයිනේ...

    ReplyDelete
  7. ඇයි බං එහෙම හිතක් පපුවක් නැතුව වගෙ වැඩ කරන්නෙ? ඒ අහිංසකය ඔහෙ බරට අඩි තිය තිය හීනෙං හීනෙට සක්මන් කර කර ඉඳීවි. මොකෝ උඹ වඩාගෙන ඉන්නවය ආය? ඔන්න ඔහෙ ඉන්න දීපං.....

    ReplyDelete
  8. හරි අහිංසක හීනයක් නේද...?

    ReplyDelete
  9. පාර වැරදිච්ච පොරක්ද දන්නේ නෑ..

    ReplyDelete
  10. හීනෙ මුලක් තිබුනෙ නැද්ද :)

    ReplyDelete
  11. සිහිනය මිය නොයේවා!!!

    ජ ය ෙව් වා !!!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...